කුසල් මෙන්ඩිස් කියන්නෙ ලංකාව හොයගත්ත දක්ෂ පිතිකරුවෙක්. තාමත් වැඩි වයසක් නැති ඔහු වයසට වඩා දක්ෂ විදියට ක්‍රීඩා කරනවා. හැබැයි මේ දවස්වල නම් කුසල්ගෙ ග්‍රහයා එච්චර හොද නෑ වගේ. මේ අවුරුද්දෙ ගොඩක් තරඟ වලදී අඩු ලකුණු ගණනකට දැවී ගියා. අාරම්භක පිතිකරුවෙක් වුන කුසල් දැන් කණ්ඩායමේ සෙල්ලම් කරන්නෙ ගොඩක් වෙලාවට 5 වෙනි ස්ථානයේ. මේ ගැන අද සංගක්කාරත් Twitter පණිවිඩයක් නිකුත් කරලා තිබ්බා. සංගා අහලා තිබ්බෙ අැයි කුසල්ව 5 වෙනියට එවන්නෙ 3 හෝ 4 වෙනි ස්ථානයට එවන්නේ නැතුව කියලා. සංගාගේ මේ Twitter පණිවිඩයට තවත් කිහිප දෙනෙක්ම අදහස් දක්වලා තිබ්බා. මේ තියෙන්නෙ එ් ට්විටර් පණිවිඩය.
Why is @KusalMendis1 batting at #5? Shouldn't he be 3 or 4 in the ODI's
— Kumar Sangakkara (@KumarSanga2) October 14, 2017