News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

දිමුත්ගේ පිත්තෙන් තියපු, කිසිම දවසක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට බිඳහෙලන්න බැරි වාර්තාව මෙන්න.

9831 Views


දිමුත්ගේ පිත්තෙන් තියපු, කිසිම දවසක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට බිඳහෙලන්න බැරි වාර්තාව මෙන්න.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන ටෙස්ට් තරඟයේ දෙවෙනි දවසත් ලංකාවට වැඩි ගෞරව සහිතව අවසන් වුනා. දෙවෙනි දවසේ තරඟය සදහා ලංකාව පිටියට අාවේ කඩුලු 3 ක් දැවී ලකුණු 254 ක් අතැතිව.

දෙවෙනි දවසේ පළවෙනි කඩුල්ල විදියට නායක චන්දිමාල් ලකුණු 62 ක දැවී ගියා. ඊට පස්සෙ පිටියේ එක් වුන දිමුත් සහ දික්වැල්ල ලකුණු 88 ක වේගවත් සබඳතාවක් ගොඩනැඟුවා. පාකිස්තාන පිතිකරුවන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරපු දික්වැල්ල වේගවත් ලකුණු 52ක් රැස් කරා එ් පන්දු 53 කදී. එතනින් එහාට ටෙස්ට් තරඟයක් වෙනුවට සීමිත පන්දුවාර තරඟයක් තමයි බලා ගන්න පුළුවන් වුනේ. ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය වුන දිමුත් ද්විත්ව ශතකය පෙනි පෙනී අවාසනාවන්ත විදියට දැවී ගියා. එ් ලකුණු 196 කට. ඔහුගේ අති විශිෂ්ඨ ඉනිමට 4 පහර 19 ක් සහ 6 පහරක් අැතුලත් වුනා. වාර්තා රැසකුත් එක්ක දැවී ගිය දිමුත්ගේ ඉනිම ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දැනුනෙ තරඟය පරාජය වුනා වගේ කිව්වොත් වැරදි නෑ. කොහොම වුනත් දිමුත් කිසිම දවසක කඩන්න බැරි වාර්තාවක් තිබ්බා. ඒ තමයි දිවා රාත්‍රී ටෙස්ට් තරඟයකදී ශතකයක් රැස් කල පළවෙනි ශ්‍රී ලාංකික ටෙස්ට් පිතිකරුවා විදියට. නැවත වේගවත් ඉනිමක් දියත් කරපු දිල්රුවන් ලකුණු 58 ක් ලබා ගත්තා. හේරත් නොදැවී ලකුණු 27 යි.

ශ්‍රී ලංකාවේ කඩුලු 6 ක් දවා ගන්න යසීර් ෂා සමත්වුනා. එ් වුනත් ඔහුගෙන් ලකුණු 184 ක්ම උදුර ගන්න ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්වුනා. මොහොමඩ් අබ්බාස් කඩුලු 2 යි. සියලු දෙනාම දැවී ලකුණු 482 ක් ලබා ගත්තා. දැවැන්ත ලකුණු පුවරුවක් හඹා යන්න පිටියට අාපු පාකිස්තාන අාරම්භක පිතිකරුවන් දවස අවසන් වෙද්දි කිසිවෙක් නොදැවී ලකුණු 51 ක් ලබා ගත්තා. පාකිස්තානය මේ වෙද්දි කඩුලු 10 ක් අතැතිව ලකුණු 431 ක් පිටිපස්සෙන් ඉන්නෙ. අද ලංකාවේ පන්දු යවන්නන් හරි තැනට පන්දුව දා ගත්තොත් මේ තරඟයේ ජයග්‍රහණයත් වැඩි අෑතක නෙවෙයි.


News Articles
Latest Videos
Most Popular Post