News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

ඊයේ රෑ කඩන් වැටුන අත්භූත වස්තුව මොකක්ද? ඇත්තම විස්තරය මෙන්න.

3527 Views


ඊයේ රෑ කඩන් වැටුන අත්භූත වස්තුව මොකක්ද? ඇත්තම විස්තරය මෙන්න.

දකුණු පළාතේ ගොඩක් ප්‍රදේශවලට ඊයේ රෑ 8.00 – 9.00 අතර කාලයේ විශාල පිපුරුම් ශබ්ධයක් ඇහුනා කියල වාර්තා වුනා. ඒ ප්‍රදේශවල ඉන්න කට්ටිය කිව්වේ පිපිරුම් හඬක් සමග විශාල එළියක් දැක ගන්න ලැබුනා කියලා. තවත් අය මේ විශාල වස්තුව, මාතර ප්‍රදේශයේ මුහුදට කඩාගෙන වැටෙනවත් දැකලා තිබුනා වගේම සමහර අයගේ ගෙවල් ඉතා කුඩා දෙදරීමකටත් ලක් වෙලා තිබුනා. කොහොම වුනත් මේක වැඩිපුරම දැනිලා තිබුනේ දකුණු පලාතෙ අයට වුනත් ලංකාවේ වෙනත් ප්‍රදේශවලටත් පෙනිලා, ඇහිලා තියෙනවා කියල වාර්තා පල වුනා.

කොහොම වුනත් කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දන ජයරත්න මහත්මයා කියන්නේ මේක Fire Ball වර්ගයේ උල්කාෂ්මයක් කියලයි. ඒ වගේම කුඩා ප්‍රමාණයේ උල්කාෂ්ම කැබලි පෘතුවියට මිට කලින් වැටිලා තිබුනත්, මේ විදිහේ විශාල ප්‍රමාණයේ කැබැල්ලක් දකින්න සහ විශාල ශබ්ධයක් අහන්න ලැබුන මෑත ඉතිහාසයේ මුල්ම අවස්ථාව මේක.

මේ අතර හැලිගේ ධුමකෙතුවේ කක්ෂය හරහා පෘතුවිය ගමන් කිරීම නිසා එකෙන් උල්කාපාත වර්ෂාවක් ඇතිවීමටත් නියමිතයි. සමහර වෙලාවට ඒ නිසා ඇති වුන තත්වයක් වෙන්නත් පුළුවන් කියල තමයි ආචාර්ය චන්දන ජයරත්න මහත්මයා කිව්වේ. මේ ගැන ඔවුන් පරීක්ෂණ කරගෙන යනවා කියලත් චන්දන මහත්මයා වැඩි දුරටත් කිව්වා.


News Articles
Latest Videos
Most Popular Post