News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කරමින් අවුරුදු 100 පැරණි වාර්තාවක් ලංකාව අලුත් කරයි.

3254 Views


ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කරමින් අවුරුදු 100 පැරණි වාර්තාවක් ලංකාව අලුත් කරයි.

කාලයකට පස්සේ ඵෙතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්වුනා. එ් නිකන්ම නෙවෙයි අවුරුදු 100 ක් පරණ වාර්තාවකුත් අලුත් කරලා. මේ තියෙන්නේ ලංකාව සහභාගී වුන දෙවෙනි ටෙස්ට් තරඟයේ අලුත් කරපු වාර්තා ගොන්න.

 

* 2010 න් පස්සෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක් වාර්තා කළ පළමු කණ්ඩායම වෙන්න ලංකාවට පුළුවන් වුනා.

* මව්බිමෙන් පිටතදී දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක් ජයග්‍රහණය කරපු පළවෙනි කණ්ඩායම වෙන්නත් ලංකාව සමත්වුනා.

* 3 වෙනි ඉනිමේ ලකුණු 100 ට වඩා අඩුවෙන් ලබාගෙන ටෙස්ට් තරඟයක් දිනපු 4 වෙනි කණ්ඩායම විදියට වාර්තා අලුත් කරන්න ලංකාවට පුළුවන් වුනා. අවුරුදු 115 කට පස්සේ මේ වාර්තාව අලුත් කිරීමත් විශේෂත්වයක්. මීට කලින් 1902 දී ඕස්ට්‍රේලියාව එංගලන්තයට එරෙහිව මේ දක්ෂතාවය දක්වලා තිබ්බා.

* දිවා රාත්‍රී ටෙස්ට් තරඟයකදී ලංකාව වෙනුවෙන් පළවෙනි අර්ධ ශතකය, ශතකය සහ වැඩිම ලකුණු රැස් කරපු ක්‍රීඩකයා වෙන්න දිමුත් කරුණාරත්න සමත් වුනා.

* වසරකදී ටෙස්ට් ලකුණු 400 ක් සහ කඩුලු 20 ක් ලබා ගත්ත එකම ක්‍රීඩකයා වෙන්න දිල්රුවන් පෙරේරා සමත්වුනා.

* ඩුබායි ක්‍රීඩාංගනයේ කණ්ඩායමක් රැස් කරපු තුන්වන වැඩිම ලකුණු ගණන විදියට ලංකාව පළවෙනි ඉනිමට රැස් කරපු ලකුණු 482 වාර්තා වුනා.

* එ් වගේම ඩුබායි ක්‍රීඩාංගනයේදී කණ්ඩායමක් රැස් කරපු අඩුම ලකුණු ගණන විදියට තුන්වෙනි ඉනිමට ලංකාව ලබා ගත්ත ලකුණු 96 වාර්තා වුනා.


News Articles
Latest Videos
Most Popular Post