ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකතනවලට හානි කරන වෛරසයක් මේ වෙද්දී අන්තර්ජාලයේ සැරිසරනවා කියලා අපි ඔබට කිවුවනේ. ඉතින් මේ ගැන අදහස් දක්වන ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය කිවුවේ මේ මගින් ජංගම දුරකතනයේ ඇති තොරතුරු විකෘති කිරීමට හැකියාවක් ඇති බවයි.
ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා මේ ගැන අදහස් දක්වමින් කිවුවේ යම් අවස්ථාවකදී ඔබගේ දුරකතනය Update කිරීමට ඉල්ලා සිටින අතර එය ලබා දීමෙන් අදාළ වෛරසය ඇතුළුවී දුරකතනයේ ඇති දත්ත කියවා ගැනීමට නොහැකි වන අයුරින් වෙනස් වන බවයි.
ඉතින් මේ වෛරසයෙන් ආරක්‍ෂා වෙන්න නං පහත විදිහට ඔබේ ජංගම දුරකතනය භාවිතා කරන්න සිද්ධ වෙනවා.
“ඔබේ ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකතනයකින් අන්තර්ජාලයේ සැරිසරන කොට සැක කටයුතු වෙබ් අඩවි වලදී සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් ඉල්ලන්න පුළුවන්. එහෙමත් නැතිනම් වෙනත් අප්ඩේට් එකක් ඉල්ලන්න පුළුවන්. ඒවගේ අවස්ථාවකදී වඩාත් කල්පනාකාරී විය යුතුයි. ඒ වගේ ම ඔබේ ජංගම දුරකතනයේ ඇති විශේෂිත දත්තවල පිටපතක් වෙනත් ස්ථානයක අරං තියාගන්න පුළුවන්නම් මෙවන් අවස්ථාවලදී ඔබට සිදුවන හානිය අවම කරගන්න පුළුවන්.”
ඔබ සතුව ඇත්තේ ඇන්ඩ්‍රොයිඞ් වර්ගයේ ජංගම දුරකතනයක් නම් එය භාවිත කර අන්තර්ජාලය සැරිසරන විට සැක සහිත වෙබ් අඩවිවලට පිවිසීම හැකි පමණ සීමා කිරීමත් සුදුසු ආරක්‍ෂක පියවරක් බව තමයි අපිට කියන්න තියන්නේ.