News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

මල්වතු නාහිමි ඉදිරියේ වැඳ සමාව ඉල්ලූ සමන්තබද්‍ර හිමි, යළිත් පිටිදූවේ සිරිධම්ම හිමි බවට පත් වෙයි.

7119 Views


මල්වතු නාහිමි ඉදිරියේ වැඳ සමාව ඉල්ලූ සමන්තබද්‍ර හිමි, යළිත් පිටිදූවේ සිරිධම්ම හිමි බවට පත් වෙයි.

සිරි සමන්තබද්‍ර හිමියන්ගේ කලින් නම වුනේ පිටිදුවේ සිරිධම්ම හිමි. එත් පහුගිය අවුරුදු කිහිපය පුරාවටම තමන් වහන්සේ රහත් වී ඇති බවත් තමන් මෙලොව බිහි වූ උතුම් බුදු හිමියන්ට සමානයි කියලා එක එක එක ප්‍රකාශ කළා. එත් මල්වතු මහා විහාරයට ගිහින් සමාව අයද සිටීමෙන් පස්සේ සමන්තු බද්‍ර කියන නම උන්වන්සේ අත්හැරියා කියලා, උන් වහන්සේ කියනවා. මෙහෙම ප්‍රකාශයක් උන් වහන්සේ කලේ ධර්ම ප්‍රචාරණය සිදු කරන Siri Sadaham Ashramaya කියන Facebook පිටුවෙන්. මේ උන් වහන්සේ මල් වතු විහාරයට ගිහින් සමාව ලබා ගැනීමෙන් පස්සේ තියපු Facebook සටහන.

“මෑතකදී පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ (සිරි සමන්තභද්‍ර හිමි) විසින් දේශනයක් අතරතුරදී සිදු කල ප්‍රකාශයක් එක්තරා බෞද්ධ රූපවාහිනී නාලිකාවක් මගින් එය දන්තධාතූන් වහන්සේටත්, ලළාට ධාතුන් වහන්සේටත් සිදු කල නිග්‍රහයක් ලෙසට විකෘති කොට පෙන්වා දීම පිළිබඳව අද දින මල්වතු මහයානක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාව පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ සමඟ සුහදව සාකච්ඡාවක් ඊයේත් අද දිනත් මල්වතු මහාවිහාරයේදී සිදු කළා.

එහිදී, නුවර ප්‍රදේශයේ සිදු කල ධර්ම දේශනාවක් අතරතුරේදී සිදුවූ බාධාකාරී තත්වය අස්ගිරි පාර්ශවයෙන් සිදු කළා යයි සිතා සිදුකල ප්‍රකාශයෙන් අස්ගිරි පාර්ශවයට අපහාසයක් සිදු වී නම් එයට සමාව ගැනීමටද සුදානම් බව පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ (සිරි සමන්තභද්‍ර හිමි) එහිදී ප්‍රකාශ කළහ. උක්ත දන්තධාතුන් වහන්සේලාට අදාළ ප්‍රකාශයෙන් පිටිදුවේ සිරිධම්ම හිමියන් කිසිලෙසකින්වත් මහනුවර වැඩ සිටින පූජනීය දන්ත ධාතුන් වහන්සේට හට හා සේරුවාවිල වැඩ වෙසෙන ලළාට ධතුන්වහන්සේට පරිභවයක් නොකළ බවත් එය අදාළ නාලිකාව මගින් විකෘති කොට පෙන්වා දුන් දෙයක් බවත් මහනායක හිමිපාණන් වහන්සේද ඒකමතිකව පිළිගත්හ. එමෙන්ම සිරිධම්ම හිමියන් පෙන්වා දුන්නේ ව්‍යාජ ධාතු ගෙන්වා අද සිදුකෙරෙන වංචාව ගැන බවද මහනායක හිමිපාණන් වහන්සේ කරුණු අවබෝධ කොටගෙන තිබුණි.

මින් අනතුරුව සිරි සදහම් ආශ්‍රමයේත්, උමංදාව මහා විහාර ආශ්‍රමයේත් සිදුවන සියලුම ශාසනික කටයුතු ශ්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් සිදුකිරීමටත් මෙහිදී එකඟතාවයට පත්විය. එමෙන්ම පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ (සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ) විසින් සිදු කෙරෙන සියලුම ශාසනික වැඩපිළිවෙලවල් සඳහා මහනායක හිමියන්ගේ පූර්ණ ආශීර්වාදය ලබා දෙන බවත් උන්වහන්සේ මේ ඉදිරි ගමනට ශක්තියක් වන බවත් ප්‍රකාශ කොට සිටියහ.

https://www.facebook.com/ashramaya/videos/1514957941924225/


News Articles
Latest Videos
Most Popular Post