අද 2017 ඔක්තෝම්බර් මාසයේ 20 සිකුරාදා
රාහු කාලය: පෙ.ව 10.25 සිට 11.55
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: ගිනිකොණ

රැකිරක්ෂා වෙළදාම් කටයුතු වල මන්දගාමී ස්වභාවයක් ඇතිවන අතර තමන්ගේ ගෙදරදොරේ කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති කරනවා. සමාජ තත්වය උසස් මට්ටමකට පත් වෙනවා. නමුත් කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව මුල්කර ගෙන පොදු කටයුතු වලට සහභාගී වීමට පුංචි පුංචි බාධා ඇති වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලින් ධන ශක්තිය වර්ධනය වෙනවා. කළමනාකාරිත්වය යහපත් මට්ටමක පවත්වාගෙන යන්න ඉවසීම යහපත් මට්ටමක පවත්වා ගෙන යන්න වඩාත් වැදගත් වේවි.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 08

ජවසම්පන්නව කටයුතු කිරීමේ අවස්ථාව උදා වෙනවා. යම් ආකාරයක රෝගයකින් ඔබ පිඩාවට පත් වෙලා හිටිය නම් අද දවසේදී නිරෝගී සුවය උදා වෙනවා. සතුරු බාධා යටපත් වෙනවා. චිත්ත පිඩා දුරු වෙනවා. අලුත් ආරම්භයන් සනිටුහන් කරන්න ඔබේ හිත ශක්තිමත් වෙනවා. තමාගේ පෞරුෂය වර්ධනය වෙනවා. සමාජය තුල කැපී පෙනෙන නමක් හදා ගන්න ඔබ උත්සහ වන්ත වෙනවා. කොහොම වුනත් අධ්‍යාපනික කටයුතු වල නම් පුංචි පසුබෑමක් ඇති වෙනවා. තරගකාරි කටයුතු වලින් ජය ගන්නවා.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 06

අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. තමන්ගේ දුදරුවන්ගේ කටයුතු වලට යම් කාලයක් මිඩංගු කරන්න සිදු වෙනවා. පුංචි පුංචි වියදම් ටිකක් ඉහල යනවා. අත්‍යවශ්‍ය කටයුතු වලට ආයෝජනය කරනවා. ගෙවල් දොරවල් අලංකරණය කරන්නත් යම් ආකාරයක කාලයක් මිඩංගු කරන්න සිදු වෙනවා. ශ්‍රමයත් ධනයත් වැය කිරීමට සිදු වෙනවා. කායික ශක්තිය නිරෝගී වෙනවා. ජලය ආශ්‍රිත පරිසර වලදී තරමක් කල්පනාකාරී වෙන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 03

දැනුම වර්ධනය වෙනවා. ආදායම් මාර්ග විවර වෙනවා. කලාකාමී කටයුතු වලට හිත ඇදිලා යනවා. ඕනෑම වැරද්දක් කරන කෙනෙක්ට සමාවක් දෙන්න තරමට හිතක් පහල වෙනවා. අසල්වාසීන් සමග මිතුරු ලීලාවෙන් කටයුතු කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. සමාජය තුල යහපත් නමක් දිනා ගන්න හැකියාව ලැබෙනවා. බොහෝ සිතුවිලි ඔබේ මනස තුල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම කළමනාකාරිත්වය උසස් තැනක තිබිය යුතුයි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 02

ඔබගේ පෞරුෂය පිලිබදව සමාජය තුල කතිකාවතක් ගොඩ නැගෙනවා. අන් අයගේ ආකර්ෂණය හිමි වෙනවා. විරුද්ධ පාර්ශවයන් පවා ඔබ කරා ඇදිලා එනවා. දුර බැහැර යමන් යන්න ආරාධනා ලැබෙනවා. විදේශගත වීමේ සිහින සැබෑ වෙනවා. ආමාශගත රෝග වගේම සුරතල් සතුන්ගෙන් ඇතිවන පිඩා නිසා අහිතකර තත්ව ඇති වෙනවා. මනස සතුටෙන් පවත්වාගෙන යන්න හැකියාව ලැබේවි.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 07

කලාකාමී කටයුතු වල සමාජ සේවා කටයුතු වලට ඉතාමත්ම යහපත්. ආර්ථිකය වර්ධනය කරගන්න ඔබ බොහෝ උත්සහ කරනවා. නමුත් වියදම් පාර්ශවය ඉහල යාමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. අත්‍යවශ්‍ය ආයෝජන වලට ඔබගේ මනස ඇදිලා යනවා. මිට පෙර කල ආයෝජනවල ප්‍රථිපල භුක්ති විදීමට හැකියාව ලැබෙනවා. කොටස් වෙළදපොල වැනි ආයෝජන ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමෙන් පවා බොහෝ ලාභ ලැබිය හැකි වෙනවා. සංචාරක කටයුතු ආහාර අලෙවි කිරීම වැනි කටයුතු වලින් යහපතක් උදා කරගත හැකියි. අධ්‍යාපනික කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. තරගකාරි කටයුතු වලදී නම් මන්දගාමී ස්වභාවයක් ඇති වීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා තියෙනවා.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 09

