වකුගඩු රෝගය බෝ නොවෙන රෝගයක් නෙවෙයි. එත් මේ වෙද්දි වසංගතයක් තරමටම ලංකාව පුරාම වකුගඩු රෝගය පැතිරලා ගිහිල්ලා. ඒත් මුල් අවධියේම මේ රෝගය හදුනා ගත්තොත් සුව කරන්න පුළුවන්. එ්ත අපේ රටේ එ්කට අවශ්‍ය උපකරණ සහ පහසුකම් නෑ. එ් නිසා වසරකට සිය ගණනක් අහිංසක ජීවිත වකුගඩු රෝගය නිසා විනාශ වෙනවා. එ්ත් මහනුවර පාසල් ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක් එ්කට විසදුමක් හොයාගෙන තියෙනවා.
එ් තමයි වකුගඩු රෝගය හොයාගන්න පුළුවන් ස්මාර්ට් උපකරණයක්. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ජේ.එම්. ලහිරු කාවින්ද සහ මහනුවර මහමායා විද්‍යාලයේ ජේ.එම් දේවින්දි තමයි මේ විශිෂ්ඨ නිර්මාණය හදලා තියෙන්නෙ. මේ උපකරණයෙන් වකුගඩු රෝගය වගේම පිළිකා රෝගයත් හදුනා ගන්න පුලුවන්. මේ උපකරණයෙන් එදිනෙදා ජීවිතයේදී මුත්‍රා කරන වාරයක් පාසා පරීක්ෂා කරනවා. එම මුත්‍රා විශේෂිත පරීක්ෂණ කිහිපයකට ලක් කරලා මුත්‍රා වල තියෙන අසාමාන්‍යතාවන් හදුනා ගන්නවා. එකෙන් වකුගඩු රෝග සහ පිළිකා රෝග වල මූලික ලක්ෂණ තියේ නම් හදුනා ගන්නවා. එ් වගේම අමිශ්ට මේහය සහ පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ති විශාල වීම සහ පුරස්ථි ග්‍රනීයේ පිළිකා හදුනා ගන්නත් පුළුවන්.
මේ උපකරණය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පරිගණකයකින් පාලනය වෙන්නෙ. එ් පරිගණක පද්ධතියත් සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නෙ ලහිරු. මේ උපකරණය පහුගිය අවුරුද්දේ සහසක් නිමැවුම් ජාතික තරඟාවලියේ වෛද්‍ය විද්‍යාව සදහා රිදී පදක්කමත් දිනා ගෙන තියෙනවා. එ් වගේම මේ වෙද්දි මේ උපකරණයෙන් දියවැඩියාව තියේද කියලා බලන්නත්, මුත්‍රාවල ප්‍රෝටීන් තියෙනවද කියල බලන්නත් වැඩි දියුණු කරනවා.
මේ උපකරණයේ විශේෂත්වය වෙන්නෙ ඔබ වැසිකිලියට ගිහින් මුත්‍රා කරන විනාඩි 2 අැතුලත සියලු පරීක්ෂාවන් කරලා වාර්තාව දෙන එක. ලෝකයේ කොහේවත් මේ උපකරණයේ තාක්ෂණයට කිට්ටුවෙන්න පුලුවන් උපකරණයක් වත් නෑ කියලයි කියන්නෙ. කොහොම වුනත් මේ වගේ දක්ෂයන්ට අත දීලා ජාතික සම්පත් රටේ ප්‍රයෝජනයට ගන්න එක වගකිව යුත්තන්ගේ යුතුකමක්.