News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

තරංගගේ උගුල වැඩ කරයි. පාකිස්තානය අහුවෙයි. බාබර් බේරේ.

3054 Views


තරංගගේ උගුල වැඩ කරයි. පාකිස්තානය අහුවෙයි. බාබර් බේරේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි එක්දින තරඟය ශේක් සයිඩ් පිටියේදී අාරම්භ වුනා. පළවෙනි එක්දින තරඟයේ ලද පරාජයේ පීඩනය එක්ක තමයි ලංකාව මේ තරඟයට අාවේ.

කාසියේ වාසිය දිනා ගත්ත සෆ්‍රාස් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. කොහොම වුනත් තරංගගේ උගුලට පාකිස්තානයේ මුල් පෙල පිතිකරුවන්ව ලේසියෙන් හසු කර ගන්න පුළුවන් වුනා. පාකිස්තානයේ පළවෙනි කඩුල්ල විදියට ෆාකර් සාමාන් ලකුණු 11 කට දැවී ගියා. අහමඩ් ශෙසාඩ් ලකුණු 8 යි. මොහොමඩ් හෆීස් ලකුණු 8 කට දැවී ගියා. පළවෙනි තරඟයේ පාකිස්තාන ඉනිම ගොඩ ගත්ත බාබර් සහ මලික් අදත් පාකිස්තානය ඔසවා තබන්න උත්සහ කරත් එ්ක අසාර්ථක වුනා. මලික් ලකුණු 11 කට දැවී ගියා. නායක සෆ්‍රාස් ලකුණු 5 යි. ඉමාඩ් වසීම් ලකුණු 10 යි.

පළවෙනි තරඟයේ මෙන්ම අද තරඟයේත් පාකිස්තානයේ නැංගුරම වුනේ බාබර් අසාම්. පිට පිට දෙවෙනි ශතකයත් රැස්කල ඔහු ලකුණු 101 ක් රැස් කලා. එ් හතරේ පහර 6 ක් සමඟ. ඔහුට අනගි සහයක් දුන්න ශඩාබ් කාන් මංගල අර්ධ ශතකය වාර්තා කරා. ඔහු නොදැවි ලකුණු 52 රැස් කරා. ඔවුන් දෙදෙනා 7 වෙනි කඩුල්ලට ලකුණු 109 ක සබඳතාවක් ගොඩනැගුවා. හසන් අලී ලකුණු 7 යි.

පාකිස්තාන ඉනිම දුර්වල කල ලහිරු ගමගේ කඩුලු 4 ක් දවා ගත්තා. තිසර පෙරේරා කඩුලු 2 යි. ලක්මාල් සහ වැන්ඩර්සි එක් කඩුල්ල බැගින් ලබා ගත්තා. පන්දු ඕවර 50 අවසන් වෙද්දී පාකිස්තානය කඩුලු 9 ක් දැවී ලකුණු 219 ක් ලබා ගත්තා.

එ් අනුව ලංකාවට 220 ක ඉලක්කයක් ලැබෙනවා. මේ ලකුණු ප්‍රමාණය නම් ජයග්‍රහණය කරන්න අපහසු ලකූණු ප්‍රමාණයක් නෙවෙයි. වැටිලා ඉන්න පාරාජයේ වලෙන් ගොඩ එන්න ලංකාවට ලැබුණ හොද අවස්ථාවක් මේක.

 


News Articles
Latest Videos
Most Popular Post