News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

අද ඔබේ දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1743 Views


අද ඔබේ දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 08 ඉරිදා

රාහු කාලය: පෙ.ව 04.28 සිට 05.59

සුභ දිශාව: දකුණ

මරු සිටින දිශාව: උතුර

 

මේෂ ලග්නය

ඔබට යහපත් ගතියක් මතු වුවත් ඉක්මන් ගමන් බිමන් වැඩ අධික වීම් ඇති වෙනවා. ඒ වගේම උත්සව අවස්ථාවක් හෝ රසවත් ආහාර පාන ලැබෙන ගමන් බිමන් ලැබෙන ඒ වගේම තමන්ගේ ඥාතීන් අතර එකමුතුව කරන වැඩ කටයුතු කීපයක් කර ගැනීමටද අද දිනයේ අවකාශ ලැබෙනවා. අලුත් අලුත් අය ඔබට මුණ ගැහීම තුලින් නව අදහස් හුවමාරු කර ගැනීමට හැකියාවක් තියෙනවා.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 02

 

වෘෂභ ලග්නය

මිශ්‍ර ඵලදායක බවක් පෙන්නුම් කරන අතර දවස මැදදී තරමක් අවිවේකි ගතියක් මතු වීම නිසා අන්‍යන්ගේ ගැටළු මත ඔබට ක්‍රියා කරන්නට සිදු වෙනවා. විශේෂයෙන් කතාවෙන් කරන ක්‍රියාවෙන් තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි. බාහිර ප්‍රශ්න තමා පිට පැටවෙන දිනයක්. ඒවගේම යන්ත්‍ර සුත්‍ර මිලදී ගැනීමට ඉංජිනේරු අංශ වල වැඩ කරන්නන්ට අද දිනය තුලදී ලැබීම අතින් යහපත් වෙනවා. ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පීන්ට අද දිනය තුලදී ලැබීම ඇතිවන දිනයක්. ඒ වගේම අලුත් අදහස් ඔබට ගලාගෙන එන ගතියක් තියෙනවා. ඒ වගේම නව නිර්මාණ කාව්‍ය නිර්මාණ ආදියට සුභදායක දිනයක්. විනෝදයෙන් කෙළිදෙලෙන් හවස් යාමය ගෙවේවි.

ජය වර්ණය: දම් පැහැය                 ජය අංකය: 03

 

මිථුන ලග්නය

අලුත් අදහස් ඇතිවන අතර ගෙදරදොර වාසනාවන්ත ගතියක් ඇති වෙනවා. දරුවන්ගේ හොද නරක තුලින් දරුවන්ගේ කැපී පෙනීම තුලින් ඔබට යහපතක් උදා වෙන අතර ඔවුන්ගෙන් සතුටක් ලැබේවි. දරුවෙකුගේ අධ්‍යාපනය හෝ හැකියාව හෝ මංගල කටයුත්තක් සාර්ථක වෙනවා. නීති ප්‍රශ්න නඩු හබ ඇති අය අද ජයග්‍රහණ කරනවා. ආරක්ෂක සේවාවන් වල නියුතු වන්නන්ට යහපත්.

ජය වර්ණය: රෝස පැහැය             ජය අංකය: 02

කටක ලග්නය

දරුවෙකුගේ කටයුත්තක් ප්‍රශ්නයක් ගැටළුවක් මතු වීමට ඉඩ තිබෙනවා. දරුවෙකු වෙනුවෙන් අධ්‍යාපන ස්ථාන සොයන්නන්ට සුළු සුළු ප්‍රශ්න මතු වේවි. ඒ වගේම දුර බැහැර ගමනක් හෝ නව ව්‍යාපාර ආදියට සිත යොමු කරන දිනයක්.  අලුත් අදහස් අලුත් නිර්මාණ වලට එවැනි දෙයින් ජය ගත හැකියි. හිතවතුන් මැද සතුටින් කාලය ගෙවීමට සවස් යාමය තෝරා ගන්න.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                ජය අංකය: 02

 

සිංහ ලග්නය

දුර බැහැර ගමන් බිමන් වැඩි වෙන අතර ගෙදරදොර සාමය සතුට වර්ධනය කර ගැනීමක් තියෙනවා. විශේෂයෙන් පවුලේ මතු දියුණුව සදහා කෙරෙන කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. ආගමික වතාවත් ආගමික නැඹුරුවක් අලුත් අදහසකින් යුතුව එවැනි කටයුතු කර ගැනීමට හැකියාවක් පවතිනවා. නව නිර්මාණ නව ව්‍යාපාරයකට දායක වීමට අද දිනයේ සුභ දායකයි. කතාවෙන් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 05

 

 

කන්‍යා ලග්නය

සුභ අසුභ දෙකම අද දිනයේ ලබා ගැනීමට හැකියාව තියෙනවා. ලැබීම අතින් යහපත්. බුද්ධිය මෙහෙයවා කරන කටයුතු සුභදායක වන අතර ඔබට ගමන් බිමන් වැඩි වේවි. දුර බැහැර ගමන් වන්දනා ගමන් යන්නේ නම් ප්‍රවේසම් විය යුතුයි. ජල පිඩා වර්ෂාවෙන් තෙමීම නිසා රෝගාබාධ ඇතිවිය හැකියි. හදිසි අනතුරු ඇතිවිය හැකියි.

