අද 2017 ඔක්තෝම්බර් මාසයේ 15 ඉරිදා
රාහු කාලය: පෙ.ව 04.26 සිට 05.55
සුභ දිශාව: දකුණ
මරු සිටින දිශාව: උතුර

මෙතෙක් කලක් කරගෙන ගිය වැඩ කටයුතු වෙනස් කිරීමකට හෝ ස්ථාන මාරුවකට ඉඩ තිබෙනවා. වරින් වර සිතේ කලකිරුණු ස්වභාවයක් ඇති වෙනවා. වැඩ අධික යැයි සිතෙන තරමට ඔබ වැඩ පටවා ගන්නවා. එයින් ඔබට විනෝදය අඩු වෙනවා. හිතට කනස්සලු ස්වභාවයක් ඇති වෙනවා. වරින් වර චිත්ත පිඩා කලකිරීම් මතු වුවත් කෙසේ හෝ තමන්ගේ තත්වය බලය ආරක්ෂා කර ගැනීමට වගබලා ගන්නවා. මංගල යෝග උදාවන අතර මංගල යෝග තුලින් ඔබට සාර්ථක වීමකට ලක් වෙනවා. ඥාතීන් වැඩිහිටියන්ට උදව් උපකාර කරන ගතියක්ද ඒ වගේම ඔබගේ මිල මුදල් වලින් දාන මාන ආදී පුණ්‍ය කර්මයක් කිරීමට හැකියාවක් තියෙනවා. තමන්ගේ ගෙදරදොර වාසනාව ලගා කර ගැනීමට හැකි දිනයක්.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 01

බොහෝ විට කලක් කරගෙන ගිය කටයුතු වෙනස් අන්දමකින් නැවත පටන් ගැනීමක් හෝ අතමිට මුදල් ගැවසෙන ගතියක් ඇති වෙනවා. යාන වාහනයක් මිලදී ගැනීමක් හෝ ගෙයක් දොරක් මිලදී ගැනීමේ අනුබලයක් පිටිවහලක් ඇතිවන දිනයක්. බොහෝ විට සෑම දෙනාගේම හිතසුව පිණිස ඔබට කටයුතු කරන්න සිදු වෙනවා. අලංකාරයට මුල් තැනක් දෙන අතර විනෝදජනක ක්‍රීඩා මිතුරන් අතර හොද හිත පැතිරීම් ඇති වෙනවා. ගෙදරදොරට අමුත්තන් පැමිණේවි. නමුත් සවස් යාමයේ තරමක් ගෙදරදොර අමුත්තන් අතර මත ගැටුම් ඇති වේවි.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 02

අද දවස ශක්තිමත්භාවයට මග පෙන්වාවි. අලුත් අදහස් අධ්‍යාපනයේ නවතාවයකින් පටන් ගැනීමක් හෝ දුර බැහැර ගමන් බිමන් විදේශගත වීම් වැනි දේකට දායක වීමට ඔබට හැකියාවක් තියෙනවා. හිතවතුන් මිතුරන් ඥාතීන් අතර හොද හිත පැතිරීම නිසා ඔබට ඔවුන්ගෙන් යහපතක් උදා වෙනවා. ලැබීම ඇති වෙනවා. ඒ වගේම උසස් ප්‍රභූන්ගේ උදව් උපකාර හිමි වෙනවා.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 02

හදිසි ධන ලාභ ලැබෙනවා. ලැබීම අතින් යහපත් වෙනවා. අතමිට මුදල් ගැවසෙනවා. නමුත් හවස් යාමයේ තමා නොකළ දේකට වැරදි කරුවෙක් වීම නිසා කලකිරුණු ස්වභාවයක් ඇති විය හැකියි. විශේෂයෙන් ඔබ සිටින තැන අවබෝධ කරගෙන කටයුතු කරන්න වගබලා ගත යුතුයි. නැතිනම් ඔබට බාධාවීම් කලකිරීම් අමනාපවීම් ඇති වේවි. මෙතෙක් කලක් කරගෙන ගිය වැඩ කටයුතු විශේෂ දක්ෂතාවයක් අනුව ඉදිරියට යාමේ හැකියාවක් තියෙනවා. කලකිරීම් ඇති වුවත් ඒවා ගණන් නොගෙන ඉදිරියට යාමෙන් ඔබට විශේෂිත වූ යහපත්භාවයක් ඇති වෙනවා.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 02

