News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

කුලී රථයේ ඉපදුන බබාට ලැබුන අපූරු තෑග්ග.

5430 Views


කුලී රථයේ ඉපදුන බබාට ලැබුන අපූරු තෑග්ග.

ඊශ්වරි කුලී රථයට ගොඩ වූනේ රෝහලට යාමට. ඒ ඇයට ආපු ප්‍රසව වේදනාව නිසා ඉක්මනින්ම රෝහලට යන්න වෙන ක්‍රමයක් තිබ්බේ නැති නිසා. එත් ප්‍රසව වේදනාව ඇයට දරාගන්න බැරි වුනා. ඒ නිසාම ඊශ්වරිට කුලී රථය තුළම දරුවා බිහි කිරීමට සිදු වුනා. ඊශ්වරිට මේ විදිහට ලැබුනේ පිරිමි දරුවෙක්. කුලී රථය ඇතුලෙම ඊශ්වරිට දරුවා ලැබුනත් බබාටයි, අම්මටයි කිසි කරදරයක් වුනේ නැහැ. එහෙම දරුවා ලැබිලා තවත් කිලෝමීටර 5ක් පමණ දුරක් රෝහලට යන්න කුලී රථයේ රියදුරා කටයුතු කරා.

මේ සිද්ධිය වාර්තා වෙන්නේ අසල්වැසි ඉන්දියාවෙන්. කතා නායිකාවගේ නම ඊශ්වරි සිං, වයස අවුරුදු 21 ක්. ඊශ්වරි රෝහලට යාමට තෝරාගෙන තිබුනේ ඉන්දියාවේ ප්‍රමුඛ කුලී රථ සමාගමක් වන “ඕලා” ( Ola) කුලී රථ සේවය.

මේ සිද්ධිය ගැන ඊශ්වරිගේ සැමියා එරට මාධ්‍යට කියලා තබුනේ මේ වගේ කතාවක්.

” බිරිඳට බබා ලැබෙන්න දින දීල තිබුනේ ඔක්තෝබර් 24 දා, ඒත් සති තුනක් තියෙද්දී ගිය 2වෙනිදා ප්‍රසව වේදනාව නිසා රෝහල් ගත කිරීමට කුලී රථයක් ගෙන්වාගත්තා, රෝහලට යන්නට පැය 5 කට වැඩිය යන්න ඕන. බිරිද, අම්මයි මල්ලියි එක්ක කැබ් එකේ යවලා මම මෝටර් සයිකලෙන් පිටිපස්සෙන් ආවා.
බිරිඳගේ තත්ත්වේ නිසා රියදුරු මහත්මයා බොහොම කල්පනාවෙන් වාහනේ පැදෙව්වේ. ඒ අතරේ අපි නොහිතපු විදිහට අතර මග දරුවා බිහිවූනා.”

“ඕලා” ( Ola) කුලී රථ සේවයට අයත් මෙම රථය තුළම දරුවා බිහිකිරීම නිසා ඒම කුලී රථ සමාගමෙන් අවුරුදු 5ක් යනකන් අම්මටයි, පුතාටයි අවශ්‍ය සියළු ගමන් පහසුකම් නොමිලේ ලබා දෙන බව කියලා තියෙනවා.

ඒ ගැන “ඕලා” කුලීරථ සමාගම Twitter පණිවුඩයක් නිකුත් කරලා තිබුනේ මෙහෙමයි…

https://twitter.com/Olacabs/status/915909834607706112


News Articles
Latest Videos
Most Popular Post