ජය වර්ණය: කහ පැහැය                 ජය අංකය: 05

 

තුලා ලග්නය

බොහෝ විට දවස පුරාම සතුටු සිතින් සෑම දෙයක්ම කල හැකි වුනත් දවස අවසානයේදී තරමක් දුරට ගැටළු ඇති වීමට ඉඩ තියෙනවා. බොහෝ විට උදෑසන කාලයේ හිතවතුන් මැද සතුටු සාමිචියේ යෙදීමද රසවත් ආහාරපාන භුක්ති විදීමද පිටරට සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමටද හැකියාවක් පවතිනවා. ඒ වගේම ඔබ ලග සිටින කෙනෙක්ගෙන් ඔබට තර්ජනාත්මක ගතියක් හෝ යටි කුට්ටු වැඩක් කිරීමට පෙළඹෙන බැවින් ඔබ තරමක් දුරට කල්පනාකාරී විය යුතුයි. තමන්ගේ බඩු භාණ්ඩ අස්ථාන ගත වීම් පාඩු හානිද ඒ තුලින් දැකිය හැකියි. එබැවින් අද දිනය තුලදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ තමන් ලගට එන හිතවතුන්ගෙන්.

ජය වර්ණය: රෝස පැහැය                         ජය අංකය: 06

 

වෘශ්චික ලග්නය

 

අද දිනය තරමක් දුරට සැලකිලිමත් විය යුතුයි. ඔබගේ ලැබීම අතින් තරමක් පාඩු හානි සිදුවීම තුළිනුයි. ව්‍යාපාරිකයෙක් නම් ඔබ අද වඩාත් සැලකිලිමත් විය යුතුයි. පාඩු හානි සිත් තැවුල් මතු වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම කලක් කරගෙන ගිය ව්‍යාපාර වෙනස් කිරීමට හෝ බාධාවන ඇති වීමට නීති ප්‍රශ්න ඇති වීමට ඉඩ තිබෙන නිසා එවැනි දෙකින් සැලකිලිමත් වන්න. ඔබට දරුවන් වෙනුවෙන් කාලය මිඩංගු කිරීමක් කල නොහැකි නිසා ඔවුන්ගෙන්ද ගැටළු සහගත බවක් ඇති වෙනවා. පවුලේ දියුණුව වෙනුවෙන් තරමක් තැතිගැන්මකට ඉඩ තිබෙන දිනයක්.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 09

 

ධනු ලග්නය

අලුත් අදහස් අලුත් බලාපොරොත්තු සඵල වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම විදේශගත වීමකට හෝ විභාග ආදියට යොමු වීමට ඔබට අද දිනය තුල සුභදායක යි. නමුත් ඔබ කරගෙන ආ වැඩ කටයුතු වල යම් යම් බාධා නිසා අසහනකාරී හැගීම් ඇතිවිය හැකියි. ඥාතීන් අතර ගැටළු ඇති වේවි. අලුතෙන් යමක් මිලදී ගන්න දුර බැහැර ගමන් යන්න අද දිනය සුභදායක නැ.

ජය වර්ණය: තද කහ පැහැය                      ජය අංකය: 06

 

මකර ලග්නය

ඔබට යම් යම් දේ පාඩු හානි වීමටත් ඉඩ තිබෙනවා. කලක් කරගෙන ගිය වැඩ කටයුතු වෙනස් කිරීමක් හෝ සතුරු කරදරයක් සතුරු පිඩාවක් නිසා කලකිරීමක් මතු විය හැකියි. දරුවෙකු වෙනුවෙන් වෙහෙසීමක් හෝ දරුවන්ගේ කටයුතු සාර්ථකව කර ගැනීමේ අභිලාශයක් ඇත්නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ව්‍යාපාරිකයින්ට හෝ වාහන විකිණීම් ගනුදෙනු වැනි දේවල් කරන්නන්ට තරමක් යහපත්. අලුතෙන් වාහනයක් මිලදී ගැනීමක් හෝ ගෙයක් දොරක් මිලදී ගැනීමට ඔබ සිතා සිටියේ නම් අද ඒ ගැන කතා කිරීමට සුභදායකයි.

ජය වර්ණය: රතු පැහැය               ජය අංකය: 05

 

කුම්භ ලග්නය

බොහෝ විට සාමකාමී වාතාවරණයක් තුලින් ඔබට අද ජයග්‍රාහී ගතියක් ඇති වෙනවා. ඒ වගේම හදිසි ධන ලාභ ලැබීමක් ඇති අතර ඥාතියෙකුගේ දුක් ගැනවිල්ලකට සවන් දීමක් හෝ ඔවුන්ගේ දුකට සැපට සහතික වීමට අද දිනය තුලදී හැකියාවක් තියෙනවා. පියපස ඥාතිවරයෙකුගෙන් ලැබීම ඇතිවන අතර උරුම හිමිකම් දේපල සම්බන්ධව කතා කිරීමට සුභදායක දිනයක්. වැඩක් පටන් ගැනීමක් හෝ නව ව්‍යාපාරයක් ආරම්භයට සුදුසු දිනයක්.

ජය වර්ණය: තද කහ පැහැය                      ජය අංකය: 05

මීන ලග්නය

අලුත් අලුත් අය ගෙදරට පැමිණේවි. හිතවතුන් මැද සතුටින් සිටිය හැකියි. ඔබට මංගල යෝග උදා වෙනවා. මංගල කාරනා වලට සුභදායක දිනයක්. ඒ වගේම දුර බැහැර ගමන් බිමන් බිමන් උත්සව අවස්ථා වලට සහභාගී වීමට හෝ හිතවතුන් මැද කෙළිදෙලෙන් ගත කිරීමට අද සවස් කාලයේ හැකියාවක් ලැබෙනවා.

ජය වර්ණය: රන්වන් කහ පැහැය                             ජය අංකය: 05

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ

දුරකථන අංකය: 011 2 50 93 86

 

 

 


News Articles
Latest Videos
Most Popular Post