News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

ලග්න දෙකකට දුර බැහැර ගමන් බිමන්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1968 Views


ලග්න දෙකකට දුර බැහැර ගමන් බිමන්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 12 බ්‍රහස්පතින්දා

රාහු කාලය: ප.ව 01.27 සිට 02.57

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: දකුණ

 

මේෂ ලග්නය

හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලට වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා. තරමක කලකිරුණු ස්වභාවයක් ඇති වෙනවා. නමුත් කල්පනාකාරීව කටයුතු කලොත් ඒ සියල්ල මග හරවා ගෙන තමන්ගේ ආර්ථික ශක්තිය දියුණු කරගන්න පුළුවන්. තරගකාරි කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ වාසනාව තවමත් ඔබට උදා වෙලා පවතිනවා. සෙම් සහිත රෝග වලින් පුංචි පුංචි රෝග ඇතිවිය හැකියි. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව වුනත් ඇති වීමේ අවධානමක් පවතිනවා. ජවය ශක්තිය භාවිතා කරන වෘත්තිමය කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත් කර ගන්න පුළුවන්. ක්‍රිඩාශීලි කටයුතු වලට යෝග්‍යයි.

ජය වර්ණය: ලා දම් පැහැය                         ජය අංකය: 03

වෘෂභ ලග්නය

ආමාශගත රෝග තත්ව ඇති වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. ඒ නිසාම ඔබගේ සෞඛ්‍ය පීඩාකාරී ස්වභාවය මුල් කරගෙන කටයුතු කල් දැමීමේ තත්වයක් වුනත් උදා වෙන්න පුළුවන්. අනවශ්‍ය වියදම් පාර්ශවයන් මග හරවා ගන්නත් ඔබ තරමක් කල්පනාකාරී විය යුතුයි. ප්‍රේමනීය සබදතා වල බාධා කම්කටොළු තිබුණානම් එවැනි තත්ව යටපත් කරගත හැකි වෙනවා. ගෘහාශ්‍රිත කටයුතු දියුණු කරගන්න පුළුවන්. යාන වාහන කටයුතු බහුල වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලනුත් යම් ආකාරයක දියුණුවක් අපේක්ෂා කල හැකියි. ඉහල නිලධාරීන්ගේ සහය වගේම වැඩිහිටි ඥාතීන්ගේ සහය ඔබට හිමි වෙන දවසක්. අධ්‍යාපනික කටයුතු වලින් තරමක් දුරස් වෙනවා. තරගකාරි කටයුතු වලින් යම් ජයග්‍රහණයක් ලැබිය හැකියි.

ජය වර්ණය: ලා නිල් පැහැය                       ජය අංකය: 08

 

මිථුන ලග්නය

අධ්‍යාපනික කටයුතු වල වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා. ඒ වගේම ඔබගේ ඥාන ශක්තිය මුල්කර ගෙන බොහෝ ආදායම් මාර්ග විවර කරගන්න පුළුවන්. මානසික ව්‍යාකුලතා විටින් විට ඇති වුණත් බොහෝ ජයග්‍රහණ අත් වෙනවා. සතුට සමාදානය ඔබේ උත්සාහය මතම පවත්වා ගන්න පුළුවන්. වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කරන්න ඉඩකඩ පවතිනවා. ගෙවල් දොරවල් අලුත් වැඩියා කිරීමේ කටයුතු යාන වාහන අලුත්වැඩියා කිරීමේ කටයුතු අලුත් අලුත් දේ මිලදී ගැනීමේ කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි. තරගකාරි කටයුතු වලින් වගේම අධ්‍යාපනික කටයුතු වලින් පවා වාසනාව හිමි වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                      ජය අංකය: 03

කටක ලග්නය

යාන වාහන ලිපිලේඛන ආශ්‍රිත කටයුතු ණය මුදල් ලබා ගැනීම් ආශ්‍රිත කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි.වචන බාවිතා කිරීමේදී නම් තරමක් ඉවසිලිවන්ත වීම වඩාත් වැදගත්. කේන්ති සහගත සිතුවිලි පාලනය කර ගැනීම අතිශය අත්‍යවශ්‍ය වෙනවා. අසල්වාසීන්ගෙන් සහෝදර ඥාතීන්ගෙන් බොහෝ උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ප්‍රේමනීය සබදතා කෙරෙහි පුංචි කලකිරීමක් හෝ ඇති වෙනවා.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                ජය අංකය: 07

 

