ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. එ් අබුඩාබි නුවර, ශේක් සයිඩ් ක්‍රීඩාංගණයේදී. ලංකාවේ වෙලාවෙන් හවස 4.30 ට තරඟය පටන් ගන්න නියමිතයි. පළවෙනි තරඟය වගේම මේ තරඟයේදීත් පිටියේ වාසිය කාට ලැබේවිද කියලා අපි හොයලා බැලුවා.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මීට කලින් ශේක් සයිඩ් ක්‍රීඩාංගනයේදී තරඟ 6 කදී මුණගැහිලා තියෙනවා. ඉන් තරඟ 2 ක් ලංකාවත් තරඟ 4 ක් පාකිස්තානයත් දිනලා තියෙනවා. මේ තරඟයේදී කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් වෙනවා. මොකද පළමුවෙන්ම පන්දුවට පහර දෙන කණ්ඩායමට වැඩි වාසියක් තියෙනවා. එ වගේ තරඟය ජයග්‍රහණය කරන්න නම් ඔවුන්ට ලකුණු 300 ක වත් ඉලක්කයක් ලබා දෙන්න වෙනවා. ශේක් සයිඩ් තණතිල්ල මන්දගාමී තණතිල්ලක්. එ් නිසා පිතිකරුවන්ට වාසිදායක වෙනවා එ් නිසා පිතිකරුවන්ට වැඩි වගකීමක් මේ තරඟයේදී පැටවෙනවා.
ශේක්සයිඩ් ක්‍රීඩාංගනයේදී පාකිස්තානය ලබාගෙන තියෙන වැඩිම ලකුණු ගණන වෙන්නෙ 313 ක්. ක්‍රීඩාංගණයේ වාර්තා කළ වැඩිම ලකුණු ගණනත් එ්ක. ලංකාව ලකුණු 296 ක් තමයි මේ ක්‍රීඩාංගණයේදී වැඩියෙන්ම වාර්තා කරලා තියෙන්නෙ. ලංකාව අන්තිමට සෙල්ලම් කරපු එක්දින තරඟ 5 ම පරාජය වෙලා තියෙනවා. හැබැයි පාකිස්තානය නම් ක්‍රීඩා කරපු අන්තිම තරඟ 5 ම ජයග්‍රහණය කරා. මේ සේරම කරුණු දිහා බැලුවම පේන්නෙ ලංකාවට වඩා පාකිස්තානයට වැඩි වාසියක් තියෙනවා කියලයි. හැබැයි ඉතිං ලංකාවේ ක්‍රීඩකයන්ව අවතක්සේරු කරන්නත් බෑ. මොකද නොහිතන වෙලාවට තරඟ දිනවන්න ලංකාවේ ක්‍රීඩකයෝ හපන්නු නිසා.