ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි එක්දින තරඟයෙන් ලකුණු 83 ක විශිෂ්ඨ ජයක් ලබා ගන්න පාකිස්තානය සමත් වුනා. එ් ඊයේ ඩුබායි ක්‍රීඩාංගනයේ පැවති තරඟයේදී. එ්ත් එක්කම ලංකාව පිට පිටම පරාජය වුන 8 වෙනි තරඟය විදියට සටහන් වුනා.
කාසියේ වාසිය දිනා ගත්ත තරංග මුලින්ම පන්දුවට පහර දෙන්න පාකිස්තානයට අවස්ථාව දුන්නා. ලකුණු 11 ක්ව තියෙද්දි පාකිස්තානයේ පළවෙනි කඩුල්ල විදියට අහමඩ් ෂෙසාඩ් ලකුණු නොලබා දැවී ගියා. දෙවෙනි කඩුල්ලට ෆාකර් සහ බාබර් ලකුණු 64 ක සබදතාවක් ගොඩනැගුවා. ෆාකර් ලකුණු 45 ක් ලබා ගත්තා. එ් 4 පහර 5 ක් සහ එක් හයේ පහරක් එක්ක. මොහොමඩ් හෆීස් ලකුණු 32 යි. ඊට පස්සේ පිටියේ එක්වුන බාබර් සහ ෂොයිබ් මලික් ලකුණු 139 ක සබදතාවක් ගොඩනැගුවේ පාකිසතානය ජයග්‍රාහණයට ඔසවලා. වේගවත් ඉනිමක් ක්‍රීඩාකර මලික් 4 පහර 5 ක් සහ හයේ පහර 2 ක් එක්ක ලකුණු 81 ක් ලබා ගත්තා. පාකිස්තානයේ ගැලවුම්කරුවා වුන බාබර් ලකුණු 103 ක් ලබා ගත්තා. නායක සෆ්‍රාස් අහමඩ් එක ලකුණකට දැවී ගියා.
සුරංග ලක්මාල් පාකිස්තාන කණ්ඩායමේ වටිනාම කඩුලු 2 දවා ගත්තා. ගමගේ, අකිල, තිසර සහ වැන්ඩර්සෙ එක කඩුල්ල බැගින් ලබා ගත්තා. ඕවර් 50 අවසානයේ පාකිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 292 ක් ලබා ගෙන හිටියා.
ලකුණු293 ක දැවැන්ත ඉලක්කයක් හඹා යන්න පිටියට අාපු ලංකාවේ මුල් කඩුලු 5 ලකුණු 67 ක් වෙද්දි බිද වැටුනා. දික්වැල්ල ලකුණු 19 කටත් නායක තරංග ලකුණු 18 කටත් දැවී ගියා. චන්දිමාල් ලකුණු 4 යි. ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වුන තිරිමාන්න ලකුණු 53 ක් ලබා ගත්තා. එ් හතරේ පහර 3 ක් සමග. ලකුණු 200 කටත් පෙර අවසන් වෙන්න ගිය ශ්‍රී ලංකා ඉනිම යම් තරමකින් හෝ අවමානයෙන් ගලවගන්න අකිල සහ වැන්ඩර්සෙ සමත් වුනා. ඔවුන් දෙදෙනා ලකුණු 68 ක සබදතාවක් ගොඩනැගුවා. මංගල එක්දින අර්ධ ශතකය ලබා ගත්ත අකිල ධනංජය නොදැවී ලකුණු 50 යි. වැන්ඩර්සෙ ලකුණු 25 යි.
ලංකාවේ කඩුලු දඩයමේ යෙදුන රුමාන් රයිස් සහ හසන් අලී කඩුලු ලකුණු 3 බැගින් දවා ගත්තා. පාකිස්තානය පිට පිටම ලබා ගත්ත 5 නව ජයග්‍රහණය විදියට මේ තරඟයේ ජයග්‍රහණය සටහන් වුනා. එ් වගේ ලංකාව පිට පිටම පරාජය වුන 8 වෙනි තරඟය මේක. මිට කලින් ලංකාව තරඟ 8 පිට පිට පරාජය වුනේ 1999 දී. කොහොම වුනත් තව තරඟ 4 ක් ඉතිරි වෙලා තියෙනවා. ඒ තරඟ සියල්ලම ජයග්‍රහණය කරන්න කියලා අපි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභ පතනවා.