News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

කුසල් ජනිත්ගේ T 20 නායක සිහිනය බොඳවෙයි.

2581 Views


කුසල් ජනිත්ගේ T 20 නායක සිහිනය බොඳවෙයි.

අවසන් එක්දින තරඟයට තරංග පාකිස්තානයට යන්න බෑ කියපු නිසා කණ්ඩායමේ නායකත්වය ගැන ප්‍රශ්නයක් අැති වුනා. හැබැයි එ් සදහා කුසල් පෙරේරා පත් කරන්න තමයි ක්‍රිකට් අායතනය තීරණය කරලා තිබ්බෙ. එ් ගැන ක්‍රිකට්ලෝලීන් හිටියෙත් ගොඩක් සතුටුන්. හැබැයි එ් සතුට නැතිවෙන පුවතක් අපිට වාර්තා වුනා.

එ් තමයි ඊයේ තිබ්බ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණයෙන් කුසල් පෙරේරා අසමත් වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. එ් නිසා කුසල්ට පාකිස්තානය එක්ක විස්සයි විස්සයි තරඟාවලියට සහභාගී විම අවනිශ්චිත වෙලා තියෙනවා. මේ නිසා අායෙත් කණ්ඩායමේ නායකත්වය ගැන අර්බුදයක් හටගෙන තියෙනවා.

කොහොම වුනත් ක්‍රිකට් අායතනයෙන් එන අාරංචි මාර්ග කියන්නෙ කුසල්ට මේ තරඟාවලියට සහභාගී වෙන්න බැරි වුනොත් තිසර පෙරේරා පාකිස්තානය එක්ක T20 තරඟාවලියේ නායකත්වට පත්කරාවි කියලා.

මේ වෙද්දි පාකිස්තානය එක්ක තියෙන T20 තරඟාවලියට යවන්න ක්‍රීඩකයන් හොයා ගන්න බැරුව ක්‍රිකට් අායතනය ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ කියපත් ක්‍රිකට් අායතනයෙන් අාරංචි වෙනවා. දනුෂ්කගේ තරඟ තහනම ලිහිල් කරෙත් මේ තරඟාවලියට යවන්න කියලයි ගොඩක් අය කතාබහ වෙන්නෙ. කොහොම වුනත් ක්‍රිකට් අායතනය නම් මේ ගැන කිසිම ප්‍රකාශක් තාම නම් කරලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post