News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

කිසිම ආගමක් අදහන්න බෑ , ඩෙනිම් අඳින්න බෑ, ලෝකෙම නොදන්න කොරියාවේ නීති රීති ටික මෙන්න.

5492 Views


කිසිම ආගමක් අදහන්න බෑ , ඩෙනිම් අඳින්න බෑ, ලෝකෙම නොදන්න කොරියාවේ නීති රීති ටික මෙන්න.

උතුරු කොරියාව කියන්නේ මේ දවස්වල යන පුවත් වල, සමාජ ජාල වල වැඩිපුර කතා කරන මාතෘකාවක්. මොකද උතුරු කොරියානු කිම් ජෝන් මේ දවස්වල කරන න්‍යෂ්ටික අත්හදා බැලීම් වගේ මුරණ්ඩු වැඩ නිසා. ඒ වගේම උතුරු කොරියාව ගැන මෙතෙක් ඔබ නොදැනගෙන හිටපු කතා ටිකක් තමයි මේ ලිපියෙන් අපි ඔබට කියන්න යන්නේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් ගැන ඔබ දැනගෙන හිටියට මේ දේවල් ටික ඔබ දන්නවද බලන්නකෝ.

1. ඩෙනිම් ජීන්ස්

ඩෙනිම් කලිසම් බටහිර සංස්කෘතියට අයිති දෙයක් විදිහට උතුරු කොරියාව සලකන නිසා එහේදි ඩෙනිම් කලිසම් මිලදී ගන්න බෑ. උතුරු කොරියාවට ඩෙනිමක් ගෙනියන්නත් බෑ. එය නීතියෙන් දඬුවම් ලැබෙන වරදක්.

2. දුම්රිය ප‍්‍රවේශපත්

උතුරු කොරියානු පුරවැසියන්ට වෙනත් පළාතකට දුම්රියෙන් යනවා නම් කෙලින්ම ස්ටේෂන් එකට ගිහින් ටිකට් අරං යන්න බෑ. විශේෂ අවසරයක් ගන්න ඕන රජයෙන්.

3. ඞී.වී.ඞී (DVD)

වෙනත් රටවල චිත‍්‍රපට ඇති ඞීවීඞී තැටි ල`ග තබා ගැනීම හෝ විකිණිම උතුරු කොරියාවේදී දඬුවම් ලැබිය හැකි වරදකි.

4. ඇපල් නිෂ්පාදන

උතුරු කොරියානු පුරවැසියෙකුට මිලදී ගත හැකි එකම ස්මාර්ට් දුරකථනය වන්නේ රජය අනුමත කර ඇති යොන්ග් යැන්ග් ටග් දුරකථනයයි.

5. බයිබලය

උතුරු කොරියාවේ කිසිම ආගමක් ඇදහිය නොහැකිය. එය අදේවවාදී රටකි. පල්ලි යෑම බයිබලයක් මිලදී ගැනීම කිසිසේත් කල නොහැකියි.යමෙකු ලඟ බයිබලයක් තිබී හසු වීම මරණ දඬුවම් ලැබිය හැකි වරදක්.

6. අන්තර්ජාලය

අන්තර්ජාලය හෝ ඊමේල් පහසුකම ලබාගැනීමට හෝ අන්තර්ජාතික ඇමතුම් ලබා ගැනීමට රජයෙන් විශේෂ අවසර ගත යුතුයි. ඒවා තහනම් දේවල්. අන්තර්ජාතික ඇමතුම් ලබාගැනීමට කාඞ්පත් ගන්න බෑ. මොකද ඒවා රජයෙන් දැඩිව නියාමනය කරනවා.

7. කොණ්ඩා මෝස්තර

රජය අනුමත කල කොණ්ඩා මෝස්තර කිහිපයක් පමණයි කරන්න පුලුවන්.

8. උපත් පාලන ක‍්‍රම

උපත පාලන ක‍්‍රම මිලදී ගැනීම, ලඟ තබා ගැනීම හෝ භාවිතා කිරීම උතුරු කොරියාවේ දී බරපතල වරදක්.

9. විසිතුරු අභරණ

නාසය, ඇහි බැම විද පළදින කරාබු උතුරු කොරියාව සලකන්නේ බටහිර සංස්කෘතියේ දේවල් ලෙසයි. ඒ නිසා උතුරු කොරියාවේ එවැනි දේ තහනම්. ඒ වගේම එ වැනි ආභරණ මිලදී ගන්නත් නෑ.

10. බයිසිකල්

කාන්තාවන්ට බයිසිකල් පදින්න හෝ මිලදී ගන්න උතුරු කොරියාවේදී බැහැ.


News Articles
Latest Videos
Most Popular Post