සිංහ ලග්නය

අද දවසේ කටයුතු ආරම්භ කරද්දී තරමක කාර්යබහුල ස්වභාවයක් නිර්මාණය වෙනවා. කේන්ති සහගත සිතුවිලි වගේම මුරණ්ඩු ගතිය ඔබ තුල ඇති වෙනවා. දකින දකින දේ මිලදී ගන්න ඔබ තුල කැමැත්තක් ඇති වෙනවා. පාද ආශ්‍රිත රෝග සෙම් කුපිත වීම නිසා හට ගන්නා රෝග වලින් බාධා එල්ල වෙනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. ගෘහාශ්‍රිත කටයුතු වලින් පවා යම් පිඩාවක් ඇති විය හැකි වෙනවා. කලාකාමී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. මුල්‍ය පරිපාලන කටයුතු වලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. ණය මුදලක් ලබා ගන්න ඔබ ඉල්ලුම් කරනවානම් වැඩියෙන් සිතන්න. අත්සන් තැබීම වැනි කටයුතු වලදී තරමක් කල්පනාකාරී වෙන්න. පපුව ආශ්‍රිත රෝග වුවත් ඇතිවිය හැකියි. ආමාශගත රෝග , නිසි වෙලාවට ආහාර ගැනීමට සිදු නොවෙන නිසා හට ගන්නා රෝග නිසා පීඩා ඇති වෙනවා. අධ්‍යාපනික කටයුතු වලට යහපත්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු යහපත් වෙනවා. දියරමය දේවල් අලෙවි කිරීම ආදී කටයුතු වලිනුත් දුර බැහැර වෘත්තීන් වලිනුත් යම් දායකත්වයක් ලැබෙනවා.

ජය වර්ණය: රන්වන් පැහැය                       ජය අංකය: 07

 

 

කන්‍යා ලග්නය

ඥාන ශක්තිය වඩාත් වර්ධනය වෙනවා. ඔබ බාවිතා කරන වචන නිසාම අන් අයගේ ආකර්ෂණය ඔබට හිමි වෙනවා. අතහැරලා දාල තිබුණ කටයුතු යලි ආරම්භ කරන්න පුළුවන්. සමාජ සේවා කටයුතු වලට ඉතාමත්ම යහපත්. පොත්පත් ආශ්‍රිත කටයුතු දැනුම මුල් කර ගත්ත කටයුතු මුල්‍ය පරිපාලන කටයුතු ග්‍රන්ථකරණ කටයුතු පොත්පත් අලෙවි කිරීම වැනි ක්‍රියා වලිනුත් බොහෝ ධන ශක්තිය ඔබට වර්ධනය කරගන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් ලේ ධාතුව හා සම්බන්ධ වන කටයුතු වලින් තරමක් කල්පනාකාරී විය යුතුයි. යාන වාහන අලුත්වැඩියා කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි.

ජය වර්ණය: කොළ පැහැය                         ජය අංකය: 03

තුලා ලග්නය

මිශ්‍ර ප්‍රථිපල අත්කර දෙන දිනයක්. ගෘහාශ්‍රිත කටයුතු වල තරමක කේන්ති සහගත ස්වභාවයක් ඇති වෙනවා. එවැනි කටයුතු වලින් දුරස් වෙලා ඉන්න උත්සහ දරනවා. විදේශ ගත වීම් වැනි කටයුතු වලට ඔබ දැඩි උත්සහයක් දරනවා. පරිපාලනමය කටයුතු වලදී ඔබගේ ජයග්‍රහණය අත් කර ගන්න පුළුවන්. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලදී භාෂාව බාවිත කරන කටයුතු වලදී තරමක් පසුගාමී තත්ව ඇති වෙනවා. සුරතල් සතුන්ගෙන් තරමක් ප්‍රවේසම් විය යුතුයි. තාක්ෂණික මෙවලම් බාවිත කරලා යම් ආකාරයක ජයග්‍රහණ අත්පත් කර ගන්න පුළුවන්. පරිගණක විද්‍යුත් තාක්ෂණික ක්ෂේත්‍ර වලිනුත් ජයග්‍රහණ උරුම කරගත හැකියි.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 06

 

වෘශ්චික ලග්නය

 

තරමක කල්පනාකාරීව දවසේ කටයුතු අරබන්න. පරිපාලනමය කටයුතු වලදී අවධානම් ගැනීම නම් එතරම් සුභ නොවේ. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු භාෂාව බාවිතා කරන කටයුතු වල යම් ජයග්‍රහණයක් ඔබට උරුම වෙනවා. සෙම් සහිත රෝග වලින් පපුව ආශ්‍රිත සියුම් රෝග වලින් යම් පීඩා ඇති වෙනවා. ජව සම්පන්නව කටයුතු ආරම්භ කරලා ජවසම්පන්නව කටයුතු පවත්වා ගෙන යන්න පුළුවන්. දණහිස ආශ්‍රිත රෝග තත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. අධික කාර්යබහුලතාවය නිසා තෙහෙට්ටු ගති ලක්ෂණ ඇති වෙනවා. වාසස්ථාන වෙනස් කරන්න සිත් පහල වෙනවා. මනසට යම් ආකාරයක වෙහෙසකර ලක්ෂණ ඇති වෙනවා. චිත්ත පිඩා මානසික අසහනකාරී තත්ව ඇතිවීමේ අවධානමක් පවතිනවා. කල්පනාකාරී වීම හා ඉවසිලිවන්තවිම වඩා වැදගත්.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 02

