News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

වසර සීයක් ගියත් ගොඩ ගන්න බැහැ කියපු ශ්‍රී ලංකා ක්‍රිකට්, වැලි මිරිකා ජය පැන් බොයි.

6554 Views


වසර සීයක් ගියත් ගොඩ ගන්න බැහැ කියපු ශ්‍රී ලංකා ක්‍රිකට්, වැලි මිරිකා ජය පැන් බොයි.

පරාජයේ රැල්ලෙන් මිදුණු ලංකාව ඵෙතිහාසික ජයක් වාර්තා කරන්න අද සමත් වුනා. එ් ලංකාව සහභාගී වුන පළවෙනි දිවා රාත්‍රී තරඟයත් විශිෂ්ට ලෙස ජයගනිමින්. එ්ත් එක්කම තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ ජයග්‍රහණයත් ලංකාව ලබා ගත්තා. එ් නිකං නෙවෙයි. නෙවෙයි වාර්තා පිට වාර්තා තියලා.

ලංකාව පළවෙනි ඉනිමට ලකුණු 482 ක් රැස් කරා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරපු දිමුත් ලකුණු 196 යි. නායක චන්දිමාල් ලකුණු 62 යි. දික්වැල්ල වේගවත් ලකුණු 51 ක් ලබා ගත්තා. දිල්රුවන් ලකුණු 58 යි. යසීර් ෂා කඩුලු 6 ක් ලබා ගත්තා. මොහොමඩ් අබ්බාස් කඩුලු 2 යි.

ඊට පස්සේ ලකුණු 482 ක ඉලක්කයක් හඹා යන්න පිටියට අාපු පාකිස්තානය ලකුණු 262 කට දවා ගන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුනා. පාකිස්තානයේ වැඩිම ලකුණු ලාභියා වුන අසාර් අලී ලකුණු 59 යි. සොහයිල් ලකුණු 56 යි. සමී අස්ලාම් ලකුණු 39 කට දැවී ගියා. පාකිස්තාන පිතිකරුවන් දඩයම් කරපු දිල්රුවන් සහ හේරත් කඩුලු 3 බැගින් ලබා ගත්තා. නුවන් ප්‍රදීප් සහ ලක්මාල් කඩුලු 2 බැගින් ලබා ගත්තා.

දෙවෙනි ඉනිමට පිටියට අාපු ලංකාව ලකුණු 96 කට සුනු විසුනු කරන්න පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුනා. ලකුණු 29 ක් ලබා ගත්ත කුසල් මෙන්ඩිස් ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වුනා. දික්වැල්ල ලකුණු 21 යි. ලංකාවේ වෙනත් කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 20 සීමාවට එන්න බැරි වුනා. ලංකාවේ පිතිකරුවන්ගේ භීතිකාව වුන වහබ් රියාස් කඩුලු 4 ක් දවා ගත්තා. සුපිරි ඕවරයක් යවපු සොහයිල් යවපු එකම ඕවරයේදී කඩුලු 3 ක් දවා ගන්න සමත්වුනා. ඒක තවත් වාර්තාවක් විදිහට ඉතිහාස ගත වුනා.

කොහොම වුනත් ලංකාවේ පළවෙනි ඉනිමේ වාසියත් එක්ක පාකිස්තානයට දෙවෙනි ඉනිමට ලකුණු 319 ක ඉලක්කයක් ලැබුණා. පාකිස්තානයේ පළවෙනි කඩුලු 5 ලකුණු 52 කදී දවා ගන්න ලංකාව සමත් වුනා. හැබැයි ඊට පස්සේ පිටියේ එක්වුන නායක සර්ෆරාස් අහමඩ් සහ අසාඩ් ෂාෆික් ලකුණු 173 ක විශිෂ්ඨ සබඳතාවක් ගොඩනැගුවා. පාකිස්තාන ඉනිම ගොඩගන්න ලොකු වෙහෙසක් දරපු ෂාෆික් ලකූණු 112 යි. නායක සර්ෆරාස් ලකුණු 68 යි.

හැබැයි ලංකාවේ දක්ෂතාවය වතුර යට හංගන්න හදන රබර් බෝලයක් වගේ උඩ ආවා. මාස ගානක් හොයා හොයා හිටපු ජය සිංහයින් අවසානයේදී ලබා ගත්තා. පකිස්ථානයේ සියල්ලන් ලකුණු 248 කදී දවා ගන්න ශ්‍රී ලංකාව සමත් වුනා. පාකිස්තාන පිතිකරුවන් දණ ගස්සපු දිල්රුවන් කඩුලු 5 ක් දවා ගත්තා. හේරත් කඩුලු 2 ක් ලබා ගත්තා. ප්‍රදීප්, ගමගේ සහ ලක්මාල් එක කඩුල්ල බැගින් ලබා ගත්තා. තරගඟයේ වීරයා වගේම තරඟාවලියේ වීරයාත් වෙන්න දිමුත් කරුණාරත්න සමත්වුනා. කොහොම වුනත් මේ තරඟාවලියේදී පිතිකරුවන් සහ පන්දු යවන්නන් සියලු දෙනාම තමන්ගේ වගකීම හරියටම ඉටු කරා කියන්න පුළුවන්.

ඉතින් අවසානයේදී වසර සීයක් ගියත් ගොඩ ගන්න බැහැ කියපු ශ්‍රී ලංකා ක්‍රිකට්, වැලි මිරිකලා ජය පැන් බොන්න සමත් වුනා.

 

 


News Articles
Latest Videos
Most Popular Post