News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

අද ලග්නයකට ජලයෙන් පීඩා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

2091 Views


අද ලග්නයකට ජලයෙන් පීඩා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 14 සෙනසුරාදා

රාහු කාලය පෙ.ව 08.56 සිට 10.27

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව නැගෙනහිර

 

මේෂ ලග්නය

කලක් කරගෙන ගිය මංගල කටයුතු ප්‍රේම සම්බන්ධතා ස්ථිර වීමක් හෝ මංගල යෝග උදා වීමක් වන අතර එයින් ඔබට සතුටක් ලැබේවි. කලක් නොලැබී තිබු රැකියාවක් ලැබීමේ හේතුවෙන් ඔබට අද සතුටක් සිතෙන දිනයක්. අලුත් වැඩ කීපයක් පටන් ගැනීමට හැකියාවක් තියෙනවා. නමුත් ඉක්මන් ක්ෂණික තීරණ වලින් අද දිනයේදී වැළකිය යුතුයි. සුළු සුළු පාඩු හානි පාද ආශ්‍රිත රෝග ඇතිවන නිසාම ඔබ සැලකිලිමත් විය යුතුයි.

ජය වර්ණය දම්පැහැය                  ජය අංකය 01

වෘෂභ ලග්නය

ඔබ අද ඉවසීම පුරුදු කරගත යුතුයි. ක්ෂණික තීරණ ගැනීමේදී ඔබට පාඩු හානි සිදු වෙනවා. ඒ වගේම ඉක්මන් වැඩකටයුතු කිරීමට යාමෙන් තමන්ගේ වැඩ කටයුතු ආපස්සට යාමක් හෝ හොද හිත පළුදු වීම තුලින් කලකිරීම් ලැබේවි. දරුවෙකුගේ කටයුත්තක් හෝ දරුවන්ගේ මානසික වර්ධනයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට සිදුවන අතර දරුවන්ගෙන් ගරු බුහුමන් ලබන්නාවූ දිනයක්. ඥාතීන් හිතවතුන් ගෙදරට පැමිණෙන අතර ගෙදරදොර වටපිටාව තරමක් දුරට කල්පනාකාරීව හැඩ ගස්සවා ගත යුතුයි. මන්ද ඔබට සුළු සුළු ප්‍රශ්න ගැටළු එයින් මතු වීමට ඉඩ තිබෙන නිසා.

ජය වර්ණය කහ පැහැය                 ජය අංකය 02

 

මිථුන ලග්නය

අධ්‍යාපනයේ වඩාත් නැඹුරුතාවයක් ඇතිකර ගැනීමට හැකියාව ලැබෙනවා. විභාග තරණයකට ඔබට යොමු වෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම සම්මුඛ් සාකච්චා එවැනි පරීක්ෂණ තුලින් ඔබට ජයග්‍රහණ කීපයක් හෝ උසස් ප්‍රභූ කෙනෙක්ගෙන් ලැබීම ඇති දිනයක්. ඒ වගේම ගෙදරදොර අලංකාර කිරීමක් හෝ වාතාවරණය යහපත් අතට හරිම නිසා සිතට සතුටක් නැගෙන දිනයක්. අලුත් අදහස් ඇති වේවි. අලුත් වැඩ කටයුතු කීපයක් කර ගැනීමට හැකියාව තියෙනවා. නව නිර්මාණ සදහා දායක වීමටද ඔබට අද දිනය තුලදී හැකියාවක් තියෙන අතර විනෝදජනක කටයුතු තුලින් ඔබට සතුට ලැබෙනවා.

ජය වර්ණය රතු පැහැය                ජය අංකය 05

කටක ලග්නය

මෙතෙක් කලක් කරගෙන ගිය වැඩ කටයුතු ආපස්සට යාමක් හෝ සතුරු කරදර වලට ඉඩ තිබෙන දිනයක්. විශේෂයෙන් තමා ලගට පැමිණෙන අයගෙන් ප්‍රවේසම් විය යුතුයි. මිල මුදල් හානි පාඩු හානි මතු විය හැකියි. නමුත් හදිසි ධන ලාභද ඔබට ලැබෙනවා. අලුත් අදහස් රසවත් ආහාරපාන ලැබෙන ගමන් බිමන් යාමේ හැකියාවක් තිබෙනවා. ගෙදරදොරට වැඩියෙන් අමුත්තන් පැමිණීමක් හෝ ඔබට හිතෛෂීවන්ත වීම නිසා ඒ තුලින් සාර්ථක ගමනක් යා හැකියි.

