News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

අද වෘත්තිමය කටයුතු වලට බාධා එන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1421 Views


අද වෘත්තිමය කටයුතු වලට බාධා එන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

 

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 19 බ්‍රහස්පතින්දා

රාහු කාලය: ප.ව 01.25 සිට 02.54

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: දකුණ

මේෂ ලග්නය

අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමේ හැකියාව පවතිනවා. ඔබට එරෙහිව සතුරුකම් කරන අයව දැන හදුනා ගන්න ඔවුන්ව පවා තමන්ගේ වසගයට ගන්න අද දවස වාසනාව පවතිනවා. වෘත්තිමය කටයුතු වලදී පුංචි බාධාකාරී තත්ව ඇතිවිය හැකියි. තමන්ගේ කායික මානසික ශක්තිය දියුණු වෙනවා. අන් අයත් සමග පොදු කටයුතු වලදී උරෙන් උර ගැටී කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. ව්‍යාපාරික කටයුතු දියුණු වෙනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව වලින් පිඩාවට පත් වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලින් පවා දියුණු වෙනවා. විවාහ ජීවිතය ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා.

ජය වර්ණය: රන්වන් පැහැය                       ජය අංකය: 07

වෘෂභ ලග්නය

අධ්‍යාපනික ක්ෂේත්‍රයේ කටයුතු සාර්ථක වෙනවා. තමන්ගේ දුදරුවන්ගේ කටයුතු මුලික කරගෙන ජයග්‍රහණ පිලිබදව සතුට භුක්ති විදින්න පුළුවන්. ඔවුන් වෙනුවෙන් කාලය මිඩංගු කිරිමටත් ඔබට සිදු වේවි. තමන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පැවතීම නිසා මානසික සතුටක් තෘප්තියක් ගෙන දෙනවා. කායික ශක්තිය මානසික ශක්තිය වර්ධනය වෙනවා. තරමක ජවසම්පන්න ලීලාවෙන් කටයුතු කරන දිනයක්. ගෘහ ජීවිතය ආශ්‍රිතව බාධා කම්කටොළු වගේ දේවල් පැවතුනානම් ඒවා යහපත් අතට හැරෙනවා. සතුරු කරදර බාධා කම්කටොළු දුරු කර ගැනීමේ හැකියාව පවතිනවා. මව පියා ආශ්‍රිත කටයුතු පවා දියුණු වෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                        ජය අංකය: 06

 

මිථුන ලග්නය

කලාකාමී කටයුතු ව්‍යාපාරික කටයුතු අලෙවිකරණ වැනි කටයුතු වලට යහපත් දිනයක්. උපදේශනාත්මක කටයුතු පවා දියුණු වෙනවා. පියපස ඥාතීන්ගෙන් බොහෝ උදව් උපකාර හිමි වෙනවා. ආහාර විෂවීම බෙහෙත් ඖෂධ මාත්‍රාව ඉහල යාම වැනි කරුණු මුල් කරගෙන සෞඛ්‍ය තත්වය පිරිහෙනවා. සෞඛ්‍ය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වන්න. වචන භාවිතා කිරීමේදි නම්‍යශීලි වන්න.

ජය වර්ණය: විසිතුරු පැහැය                      ජය අංකය: 08

කටක ලග්නය

තමන්ගේ කායික ශක්තිය මානසික ශක්තිය වගේම ආකර්ෂණ ශක්තිය ඉහල යනවා. වික්‍රමාන්විත ලීලාවෙන් ආරම්භ කරන සෑම කටයුත්තක්ම ඒ වශයෙන්ම අවසන් කල හැකි වෙනවා. කලාකාමී කටයුතු දියුණු වෙනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලත් යම් ආකාරයක දියුණුවක් අපේක්ෂා කරනවා. ව්‍යාපාරික කටයුතු තරගකාරි කටයුතු ජයග්‍රාහී ලීලාවෙන් පවත්වා ගෙන යාමේ හැකියාව පවතිනවා. අධ්‍යාපනික කටයුතු වල නම් මන්දගාමී තත්වයක් ඇති වෙනවා. මව්පස ඥාතීන් සමග සබදතාවය උසස් මට්ටමක පවතිනවා. මනසට නිරෝගීභාවයක් ඇති වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 05

 

සිංහ ලග්නය

වචන භාවිතා කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. ඔබ භාවිතා කරන වචන හරහා අන් අයව වසග කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. ආර්ථික වශයෙන් ලාභදායී තත්ව ඇති වෙනවා. ඔබ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට යහපත් දවසක්. වෘත්තිමය කටයුතු දීප්තිමත්භාවයට පත් වෙනවා. ස්ථාවර වීම උසස් වීම ආදී කටයුතු වලටත් යෝග්‍යයි. පියපස ඥාතීන්ගේ උදව් උපකාර හිමි වෙනවා. ඉහල නිලධාරීන්ගේ ආකර්ශනයත් හිමි වෙනවා. දුර බැහැර ගමන් වලටත් යම් ආකාරයක පිඩාවක් ඇති වෙනවා. අනවශ්‍ය වියදම් වැඩි වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 08

 

 

කන්‍යා ලග්නය

ආකර්ෂණ ශක්තිය ඉතාමත් ඉහල යනවා. ප්‍රීතිමත්ව ක්‍රීඩාවෙන් විනෝදයෙන් ගත කරන්න වැඩි කැමැත්තක් දක්වනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් පවා දියුණුවක් අපේක්ෂා කල හැකියි. සමාජ සේවා කටයුතු වලට මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලටත් ඉතාමත් යහපත්. වෘත්තිමය කටයුතු දියුණු වෙනවා. සංචාරක කටයුතු දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. එවැනි කටයුතු වලින් යම් සහනයක් ලැබෙනවා. මිතුරන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනවා. කල්පනාකාරීව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 05

