News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

දිමුත් සහ දිල්රුවන් ඉහළට ගනිද්දී ලෝක වාර්තා තියපු හේරත්ව පහළට දාලා.

7992 Views


දිමුත් සහ දිල්රුවන් ඉහළට ගනිද්දී ලෝක වාර්තා තියපු හේරත්ව පහළට දාලා.

ශ්‍රී ලංකාව ලබා ගත්ත ඵෙතිහාසික ජයත් එක්ක තෑගි දෙන්න ICC ය කටුයුතු කරලා තියෙනවා. එ් තමයි ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉහළට එන්න ලංකාවේ ක්‍රීඩකයන් කීපදෙනෙක්ට අවස්ථාව දීලා තියෙනවා. හැබැයි සමහර අයට ටිකක් පහු බහින්නත් සිද්ධ වෙලා තියෙනවා.

ICC යෙන් මුලින්ම දුන්න තෑග්ග තමයි ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණියේ 7 වෙනි තැන ඉදලා 6 වෙනි ස්ථානයට ලංකාව උසස් කරපු එක. එ් වගේම පාකිස්තානය එක්ක තිබ්බ ටෙස්ට් තරඟාවලියේ වීරයා වුන දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් ලැයිස්තුවේ 17 දක්වා ස්ථාන 9 ක් උඩට අැවිත් තියෙනවා. ඔහු කලින් හිටියේ 26 වෙනි ස්ථානයේ. දිමුත් උඩට අාපු නිසා චන්දිමාල්ට එක ස්ථානයක් පහළට එන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් චන්දි ඉන්නෙ 21 වෙනියට. කලින් 27 වෙනියට හිටපු කුසල් මෙනඩිස් 34 වෙනි තැනට වෙනකන් පහළට වැටිලා තියෙනවා.

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් වල දිල්රුවන් ස්ථාන 3 ක් උඩට අැවිත් තියෙනවා. කලින් 26 වෙනියට හිටපු ඔහු දැන් ඉන්නෙ 23 වෙනියට. හැබැයි ලෝක වාර්තා තියපු හේරත්ට 4 වෙනි තැන ඉදලා 5 වෙනි තැනට අඩියක් පස්සට තියන්න වෙලා තියෙනවා. ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 11 වෙනි තැන හිටපු දිල්රුවන් 8 වෙනි ස්ථානයට වෙනකම් ඉහළට අැවිත් තියෙනවා. ඒ ලයිස්තුවේ 10 වෙනි තැන හිටපු හේරත් ඒ ස්ථානයේම තාමත් රැදී ඉන්නවා.

කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම
පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම
පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම
තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම


News Articles
Latest Videos
Most Popular Post