හිත හොද කම නිසාම ඔබට තරමක් ඇබැද්දි සිදු වෙන්න පුළුවන්. ඒවගේම කතාවෙන් ක්‍රියාවෙන් ප්‍රවේසම් වන්න. දුන් දෙයක් ආපහු නොලැබී යන්න හේතු වෙනවා. එයින් ඔබට චිත්ත සංතාපයක් ඇති විය හැකියි. නමුත් රසවත් ආහාරපාන ලැබෙන විනෝදජනක ක්‍රීඩා කිරීමට හැකියාව තිබෙන අතර ඔබට අමුත්තන්ගෙන් අඩුවක් වෙන්නෙ නැ. ඉක්මන් තීරණ වලට එළඹීමට ඉඩ තිබෙන නිසා සැලකිලිමත් විය යුතුයි. චිත්ත පිඩා පරිබාහිරව ඇතිවන බැවින් ඒවා ගැන සැලකිලිමත් විය යුතුයි.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 05

මෙතෙක් කලක් කරගෙන ගිය වැඩ කටයුතු සාර්ථකව නිමා කර ගැනීමට හැකියාව ලැබෙනවා. බොහෝ සෙයින් තමන් ලගට පැමිණෙන අයගෙන් යහපතක් උදා වෙනවා. අලුත් අදහස් ඇති වෙනවා. දේශපාලනය කරන්නන්ට හෝ එවැනි සමාජ ගෞරවය වැඩෙන අන්දමේ කටයුතු කරන්නන්ට යහපත් දිනයක්. අලුත් අදහස් ඇති වේවි. බොහෝ විට දේශ ගවේෂණය පිටරට යාම් කටයුතු වලට යහපත් වෙනවා. අධ්‍යාපනය දරන කෙනෙක් නම් ඔබට අද විශේෂිත වූ සැලකිල්ලක් ලැබෙන දිනයක්. නව රැකියා ලාභ ලැබෙනවා. හිතවතුන් මැද සතුටින් සිටිය හැකි වෙනවා. ආගමික පසුතලයක් යටතේ සිටිය හැකි දිනයක්.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 02

උත්සාහය උනන්දුව වැඩෙන අන්දමේ කටයුතු කරන අතර ඔබට පක්ෂග්‍රාහී හෝ හිතවතුන් ලගට පැමිණෙන දිනයක්. ඔවුන්ගේ ඕනා එපාකම් වැඩ කටයුතු සොයා බැලීමට ඔබට හැකියාවක් තිබෙන අතර යම් යම් කලකිරීම් ඇති වෙනවා. කතාවෙන් ක්‍රියාවෙන් ප්‍රවේසම් විය යුතුයි. අස්ථාන චෝදනා හෝ නින්දා අපහාස වලට ඉඩ තිබෙන දිනයක්. අලුත් අදහස් මතු වුවත් එවැනි අදහස් ක්‍රියාත්මක කිරීමට ගොස් පාඩු හානි වීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේසම් විය යුතුයි. නව රැකියා ලාභ ව්‍යාපාරික ලාභ ඇති වෙනවා. අලුත් අදහස් මතු වේවි. අධ්‍යාපනය පැත්තෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනවා.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 02

