News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

“ICC යට සාක්ෂි දෙන්න මම ඩුබායි ගියේ නෑ. තාම ඉන්නේ ලංකාවේ.” – සනත් කියයි.

1478 Views


“ICC යට සාක්ෂි දෙන්න මම ඩුබායි ගියේ නෑ. තාම ඉන්නේ ලංකාවේ.” – සනත් කියයි.

පහුගිය දවස්වල ලංකාවේ ක්‍රිකට් දූෂණ ගැන හොයන්න ICC යේ දූෂණ විරෝධී එකකය ලංකාවට අාවා. ඔවුන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන්, හිටපු ක්‍රීඩකයන්ගෙන් වගේම ක්‍රිකට් නිලධාරීන්ගෙනුත් ප්‍රශ්න කරලා තිබ්බා.

හිටපු තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කරපු ප්‍රකාශයක් නිසා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියටත් එ් ගැන තොරතුරු විමසන්න ඔහුව කැඳවලා තිබ්බා කියල මාධ්‍ය වාර්තා පළවුනා. සනත්, තමන්ගේ නීතිඥයා එක්ක ඩුබායි වල පිහිටි ICC යට ගිහින් කියලා තමයි මාධ්‍ය වාර්තා කරලා තිබ්බේ. එ් වුනත් එ්ක බොරුවක් කියලා සනත් ජයසූරිය කියනවා. ” මට එහෙම කැඳවීමක් ලැබුනේ නෑ. මම ලංකාවේ ඉන්නේ. මේ පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි. තාමත් මට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී එ්කකයෙන් එහෙම කවුරුවත් කතා කළේ නෑ” සනත් කිව්වේ එහෙමයි.

එ් වගේම මේ ගැන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කිව්වෙ ඔහුත් මේ ගැන කිසිවක් දන්නෙ නෑ කියලයි. ” මාත් දැක්කා වෙබ් අඩවි වල වාර්තා වෙනවා සනත්ට කැඳවීමක් ලැබිලා තියෙනවා. මම සඳහන් කල තොරතුරු වලට අදාල විමර්ශනයට කියලා තමයි එ්වගේ සඳහන් වෙලා තිබ්බේ. මට හිතෙන විදියට නම් මේ යන්නෙ ඔවුන් කරගෙන යන විමර්ශන වල අවසන් අදියර. මම දන්නෙ නෑ සනත්ට එන්න කිව්වද නැද්ද කියලා. හැබැයි දැන් හැමෝම මේක ගැන අවධානයෙන් ඉන්නවා. එ් නිසා කවුරුවත් පොඩිවත් වැරැද්දක් කරන එකක් නෑ.” කියලා තමයි ප්‍රමෝද්‍ය කිව්වෙ.

අසත්‍ය මාධ්‍ය වාර්තා නිසා තමයි මේ පුවතට ඉක්මනටම තටු ලැබුනෙ. කොහොම වුනත් අැත්ත ඉක්මනට දැන ගන්න ඕන නම් සියත 24 එක්කම ඉන්න.


News Articles
Latest Videos
Most Popular Post