News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

පාකිස්තානයේ සෙමින් පන්දුවට ලංකාවේ ක්‍රිකට් අනාගතය බිඳවැටෙයි.

2413 Views


පාකිස්තානයේ සෙමින් පන්දුවට ලංකාවේ ක්‍රිකට් අනාගතය බිඳවැටෙයි.

පළවෙනි තරඟ දෙකේ පරාජයෙන් පස්සෙ ලංකාව තුන්වන එක්දින තරඟයට අාවේ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් එක්ක. එ් දිගටම අසාර්ථක වුන කුසල් මෙන්ඩිස් වෙනුවට චාමර කපුගෙදරත්, සුරංග ලක්මාල් වෙනුවට දුෂ්මන්ත චමීරත් කණ්ඩායමට කැදවලා.

කාසියේ වාසිය දිනා ගත්ත තරංග මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. කාලෙකට පස්සෙ හොඳ අාරම්භයක් ලබා ගත්ත තරංග සහ දික්වැල්ල ලකුණු 59 ක සබදතාවක් ගොඩනැගුවා. දික්වැල්ල ලකුණු 18 කට දැවී ගියා. ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කල චන්දිමාල් පන්දු 49 කදී ලකුණු 19 යි. තරඟාවලියේ ලංකාවේ සාර්ථකම පිතිකරුවා වුන තරංග ලකුණු 61 යි. එ් 4 පහර 5 ක් සමඟ. කපුගෙදර ලකුණු 18 යි. තිරිමාන්න ලකුණු 28 කට දැවී ගියා. 9 වෙනි කඩුල්ලට පිටියේ එක්වුන තිසර සහ චමීර ලකුණු 42 ක සබඳතාවක් ගොඩනැගුවා. චමීර ලකුණු 10 යි. ලංකාවේ නම්බුව යම් තරමකින් හරි අාරක්ෂා කරන්න උත්සහා කල තිසර පෙරේරා වේගවත් ලකුණු 35 ක් රැස් කරා. එ් 4 පහර 5 ක් සමඟ.

පන්දුවාර 48 යි පන්දු 2 ක් වෙද්දි ලංකාවේ සියලුම පිතිකරුවන් දවා ගන්න පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වුනා. ලංකාවට ලබා ගන්න. පුළුවන් වුනේ ලකුණු 208 ක් විතරයි. ශ්‍රී ලංකා ඉනිම සුනු විසුණු කල හසන් අලී කඩුලු 5 යි. ෂදාම් ඛාන් කඩුලු 2 යි. හෆීස් සහ ජුනයිඩ් ඛාන් එක කඩුල්ල බැගින් දවා ගත්තා.

කොහොම වුනත් දෙවෙනි ඉනිමේදී පන්දු යවන්නන්ට වැඩි වාසියක් ලැබෙනවා. එ් නිසා ලංකාවට දැන් ඉතිරිවෙලා තියෙන්නෙ පන්දු යවන්නන්ගේ පිහිට විතරයි. කොහොම වුනත් තාමත් ලංකාවට තරඟය ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. අපි බලමු ලංකාවේ පන්දු යවන්නන්ට පාකිස්තාන පිතිකරුවන්ව දඩයම් කරන්න පුළුවන් වෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post