පද්මාවතී කියන්නේ සංජේ ලීලා භන්සාලි අධ්‍යක්ෂණය කළ, ඉදිරියේ තිරගත වීමට නියමිත අලුත්ම හින්දි Film එකක්. මෙය බන්සාලි සහ Viacom 18 Motion Pictures ආයතනයේ හවුල් නිෂ්පාදනයක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන රාණි පද්මිණීගේ චරිතය නිරූපණය කරන්නේ දීපිකා පදූකෝන්. ඒ වගේම රන්වීර් සිං, ෂහිඩ් කපූර්, සහ ආදිති රාඕ රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය මුලින්ම Release කරන්න නියමිත වෙලා තිබුණේ 2017 නොවැම්බර් 17 දින. එත්, රාජස්ථානයේ විරෝධතා හේතුවෙන් රූගත කිරීම් සඳහා බලපෑම් එල්ල වුනා. අලුත්ම ආරංචියේ විදිහට 2017 දෙසැම්බර් 1 මේ චිත්‍රපටය Release වෙනවා.
මේ Film එකේ පද්මාවතී කියලා කියන්නේ හින්දු රාජ්පුත් රැජිනක වන රාණි පද්මිණීගේ ජිවිත කතාව යොදාගෙන ප්‍රබන්ධ කළ එකක්. පද්මාවතී කියන්නේ රාජ්පුත් පාලකයා වූ රාණා රාවල් රතන් සිංගේ බිසව. 1303 දී, දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයේ තුර්කි පාලකයා වූ අලා උද්දීන් ඛිල්ජි පාලනය කරපු රාජ්පුතානා නගරයේ චිතුර් බලකොටුව වට ලෑමට ආක්‍රමණයක් මෙහෙය වුවා. පද්මාවතී Film එකෙන් පෙන්නන්නේ මේ කතාව හා සම්බන්ධ ප්‍රබන්ධයක්.
මේ තියෙන්නේ අද Release වුන පද්මාවතී Film Trailer එක. මේ Film Trailer එක අද Release වුන වෙලාවෙත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඔවුන් මේ Film Trailer එක Release කලේ අද දවල් 13:03 ට. ඒ කියන්නේ මේ කතාවට අදාළ වර්ෂය වෙන 1303 කියල රසිකයන්ට දැනුවත් වෙන්න.