News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

ප්‍රවීණ රංගන ශිල්පී සෝමසිරි ආලකොලාංග මහණ වෙයි. – Exclusive

4147 Views


ප්‍රවීණ රංගන ශිල්පී සෝමසිරි ආලකොලාංග මහණ වෙයි. – Exclusive

ධර්මයෙහි හැසිරෙන්නා විසින්ම රකිනු ලබයි කියලයි බුදුන්වහසේගේ දේශණය. ඉතින් මෑත කාලෙයේ හැල්මේ දුවන සමාජයේ මේ විදිහට ජිවත් වෙන අය ඉන්නේ ඉතා අතලොස්සයි. හැමෝම තම තමන්ගේ වාසිය වෙනුවෙන්, දියුණුව වෙනුවෙන් ඔහේ දුවන ලෝකෙක තමයි අපි ඉන්නේ. ඒ අතරෙන් ධර්මයේ හැසිරෙන බව පෙන්නන්න සමහරු හොඳට අනිත් අය ඉදිරියේ රඟපානවා.

ඉතින් ඇත්තටම රඟපාන අය වගේම රස්සාවට රඟපාන අයත් ඉන්නවා. ඒ අතරින්, රස්සාවට රඟපාන අයගෙනුත් ප්‍රවීනයෙක් වෙන්න වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්න ලැබෙන්නේ බොහොම අතලොස්සකට විතරයි. ඉතින් මේ දෙකම නො අඩුව ලැබුන ප්‍රවීන රංගන ශිල්පියෙක් පහුගිය දවසක මහණ දිවියට ඇතුලත් වෙලා කියලා තොරතුරක් අපට ලැබුනා. ඔහු ප්‍රවීන රංගන ශිල්පී සෝමසිරි අලකොලාංග මහත්මයා. ඔහු මහණ වෙලා තියෙන්නේ ගරු හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින්.

මේ පිළිබඳව වැඩි විස්තර ගන්න උන් වහන්සේගේ ගිහි කළ බිරිඳව, දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කලත් අයගේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබුනා. නමුත් නම සඳහන් කිරීමට අකමැති වූ නාට්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක් මේ තොරතුර ඇත්තක් කියලා අපට තහවුරු කළා.


News Articles
Latest Videos
Most Popular Post