News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

සොහයිල්ගේ සුපිරි ඕවරයෙන් ලංකාවේ දෙවෙනි ඉනිම කෙටි වෙයි.

2371 Views


සොහයිල්ගේ සුපිරි ඕවරයෙන් ලංකාවේ දෙවෙනි ඉනිම කෙටි වෙයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස අද. අද තරඟය පටන් ගනිද්දි ලංකාව දෙවෙනි ඉනිමට කඩුලු 5 ක් දැවී ලකුණු 34 ක් ලබා ගෙන හිටියා.

හැබැයි ලංකාවේ ඉතිරි කඩුලු 5 ත් ලකුණු 62 ක් තුලදී දවා ගන්න පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වුනා. කොහොම වුනත් ලංකාවේ ක්‍රීඩකයින් වේගවත් ලකුණු ලබා ගැනීමක නිරත වුනේ ටෙස්ට් තරඟයක් කියල අමතක වෙලාද කියලත් හිතෙනවා. දික්වැල්ල වේගවත් ලකුණු 21 ක් ලබා ගත්තෙ 4 පහර 4 ක් එක්ක. හේරත් ලකුණු 17 යි. ලංකාවේ දෙවෙනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුන කුසල් මෙන්ඩිස් ලකුණු 29 යි.

ලංකාවේ දෙවෙනි ඉනිම සුනු විසුනු කරපු වහබ් රියාස් කඩුලු 4 ක් ලබා ගත්තා. තමන් යවපු එකම පන්දු වාරයේම එක ලකුණක් විතරක් ලබා දීලා කඩුලු 3 ක් දවා ගන්න සොහායිල් සමත් වුනා. යසීර් ෂා කඩුලු 2 යි. කොහොම වුනත් ලකුණු 220 ක මුල් ඉනිමේ වාසියත් එක්ක ලකුණු 316 ක ඉලක්කයක් දෙන්න ලංකාවට පුළුවන් වුනා.

තණතිල්ල එන්න එන්නම පන්දු යවන්නන්ට වාසි වෙන බවක් තමයි පේන්න තියෙන්නෙ. කොහොම වුනත් පළමු තරඟයේ දක්වපු දස්කම් මේ තරඟයේදීත් ලංකාවේ පන්දු යවන්නන් පෙන්නුවොත් මේ තරඟයේ ජයග්‍රහණයත් ලබා ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post