තුලා ලග්නය

ඥාන ශක්තිය වර්ධනය වෙනවා. ගණිත මිණිත හැකියාව දියුණු වෙනවා. අන් අයව අබිභවා යන්න පුළුවන් මට්ටමේ ඥාන ශක්තියක් වර්ධනය වෙනවා. වියදම් පාර්ශවය ඉහල යනවා. අඩමානයට කරන කටයුතු වලින් යම් ආකාරයක බාධාවක් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. තමන්ගේ සමීපතම කෙනෙක්ට සිදුවන සෞඛ්‍ය පීඩාකාරී තත්වයක් මුලික කරගෙන තමන්ගේ කටයුතු කල් දානවා. අනවශ්‍ය වියදම්කාරී ස්වභාව අමතර වියදම් ඇතිවීමේ තත්ව පවතිනවා.  කායික ශක්තිය යම් ප්‍රමාණයකට දුර්වල වෙනවා. දණහිස ආශ්‍රිත රෝග පවා ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 03

 

වෘශ්චික ලග්නය

 

තමන්ගේ කටයුතු පහසුවෙන් සාර්ථකව පවත්වා ගෙන යා හැකියි. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වගේම සන්නිවේදන ආශ්‍රිත කටයුතු පැහැදිලිව දියුණු කරගන්න පුළුවන්. කායික ශක්තිය වර්ධනය වෙනවා. අන් අය සමග මිශ්‍ර වෙලා කරන්නාවූ කටයුතු වලින් යම් දියුණුවක් අපේක්ෂා කල හැකියි. පැරණි යහළුවන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමේදී තරමක් කල්පනාකාරී වන්න. චිත්ත පිඩා ඇතිවිය හැකියි. කළමනාකරණ ශක්තිය මුලික කරගෙන ජයග්‍රහණ අත් කරගත හැකියි. ඉවසිලිවන්තව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය                       ජය අංකය: 01

ධනු ලග්නය

කායික ශක්තිය ඉහල යනවා. සමාජ ශක්තිය වර්ධනය වෙනවා. තමන් පිලිබදව තියෙන අභිමානය ඉතා උසස් මට්ටමකට පත් වෙනවා. අන් අය තමන්ගේ කටයුතු වලට කැමැත්තෙන් යුක්තව උදව් උපකාර කරනවා. මව්පස ඥාතීන්ගේ උදව් උපකාර ලැබෙනවා. ආකර්ෂණ ශක්තිය මුලික කරගෙන ජයග්‍රහණ අත්කර ගත හැකියි. තමන්ට එරෙහිව සතුරු කරදර රහසිගත සතුරු කරදර ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා පවතිනවා. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා කටයුතු මුද්‍රණය ආශ්‍රිත කටයුතු දියුණු කරගන්න පුළුවන්. දුර බැහැර යන්න ආරාධනා ලැබෙනවා.

ජය වර්ණය: රන්වන් පැහැය                      ජය අංකය: 06

 

මකර ලග්නය

පෙරපින පවතිනවා. අත ගහන බොහෝ කටයුතු සාර්ථක වෙනවා. කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්. සමාජ සේවා කටයුතු දියුණු කරගන්නත් හැකි වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව වෙනදට වඩා උනන්දුයි. ප්‍රේමනීය සබදතා ශක්තිමත් වෙනවා. අන් අයගේ ආකර්ෂණය හිමි වෙනවා. කල්පනාකාරී වෙන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය                       ජය අංකය: 03

 

කුම්භ ලග්නය

කල්පනාකාරී වීම වඩාත් වැදගත්. මව්පස ඥාතීන් පිලිබදව දුක් කම්කටොළු ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. මනසට යම් ආකාරයක පිඩාවක් ඇති වෙනවා. කායික ශක්තිය දියුණු වෙනවා. චිත්ත පිඩා ඇතිවීමේ තත්වයක් පෙන්නුම් කරනවා. යන්ත්‍රසුත්‍ර ආශ්‍රිත කටයුතු වලත් යම් ආකාරයක පිඩා ඇති වෙනවා. වෘත්තිමය කටයුතු වලටත් යම් බාධා එල්ල විය හැකියි. මානව සම්පත් කළමනාකරණය ආදී කටයුතු වලට යහපත්. සියුම් සතුරු කරදර පිලිබදව අවධානය යොමු කරන්න. කායික ශක්තිය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වන්න. පොත්පත් ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් යම් සහනයක් අත්කර ගන්න පුළුවන්.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 07

මීන ලග්නය

කල්පනාකාරී වීම වඩාත් වැදගත්. මව්පස ඥාතීන් පිලිබදව දුක් කම්කටොළු ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. මනසට යම් ආකාරයක පිඩාවක් ඇති වෙනවා. කායික ශක්තිය දියුණු වෙනවා. චිත්ත පිඩා ඇතිවීමේ තත්වයක් පෙන්නුම් කරනවා. යන්ත්‍රසුත්‍ර ආශ්‍රිත කටයුතු වලත් යම් ආකාරයක පිඩා ඇති වෙනවා. වෘත්තිමය කටයුතු වලටත් යම් බාධා එල්ල විය හැකියි. මානව සම්පත් කළමනාකරණය ආදී කටයුතු වලට යහපත්. සියුම් සතුරු කරදර පිලිබදව අවධානය යොමු කරන්න. කායික ශක්තිය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වන්න. පොත්පත් ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් යම් සහනයක් අත්කර ගන්න පුළුවන්.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 07

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post