ජය වර්ණය සුදු පැහැය                 ජය අංකය 02

 

සිංහ ලග්නය

ආගමික වටපිටවකින් යුතුව ඔබ කටයුතු කරනවා. පිනට දහමට සිතුවිලි උපදින අතර පිං සිතුවිලි වලින් යුතු ඔබ එවැනි දේ ගැන ආගමික පුජක පක්ෂයේ හිතවත් බව ආගමික ස්ථාන වලට යාම් වන්දනා ගමන් බිමන් යාම් තුලින් ඔබට අද දිනය සිතට සහනයක් ගත යුතුයි. හිතවතුන් රාශියක් හිමි කර ගන්නා ඔබ සතුටු සිතින් දවස ගෙවේවි. නමුත් දුර බැහැර ස්ථාන වල ගමන් කිරීමේදී තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි. උඩ නැගීම වැටීම් ආදියෙන්ද ජල පිඩා තුලින් ද ඔබ ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය තැඹිලි පැහැය                         ජය අංකය 05

 

 

කන්‍යා ලග්නය

කරගෙන ගිය වැඩ කටයුතු වෙනස් කිරීමක් ස්ථාන මාරුවක් හෝ අලුත් අදහස් මතුවන අතර යම් යම් දේ මිලට ගැනීමට ඔබට දුර බැහැර ගමන් ඇති වෙනවා. රැකියාවේ ස්ථාවරත්වයකට ඉඩ තිබෙන දිනයක්. ලැබීම අතින් යහපත්වන අතර මංගල යෝග වැඩි දිනයක්. අලුත් අදහස් අලුත් ක්‍රියාත්මකවීම් තුලින් ඔබට යහපත උදා වන අතර දරුවන්ගේ කටයුතුද  සාර්ථකව නිමා කර ගැනීමට හැකියාව තියෙනවා. විශේෂයෙන් සවස් යාමයේ ඔබට ඥාති ඇසුරක් හෝ ඥාතීන්ගේ නිවෙස් වලට යාමක් ඔවුන්ගේ දෙයට උදව් කිරීමකට වන්දනා ගමන් යාමට ආදී ඒකරාශී වී කරන කටයුතු සාර්ථක වෙනවා. නව අදහස් ඇති වෙනවා.

ජය වර්ණය නිල්පැහැය                ජය අංකය 05

තුලා ලග්නය

අලුත් ව්‍යාපාරික කටයුතු අලුත් අත්දැකීම් තුලින් ඔබ ඉදිරියට යාමේ හැකියාවක් තියෙනවා. හැම අයෙකුගේම සිත දිනාගෙන කටයුතු කිරීමට පෙළඹෙන අතර අලුත් අලුත් අය මුණ ගැහේවි. ඒ වගේම විදේශගත වන්නන්ට යහපත් අතර එයින් ඔබට වාසිදායක පිළිතුරු ලැබෙනවා. කලක් කරගෙන ගිය වැඩ කටයුතු වෙනස් කිරීමක් හෝ උසස් ස්වභාවයකින් දායාද කිරීමට ඔබට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඔබට ගරුබුහුමන් ලැබෙන දිනයක්.

ජය වර්ණය රතු පැහැය                ජය අංකය 05

 

වෘශ්චික ලග්නය

 

ඉවසීම හා බුද්ධිය භාවිතා කලයුතු දිනයක්. මන්ද ඔබ ක්ෂණික තීරණ ගැනීමෙන් පාඩු හානි සිත් තැවුල් ඥාතීන් අතර හොදහිත පළුදු වීම් වලට ඉඩ තිබෙන නිසා ඉවසිලිවන්තව කටයුතු කරන්න. අනවශ්‍ය පැටලිලි ඇති දිනයක්. බොහෝ විට බාහිර කරදර ඔබ මතට පැටවේවි. නිදහස අඩුවෙන් දැනෙන දිනයක්. එබැවින් ඔබට හිමි කරුණු පමණක් කරගෙන පැත්තකට වීම් සිටීමට සුභදායකයි. නැතිනම් ඔබට අද දිනයේදී අවුල් සහගත තත්වයක් ඇති වෙනවා. ඔබගෙන් සෑම කටයුත්තකටම ප්‍රතික්ෂේප වීමක් ඇති නිසා ඉවසිලිවන්තව කටයුතු කරන්න.

