News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

අද ඔබේ සෞඛ්‍යට අහිතකර දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1630 Views


අද ඔබේ සෞඛ්‍යට අහිතකර දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 10 අඟහරුවාදා

රාහු කාලය: ප.ව 03.02 සිට 04.30

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: බස්නාහිර

 

මේෂ ලග්නය

වාග් ශක්තිය ඉහල යනවා. අන් අයත් සමග බොහොම සතුටු ලීලාවෙන් කාලය ගත කිරීමේ හැකියාව පවතිනවා. කරදර යටපත් කර ගන්න වාසනාව පෑදෙනවා. අධ්‍යාපනික කටයුතු වලට වඩා තරගකාරි කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා. වෘත්තිමය කටයුතු පිලිබදව සැලකිලිමත් විය යුතුයි. වෙළද ව්‍යාපාරික කටයුතු වලට නම් ඉතාමත්ම යහපත්. වියදම් පාර්ශවය ඉහල යා හැකියි.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 09

 

වෘෂභ ලග්නය

ඥාන ශක්තිය වර්ධනය කර ගන්න බොහෝ දැනුම වර්ධනය කර ගන්න තමන්ගේ දු දරුවන්ගේ සතුටු සිනා දකින්න අද දවසේ වාසනාව පවතිනවා. මානසික ශක්තිය ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා. ඒ නිසා ඔබගෙන් යම් සේවාවක් ලබා ගන්න කෙනෙක් පැමිණියොත් ඒ කෙනාට ඉතා පහසුවෙන් එය කර ගන්න ලැබෙනවා. අන් අයත් සමග බොහොම මිත්‍ර ලීලාවෙන් කටයුතු කරන්න ඔබ පෙළඹෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 08

 

මිථුන ලග්නය

ඥාන ශක්තිය වර්ධනය කර ගන්න බොහෝ දැනුම වර්ධනය කර ගන්න තමන්ගේ දු දරුවන්ගේ සතුටු සිනා දකින්න අද දවසේ වාසනාව පවතිනවා. මානසික ශක්තිය ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා. ඒ නිසා ඔබගෙන් යම් සේවාවක් ලබා ගන්න කෙනෙක් පැමිණියොත් ඒ කෙනාට ඉතා පහසුවෙන් එය කර ගන්න ලැබෙනවා. අන් අයත් සමග බොහොම මිත්‍ර ලීලාවෙන් කටයුතු කරන්න ඔබ පෙළඹෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 08

කටක ලග්නය

තරමක කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. ධන ශක්තිය ඉහල යනවා. ආයෝජන වලට ඉතාමත්ම යහපත්. සමාජය තුල නමක් දිනා ගැනීමේ ඉඩකඩ පවතිනවා. සෙම් සහිත රෝග වලින් පුංචි පුංචි පිඩා ඇති වෙනවා. මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව ඇතිවිය හැකියි. අන් අයත් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු වලින් වැඩි යහපතක් උදා කරගත හැකියි.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 05

 

සිංහ ලග්නය

ඔබගේ සෞඛ්‍යට යම් අසුභ බලපෑමක් ඇතිවිය හැකියි. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලදී තරමක් කල්පනාකාරී වෙන්න. අසල්වාසීන් සමග මත ගැටුම් ඇතිකර ගන්න එපා. වචන භාවිතා කිරීමෙන් ඔබට බොහෝ දේ දිනා ගත හැකියි. අධ්‍යාපනික කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. අසනීප තිබුනානම් ඒවා නිරෝගී වෙනවා. කෙටි ගමන් බිමන් රැසක් යෙදෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 06

 

 

කන්‍යා ලග්නය

ඔබගේ පෞරුෂය ඉතා යහපත්. නිතිය භාෂාව සම්බන්ධ කටයුතු වලින් යහපතක් උදා වෙනවා. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. සංචාරක කටයුතු වලින් ධන ශක්තිය වර්ධනය වෙනවා. ආදායම් තත්වය ඉහල යනවා. සමාජ ගෞරවය වර්ධනය වෙනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබගේ ගණිත මිණිත දැනුම වර්ධනය වෙනවා.

ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                        ජය අංකය: 09

තුලා ලග්නය

කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත්. ඔබ හිතුමතේට ගන්න තීන්දු තීරණ එතරම් යහපත් ප්‍රථිපල ගෙනත් දෙන්නෙ නැහැ. සෞඛ්‍යට පිඩා ඇති වෙනවා. ඇස ආශ්‍රිත රෝග වලින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් කල්පනාකාරී වෙන්න. රිය ධාවනය වැනි කටයුතු වලින් අනතුරු ඇතිවිය හැකියි. පපුව ආශ්‍රිත රෝග සෙම් සහිත රෝග වලිනුත් පුංචි පුංචි රෝග ඇති වෙනවා. මනසින් කඩා වැටීමේ ස්වභාව ඇති වේවි. ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න.

ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය               ජය අංකය: 08

 

වෘශ්චික ලග්නය

 

අලුත් ආයෝජන වලට ඉතාමත්ම යහපත්. මුල්‍ය පරිපාලන කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ණය මුදලක් ලබා ගැනීම සදහා ඔබ ඉල්ලුම් කරන්න බලාපොරොත්තුවක් තියෙනවානම් එවැනි කටයුතු වලටත් ඉතාමත්ම සුභයි. වැඩිහිටි ඥාතීන්ගේ උදව් උපකාර හිමි වෙනවා. ප්‍රේමනීය සබදතා සාර්ථක වෙනවා. තරමක කළබලකාර ස්වභාවයක් උත්සන්න වුනොත් කරගෙන යන කටයුතු පහසුවෙන් කරගෙන යා හැකි වෙනවා. මනසට යම් පිඩාකාර ස්වභාවයක් විටින් විට ඇති වේවි. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග වගේම හිසේ බර ගතිය පුංචි පුංචි පිඩා ඇති වෙනවා. කල්පනාකාරීව කටයුතු කලොත් වාසනාව උදා කරගත හැකි වෙනවා.

ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                        ජය අංකය: 08

 

ධනු ලග්නය

අන් අයව විස්වාස කරලා කරන කටයුතු වලින් පුංචි පුංචි බාධා ඇති විය හැකියි. යාලු හිතමිත්‍රාදීන්ගෙන් බොහෝ දේවල් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් ඉතා ඉහල මට්ටමක තියෙනවා. ලේකම් ධුර කැෂියර් ධුර වැනි කටයුතු වලින් ධන ශක්තිය වර්ධනය කරගත හැකි වෙනවා. ආමාශගත රෝග තත්ව වගේම සෙම් සහිත රෝග තත්ව වලිනුත් යම් පීඩාකාරී තත්වයක් උදා වේවි. ඔබ කරගෙන යන කටයුතු වලටත් අනවශ්‍ය බාධා ඇති වෙනවා. එළිපිට හා රහසිගත සතුරන්ද ඇති වෙනවා. කල්පනාකාරීව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 09

 

මකර ලග්නය

අධ්‍යාපනික ශක්තිය නම් ඉතාමත්ම උසස් මට්ටමකට පත්කර ගන්න පුළුවන්. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න සිතුවිලි යොමු වෙනවා. ඔබගේ දු දරුවන්ගේ කටයුතු වලටත් කාලය මිඩංගු කරන්න සිදු වෙනවා. වැඩිහිටියන්ගේ ආශ්‍රය නම් ඉතාමත්ම යහපත්. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු බහුල වෙනවා. ඉඩකඩම් ඔප්පු තිරප්පු පිළිබද ගණුදෙනු කතා බහ ඇති වෙනවා. ඒ වගේම ඔබ යමක් විකුණන්න බලාපොරොත්තුවෙන් හිටියානම් ඉතාමත්ම යහපත් විදියට වැඩි වාසි උදා කරගත හැකි වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 08

 

කුම්භ ලග්නය

යාන වාහන මිලදී ගන්න ගෙවල් දොරවල් ඉඩකඩම් මිලදී ගන්න ඉතාමත්ම යහපත්. තමන්ගේ භුමිය අලංකාර කරගන්න ඔබට වාසනාව උදා වෙනවා. අලුත් ඥාන ශක්තින් වර්ධනය වෙනවා.  හැකියාව වර්ධනය වෙනවා. නිවසට ඔබගේ පරිසරයට කළ එළියක් ලැබෙන දවසක්. වෘත්තිමය කටයුතු වලට බාධා ඇති වෙනවා. ඉවසිලිවන්තව කල්පනාකාරීව කටයුතු කරන්න. කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්වඋදා වෙනවා. දණහිස ආශ්‍රිත රෝග ඇති වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 08

මීන ලග්නය

ඔබගේ කටයුතු පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. මානසික ශක්තිය වර්ධනය වෙනවා. ප්‍රේමනීය ශක්තිය වර්ධනය වෙනවා. අන් අය සමග සුහදව කටයුතු කළහැකි වෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග තිබුණානම් එවැනි දේවල් වලින් නිදහස් විය හැකියි. තමන්ගේ විවාහ ජීවිතය ආශ්‍රිතව තිබුනා වූ බාධා යටපත් වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත ගනුදෙනු කිරීම් ඉහලයි. භාෂා භාවිත කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. ඔබට එරෙහිව සතුරු කරදර තිබුනානම් ඒවා යටපත් වෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                       ජය අංකය: 08

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 077 67 19 151

 

 


News Articles
Latest Videos
Most Popular Post