News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

ඔබේ දුරකථනයත් අනතුරේ…Smart දුරකථන Hack කරන වෛරසයක් ලංකාවේ.

1542 Views


ඔබේ දුරකථනයත් අනතුරේ…Smart දුරකථන Hack කරන වෛරසයක් ලංකාවේ.

සාමාන්‍යයෙන් වෛරස් බලපෑම් කරන්නෙ පරිගණකවලට කියලයි අපි අහලා තියෙන්නෙ. එ්ත් තාක්ෂණයේ දියුණුවත් එක්ක ස්මාර්ට් ජංගම දුරකතන වලට බලපෑම් කරන්න පුළුවන් වෛරස් හදලා තියෙනවා. මේ කියන්න යන්නෙත් එ් වගේ දෙයක්.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිවේදනයක් නිකුත් කරලා කිව්වේ ශ්‍රී ලංකාවේ භාවිතා කරන අැන්ඩ්‍රොයිඩ් දුරකතන වලටත් රැන්සම්වෙයා (RANSOM WARE)  වෛරස් එකට බලපෑම් කරන්න පුළුවන් කියලා. එ් නිසා ඔවුන් කියන්නේ අැන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන අය විශේෂ අවදානමකින් ඉන්න කියලා.

රැන්සම්වෙයාර් වෛරස් එක ලෝකය පුරා සීඝ්‍රයෙන් පැතිරෙනවා. මේ වෛරස් එක නිසා පරිගණක රැසක් සයිබර් ප්‍රහාර වලට ලක්වෙලා කප්පම් ඉල්ලපු අවස්ථා වාර්තා වෙනවා. බ්‍රිතාන්‍ය, අැමරිකාව, චීනය, රැසියාව, ස්පාඤ්ඤය සහ ඉතාලිය වගේ රටවල් රැන්සම්වෙයාර් වෛරස් ප්‍රහාරයන්ට ලක්වුනා. කොහොම වුනත් ඔබත් මේ ගැන හොද අවධානයකින් ඉන්න.


News Articles
Latest Videos
Most Popular Post