ශ්‍රී ලංකාවේ පළවෙනි දිවා රාත්‍රී ටෙස්ට් තරඟය වගේම පාකිස්තානය එක්ක පවත්වන ටෙස්ට් තරඟයේ හතරවෙනි දවස අද. අද දවසේදී දෙපිලේම පන්දු යවන්නන් තරඟය අතට ගත්තා කිව්වොත් වැරුද්දක් නෑ.
වහබ් රියාස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම වගේම සොහායිල්ගේ සුපිරි ඕවරය ලංකාව දෙවෙනි ඉනිම කෙටි කරන්න සමත්වුනා. ලංකාවට දෙවෙනි ඉනිමට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 96 ක් විතරයි. දික්වැල්ල ලකුණු 21 යි. ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වුන කුසල් මෙන්ඩිස් ලකුණු 29 යි. හේරත් ලකුණු 17 යි.
ලංකාවේ ඉනිම විනාශ කරපු වහබ් රියාස් කඩුලු 4 යි. තමන් යවපු එකම පන්දුවාරයේ එක ලකුණකට කඩුලු 3 ක් දවා ගන්ත සොහායිල් ලෝක වාර්තාවක් තියන්න සමත් වුනා. එ් එක පන්දුවාරයක් යවමින් කඩුලු 3 ක් දවා ගත්ත ලෝකයේ පළවෙනි පන්දු යවන්නා විදියට.
ලකුණු 319 ක ඉලක්කයක් හඹා යන පාකිස්තාන කණ්ඩායමෙන් පලිය අරගන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුනා. රාත්‍රී අාහාරයට තරඟය නතර කරද්දී පාකිස්තානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 62 ක් ලබා ගෙන හිටියා. පාකිස්තාන පිතිකරුවන්ට භීතියන් වුන දිල්රුවන් කඩුලු 3 ක් දවා ගත්තා. ප්‍රදීප් සහ ගමගේ එක කඩුල්ල බැගින් ලබා ගත්තා.
මේ වෙද්දී විචාරකයින් බොහොමයක් විශ්වාස කරන්නේ අද දවසේදී තරඟයේ තීරණයක් අනිවාර්යෙන් ලැබේවී කියලා. හැබැයි එ් තීරණය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය කියන එක නම් මේ වෙද්දිත් පැහැදිලි වෙලා ඉවරයි.
මැච් එක Live බලන්න මෙන්න Link එක.