News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

“ බුදු දහම ගැන පැහැදුණු නිසා මම ආයිත් ලංකාව දාලා යන්නේ නෑ ” අවුකන පුදබිමේ කුණු එකතු කරන විදේශිකයා කියයි.

2372 Views


“ බුදු දහම ගැන පැහැදුණු නිසා මම ආයිත් ලංකාව දාලා යන්නේ නෑ ” අවුකන පුදබිමේ කුණු එකතු කරන විදේශිකයා කියයි.

ශ්‍රී ලංකාවේ ලස්සනට , සංස්කෘතියට ඒ වගේම මිනිසුන්ට ආදරය කරන සංචාරකයෝ නිතරම වගේ තමන්ගේ සංචාරය සඳහා අපේ රට තෝරාගන්නවා. ඉතින් මීට අවුරුදු 29 කට කලින් ඔස්ට්‍රියාවේ තරුණයෙක් ලංකාවට ආවා. මේ තරුණයා බුදු දහම ගැන ලොකු විශ්වාසයක් තියෙන කෙනෙක්. ඒ නිසාම ඔහු ආපහු ලංකාවට එන්නේ යන්න හිතාගෙන නෙමෙයි. ඔහු ලංකාවේ නතරවෙලා ආගම දහමට නැඹුරුව කටයුතු කරන්න කැමති නිසා ආපහු ඔස්ට්‍රියාවට යන්නේ නෑ කියල තමයි කියන්නේ. ඉතින් ඔහු පහුගිය සතියක ලංකාවට වෙලා කරපු දෙයක් ගැන සටහනක් Facebook සමාජ ජාලය ඔස්සේ මේ දවස්වල කතා වෙනවා. මේ තියෙන්නේ ඔහු ගැන ලංකාවේ ඉන්න අපේ කෙනෙක් තමන්ගේ Facebook ගිණුමට එකතු කරපු සටහනක්.

“වේලාව උදෑසන 10යි, අවුකන පිළිමය අසල කුණු කසල එකතු කරමින් පුද්ගලයෙකු දුටිමි. ඔහු බැලූ බැල්මට මෙරට පුද්ගලයෙක් නොවූ නිසා වචන කිහිපයක් කතා කරන්නට සිතුවෙමි. නමින් ඔහු ජෝන්, වන අතර ඔස්ට්‍රියාව ඔහුගේ මව් රටයි. වසර 29 කට පෙර යෞවනයෙකු ලෙස ඔහු මෙරටට පැමිණ ඇත්තේ සංචාරයක් සඳහාය, බුදු දහම පිළිබඳ යම් දැනුමක් ලබා ගත් ඔහු නැවත තම රට බලා යන්නේ සියල්ල අතහැරීමේ බලාපොරොත්තු ඇතිවය. වසර ගණනාවකින් පසු (එනම් මීට සති 6කට පෙර) නැවත මෙරටට පැමිණෙන ඔහු සිය ජීවිතයේ ඉතිරි කාලය අවුකන විහාරයේ සිට ගත කිරීමට තීරණය කර ඇත. සිතන්න “

ඔස්ට්‍රියාව යනු යුරෝපයේ ඇති ධනවත් රටකි. එහි පුරවැසියෙකු අපේ රටේ කුණු එකතු කරන එක ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔහුගේ නිහඬ සේවය ඇගයීමට මා කිසිවිටෙකවත් දෙවතාවක් නොසිතමි.මොකද ඔහු සිදුකරන්නේ රඟපෑමක් නොවන බව මා සැබැවින්ම දන්නා නිසාවෙනි. ස්තූතියි සොයුර ඔබට,තෙරුවන් සරණයි”

ඇත්තටම උපතින්ම බෞද්ධ නොවුනත් මේ තරුණයට, බෞද්ධ ආගම ගැන තියෙන පැහැදීම සහ විශ්වාසය අප අගය කරන්න ඕන. ඒ වගේම අපේ රටේ පරිසරය රැකීම ගැන තියෙන උනන්දුව සහ කැපවීම ගැනත් අපි ලාංකිකයෝ විදිහට මීට වැඩ සැලකිලිමත් වෙන්න ඕන කියන කාරණය ගැනත් දෙපාරක් හිතන්න වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post