 

ධනු ලග්නය

තමන් කරන වෘත්තිමය කටයුතු වල යම් ආකාරයක සැප පහසුවක් ඔබ අපේක්ෂා කරනවා. එවැනි කටයුතු වලින් යමක් දිනා ගැනීමේ හැකියාව පවතිනවා. වෘත්තිමය කටයුතු වල යම් ආකාරයක සහනශීලි හැගීමක් පවතිනවා. කොන්ද තුනටිය ආශ්‍රිතව වගේම කකුල පහල හන්දි ආශ්‍රිතව රෝග ඇතිවීමේ අවධානමක් පවතිනවා. කරගෙන යන්නාවූ කටයුතු වලින් වගේම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා කටයුතු වලිනුත් ජයග්‍රහණයක් උරුම කරගත හැකියි. වැඩිහිටියන් සමග කරන ගණුදෙනු කිරීම් වලින් වචන හුවමාරු කිරීම් වලින් චිත්ත පිඩා ඇතිවීමේ අවධානමක් පවතිනවා. ආහාර ගැනීමේ රටාවේ යම් ආකාරයක වෙනසක් සිදු වෙනවා. වචන බාවිතය තරමක් අඩු වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 05

 

මකර ලග්නය

රැකිරක්ෂා වෙළදාම් කටයුතු ආශ්‍රිතව තරමක කලකිරුණු ස්වභාව ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. උසස් නිලධාරීන්ගේ සහය කාන්තා පාර්ශවයේ ඥාතීන්ගේ උදව් උපකාර හිමි වෙනවා. මෙවැනි උදව් උපකාර හා සහයන් මුල් කරගෙන අද දවසේ කටයුතු යහපත් වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලට එතරම් යහපත් දවසක් නොවේ. කේන්ති සහගත සිතුවිලි වර්ධනය වෙනවා. නමුත් ඒවා ප්‍රකාශ නොකරන්න ඔබ වගා බලා ගන්න. ආගමනුකුල කටයුතු වලටත් ඔබ අද දවසේදී යම් කාලයක් මිඩංගු කරන්න උත්සහ කරනවා. දුර බැහැර ගමන් යන්න ඔබට ආරාධනා ලැබෙනවා. නමුත් ඒ ආරාධනා ඔබ පිළිගන්නේ නම් නැහැ. ආගමනුකුල කටයුතු නම් කල් දාන්න එතරම් සුභ නෑ.

ජය වර්ණය: රන්වන් පැහැය                      ජය අංකය: 04

 

කුම්භ ලග්නය

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් අත්සන් තැබීම වැනි කටයුතු වලින් රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා වැනි කටයුතු වලින්  තරමක් කල්පනාකාරී විය යුතුයි. තමන්ගේ යහළුවන් විශ්වාස කරලා කරන කටයුතු වලිනුත් යම් ආකාරයක පාඩු සහගත තත්ව ඇතිවිය හැකියි. ජව සම්පන්න කටයුතු වලින් තාක්ෂණය මිශ්‍ර වෙන කටයුතු වලින් යාන වාහන සම්බන්ධ කටයුතු වලින් ජයග්‍රහණ රැසක් උරුම වෙනවා. සතුරු කරදර යටපත් කර ගැනීමේ හැකියාව ඉතාමත්ම ප්‍රභලයි. සියුම් කරදර ඇතිවිය හැකියි. දණහිස ආශ්‍රිත රෝග තත්ව ලේ ධාතුව සම්බන්ධ රෝග තත්ව ඇතිවිය හැකියි. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ඉදිකිරීම් ඉංජිනේරු සේවා වැනි කටයුතු වලටත් ඉතාමත්ම යහපත්.

ජය වර්ණය: ලා නිල් පැහැය                        ජය අංකය: 08

මීන ලග්නය

ප්‍රේමනීය සබදතා විවාහයෙන් පසු හමුවන ඥාතීන් සමග කරන ගණුදෙනු කිරීම් වලින් පුංචි පුංචි චිත්ත පීඩා ඇතිවිය හැකියි. කායික ශක්තිය යම් ප්‍රමාණයකට දුර්වල වෙනවා. මානසික ශක්තිය වර්ධනය වෙනවා. කලාකාමී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. හවුල් ව්‍යාපාර කටයුතු දියුණු කරගත හැකි වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලටත් යහපත්. සතුරු කරදර නැති කර ගන්න පුළුවන්. කායික මානසික ශක්තිය වර්ධනය වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                        ජය අංකය: 07

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353

 

 


News Articles
Latest Videos
Most Popular Post