නව අදහස් ක්‍රියාත්මකවන අතර අලුත් ඇදුම් පැළදුම් ලැබෙන උත්සව අවස්ථාවකට සහභාගී වීම් ඇති වෙනවා. ඔබගේ තත්වය බලය ආරක්ෂා කර ගැනීමට දිරිමත් වීමට හොදම දවස අද. තත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යා හැකියි. ඥාතීන් හිතවතුන් ලගට පැමිණෙන දිනයක්. ඔවුන්ගේ ඕනා එපාකම් ඉටු කර ගැනීමට හැකියාවක් තියෙනවා. අලුත් අදහස් නිසාම නව නිර්මාණ බිහි කරන්න හැකියාව තියෙනවා. භුමිය හෝ ජලය පිලිබදව ව්‍යාපාරයක් කරන්නන්ට අද යහපත්.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 02

උනන්දුව උත්සාහය තුලින් ඔබ ජයග්‍රාහී ගමනක් යාමට උත්සහ දරයි නම් එය සාර්තකවන දිනයක්. අධ්‍යාපනය සම්බන්ධයෙන්ද ලැබීම ඇති දිනයක්. තරග විභාග වලින් ජය ගත හැකියි. පිනට දහමට සිතුවිලි උපදිනවා. අන්‍යන් උදෙසා කැපවීම් අන්‍යන්ට සරණ වීම් වැනි පරාර්ථකාමී දේවල් වලට අද දිනය තුලදී යොමු වෙනවා. යම් කිසි සතුරෙක් විසින් යටි කුට්ටු උපක්‍රමයක් කිරීමට ඉඩ තිබෙන නිසා එවැනි දේ ගැන සැලකිලිමත් විය යුතුයි. ඉවසීම තුලින් ඔබට ජය ගත හැකියි.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 04

තරමක මන්දෝත්සාහි ගතියක් ඇති වෙනවා. ව්‍යාපාරික තත්වය අවම කරන අතර ලැබීම අතින් යහපත් වෙනවා. සතුරු කරදර මදක් ඇති වෙනවා. ඒ වගේම ජල පිඩා ඇති බැවින් වර්ෂාවට තෙමීමෙන් ජල ඇති ස්ථානවල ගැවසීමෙන් ආදී දෙයින් වැළකිය යුතුයි. ඉවසිලිවන්ත වෙන්න. වරෙක සතුරු කරදරද වරෙක මිතුරෙකු වෙසින් එන සතුරු කරදරයක්ද ඇති නිසා එවැනි දේ ගැන සැලකිලිමත් වන්න. යටි කුට්ටු උපක්‍රම සිදුවන දිනයක්.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 05

බොහෝ විට පිනට දහමට සිතුවිලි උපදින පිං සිතුවිලි ක්‍රියාත්මකවන දිනයක්. අන්‍යන් ගැන සිතමින් පරාර්ථකාමී සිතුවිලි ඇති වෙනවා. දුර බැහැර ගමනක් හෝ විදේශගත වීමකට ඉඩ තිබෙන දිනයක්. නව රැකියා ලාභ ලැබෙනවා. අලුතෙන් ගෙදරදොරට බඩු මුට්ටු මිලදී ගැනීමට ලැබීම අතින් යහපත්.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 09

උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බව ඇති දිනයක්. මංගල කරුණු වලදී කල්පනාකාරී විය යුතුයි. අනවශ්‍ය ගැටළු වලින් ඔබට අද දිනය තුලදී සිත් තැවුල් ඇති වීමට ඉඩ තියෙනවා. අනුන්ට උදව් කිරීමට ගොස් ඔබට නින්දා ලැබෙනවා. මිල මුදල් තත්වය අතින් යහපත් වුවත් වියදම් වැඩියි. නමුත් ඔබට ආගමික පසුබිමක් යටතේ ආගමනුකුලව ජිවත් වීමට හැකියාවක් ලැබෙනවා. නව අදහස් ඇති වෙනවා. ව්‍යාපාරයක් හෝ එවැනි කටයුත්තකට අත ගැසීමට හැකි වෙනවා. හිතවතුන් ලගට පැමිණෙන දිනයක්.
ජය වර්ණය: තද කහ පැහැය ජය අංකය: 05
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ
දුරකථන අංකය: 011 2 50 93 86