ජය වර්ණය රතු පැහැය                 ජය අංකය 02

ධනු ලග්නය

දවසේ කටයුතු සාර්ථකව නිමා කර ගැනීමට හැකියාවක් තිබෙන අතර ඔබට හිතවතුන් මැද සාර්ථකව සෑම දෙයකටම මුහුණ දීමට අතමිට සරු වීමට ඉඩ තිබෙනවා. නමුත් ඔබ ගමන් බිමන් යන්නෙක් නම් තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි. ඉක්මන් ගමන් පාඩු හානි උපදවනවා. ඒ වගේම ජල පිඩා ඇති බැවින් රැකියා කරන අය අද දිනය තුලදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. බොහෝ විට මත්ස්‍ය කර්මාන්තයේ හෝ එවැනි ව්‍යාපාර වල නියැලෙන්නන්ට අද දිනය සුභදායක නෑ. අලුත් අදහස් ඇතිව කටයුතු කලත් ඔබට මන්දගාමී ස්වභාවයක් ඇති වේවි.

ජය වර්ණය කහ පැහැය                ජය අංකය 05

 

මකර ලග්නය

රැකියා කටයුතු වලට යහපත් වන අතර නව රැකියා අපේක්ෂකයින්ට යහපත් ප්‍රථිපල අත් වෙනවා. අලුතෙන් දෙයක් කිරීමට නව නිර්මාණයකට දායක වීමට හැකියාවක් තිබෙන අතර මිල මුදල් සම්බන්ධයෙන් ගැටළු ඇති වෙනවා. පාඩු හානි සිදු වීමට ඉඩ තිබෙන නිසා මිල මුදල් තත්වය ආරක්ෂා කර ගන්නා අතර අනවශ්‍ය දේට වියදම් කිරීමෙන් වැළකිය යුතුයි.

ජය වර්ණය තද නිල් පැහැය                     ජය අංකය 05

 

කුම්භ ලග්නය

ලැබීම අතින් යහපත් වෙනවා. අලුත් අදහස් ඇති වෙනවා. නමුත් ඔබ ඇසුරු කරන්නන්ගෙන් අස්ථාන චෝදනා නින්දා අපහාස ලැබීමට ඉඩ තිබෙනවා. මංගල කටයුතු කෙරෙහි වඩාත් යොමු වීමෙන් වැළකිය යුතු දිනයක්. අනවශ්‍ය පැටලිලි හෝ අසම්මත ප්‍රේම සබදතා ඇති වීමට ඉඩ තිබෙනවා. ඔබගේ තත්වය ආරක්ෂා කර ගැනීමට ඔබම වගබලා ගත යුතු දිනයක්. නැතිනම් ඔබට නින්දා අපහාස ප්‍රශ්න ගැටළු මතු වේවි. පවුලේ අඩදබර ඇති වීමට ඉඩ තිබෙන නිසා එවැනි දේ ගැන වඩාත් සැලකිලිමත් වන්න.

ජය වර්ණය තද නිල් පැහැය                      ජය අංකය 02

මීන ලග්නය

උත්සාහය උනන්දුව ක්‍රියාශීලිබව නිතැතින්ම ඇති වෙනවා. මංගල කටයුතු හෝ කල්ගිය මංගල යෝගයක් ස්ථිර වීමක් තුලින්ද ලැබීම අතින් යහපත් වන අතර ඒ වගේම ඔබට ධන ලාභ සහිත දිනයක්. අලුත් අදහස් මතු වේවි. ගෙදරදොර හිතවතුන් පිරෙන දිනයක්. අනුන්ගේ ප්‍රශ්න ගේ තුලට ගැනීමෙන් වැළකිය යුතුයි. මන්දෝත්සාහි ගතිය හවස් යාමයේ ඇතිවිය හැකියි. දුර බැහැර ගමනක් හෝ විදේශගත වීමකට යොමුවන නිසා එයින් ඔබට ලාභ ලැබෙනවා.

ජය වර්ණය රතු පැහැය                             ජය අංකය 02

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ

දුරකථන අංකය : 011 250 9386

 

 


News Articles
Latest Videos
Most Popular Post