අද වෙද්දී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් තරගාවලිය පිටියෙන් එලියේත් තියුණු ගැටුමක් බවට පත්වෙලා. ඒ පාකිස්ථානයේ ලාහෝර් වල තියෙන අවසන් පන්දුවාර 20 තරගයට යන්න බැහැ, එහේ ආරක්ෂාව ගැන බයයි කියලා ශ්‍රී ලංකා පිලේ ජේෂ්ට ක්‍රීඩකයෝ රැසක් ක්‍රිකට් බලධාරීන්ට ලිපියකින් දැනුම් දුන්නු නිසා. කොහොම වුනත් මේ ගැන ඊයේ වෙද්දී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහත්මයා කිවුවේ ක්‍රීඩකයන්ට බය වෙන්න දෙයක් නැහැ, ඕන නම් මමත් ලාහෝර් යන්න එන්නම් කියලයි. මේ තියෙන්නේ ඒ පිළිබඳව අපි ඊයේ පළ කරපු ලිපිය.
මේ කොහොම වුනත් අද උදේ වෙද්දී අපිට ලැබුණු ආරංචිය නම් එච්චර සුභවාදී නැහැ.
“ලාහෝර් වල තියෙන T 20 තරගය සෙල්ලම් කරන්න කැමති අයට විතරයි අබුඩාබි වල තියෙන පළවෙනි T 20 තරග දෙක සෙල්ලම් කරන්න දෙන්නේ. මොකද කියන්නේ ලාහෝර් යන්න කැමති නම් T 20 ටීම් එකට එන්න ලෑස්ති වෙන්න.”
ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට මේ පණිවුඩේ යවලා. ඒ කියන්නේ පක්ස්ථානයේ ආරක්ෂාව මදී කියලා එහේ යන්න බය වුණොත් T 20 කණ්ඩායමෙන් කැපෙන්න වෙනවා. අවධානම අරං ලාහෝර් යන්න හා කිවුවොත් අබුඩාබියේ තියෙන පළවෙනි T 20 තරග දෙකට සෙල්ලම් කරන්නත් Chance එකක් එනවා. හැබැයි ඉතින් ක්‍රිකට් ආයතනයේ මේ තීරණය ගැන නම් මේ වෙද්දී ලංකාවේ ක්‍රීඩකයෝ ඉන්නේ කලකිරිලා කියලයි අපිට අබුඩාබි නුවරින් ආරංචි වුනේ. කොහොම වුණත් මේ ප්‍රශ්නේ තව උඩු දුවයි කියලයි අපිට නම් හිතෙන්නේ. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි.
බලමු ලාහෝර් යන්න කවුද කැමති වෙන්නේ කියලා…