News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

කට වගේම වැඩ ඇති බව දික්වැල්ල පෙන්නයි.

5110 Views


කට වගේම වැඩ ඇති බව දික්වැල්ල පෙන්නයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන එක්දින තරඟය මේ වෙද්දි පැවැත්වෙනවා. මේ තරඟාවලියේ කැපී පෙනෙන චරිතයක් තමයි නිරෝෂන් දික්වැල්ල. එ්කට ප්‍රධාන හේතුවක් තමයි කඩුල්ල පිටිපස්සෙ ඉදන් ඔහු කණ්ඩායම දිරි ගන්වන විදිය.

“කමෝන් බෝයිස් කමෝන්, එතනටම දාන්න, රංගයියේ නියමායි, එන්න ළමයි තව එකක් ගමු ” දික්වැල්ල කඩුලු රකිනවා නම් මේ වචන ටික අනිවාර්යෙන් අහන්න පුලුවන්. බෝලෙන් බෝලෙට කෑ ගහල කණ්ඩායම ෆෝම් කරන්න දික්වැල්ල පුදුම උත්සහයක් ගන්නෙ. එ් වුනාට සමහරු කිව්වෙ දික්වැල්ලගෙ කට විතරයි කියල. එ් වුනාට අද දික්වැල්ල එ්කට පිත්තෙන්ම උත්තර දුන්නා. එ් පන්දු 53 කදී ලකුණු 52 ක් ලබා ගෙන. එ්කට හතරේ පහර 5 ක් අැතුලත්.


News Articles
Latest Videos
Most Popular Post