රැකිරක්ෂා වෙළදාම් කටයුතු වලට වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා. තරමක වෙහෙසකර ගතියක් නිර්මාණය වෙනවා. කල්පනාකාරී වෙන්න. මානසික ශක්තිය නිවැරදිව පවත්වාගෙන යන්න. තීන්දු තීරණ ගැනීමේදී අන්යගේ බසට වඩා තමන්ගේ බුද්ධියට ඉඩ දෙන්න. උගත් උසස් පුද්ගලයන්ව නිතර ආශ්‍රය කරන්න. මානසික ශක්තිය වර්ධනය කරගන්න. සමාජ ගෞරවය දිනා ගන්න. ඔබගේ සමිපතමයෙකුගේ රෝගී වීමක් හේතු කරගෙන බෙහෙත් ගැනීමක් සදහා කාලය මිඩංගු කරන්න සිදු වේවි. දණහිස ආශ්‍රිත රෝග ඇති වේවි. පරිපාලනමය හැකියාව තීන්දු තීරණ ගැනීමේ හැකියාව උසස් මට්ටමක පවතිනවා. ගණිත මිණිත කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි. හැඟීම් පාලනය කරගන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 09

තරමක කල්පනාකාරී වන්න. අන්‍ය ආගමික අන්‍ය දේශිත අන්‍ය භාෂා කතා කරන පුද්ගලයන් සමග ඔබගේ ගණුදෙනු ඉහල මට්ටමක පවතිනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු සන්නිවේදනය ආශ්‍රිත කටයුතු වලින් යම් දියුණුවක් දිප්තිමත්භාවයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. සෙම් සහිත රෝග වලින් තමන්ගේ ජයග්‍රහණයට පුංචි හෝ බාධාවක් ඇති වෙනවා. මානසික ව්‍යාකුලතාව වුවත් ඇතිවිය හැකියි. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිතව කටයුතු කරන අයගේ කටයුතු සාර්ථක වෙනවා. ජිවිතයට යහපත් බලාපොරොත්තු එක්කර ගත හැකියි. චිත්ත පිඩා මානසික අසහන මව්දෙමව්පියන් රෝගී වීමේ තත්ව ඉහල මට්ටමක පවතිනවා.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 09

ජවසම්පන්නව ආරම්භ කරන කටයුතු කල්පනාකාරීව ක්‍රියාත්මක කරන්න. බොහෝ විට ඒ කටයුතු අතරමගදී ඇනහිටීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. සිත කලකිරීම් වැනි තත්ව ඇතිවිය හැකියි. දියරමය දේවල් ඖෂධ රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා මුද්‍රණ වැනි කටයුතු වල යම් ආකාරයක දීප්තිමත්භාවයක් දියුණුවක් අත්පත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. කලාකාමී කටයුතු වලට ඉතා යහපත්.ජිවිතයට යහපත් බලාපොරොත්තු එක්කර ගත හැකියි.
ජය වර්ණය: දීප්තිමත්කහ පැහැය ජය අංකය: 01

ප්‍රේමනීය සබදතා තුල බාධා කම්කටොලු තිබුණානම් ඒවා යටපත් කරගත හැකියි. හවුල් ව්‍යාපාර කටයුතු වලින් පවා යම් දීප්තිමත්භාවයක් ඇති කරගත හැකියි. යහපත් සිතුවිලි වලින් කරන බොහෝ කටයුතු සාර්ථකත්වයට පත් වෙනවා. දෙමව්පියන්ගේ ආශිර්වාදය හිමි වෙනවා. උගත්කමේ තරමට ප්‍රතිලාභ ලබන්න පුළුවන් දවසක්. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු බහුල කරාවි. අලුත් අලුත් යාලුවන්ව හදුනා ගන්නත් ඔවුන්ගෙන් උදව් උපකාර ලබා ගන්නත් වාසනාව පවතිනවා. කල්පනාකාරී වන්න. අදහස් ප්‍රකාශ කිරීමේදී තරමක ප්‍රමාදවීමක් සිදු වෙනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 08

ජවසම්පන්න ශක්තිමත් දිනයක්. තමන්ට එරෙහිව තිබුන බාධා කම්කටොලු අවබෝධ කරගෙන ඒවා යටපත් කරගෙන නැගී සිටීමේ ශක්තිය උදා වෙනවා. කල්පනාකාරීව කටයුතු කිරීමෙන් බොහෝ ජයග්‍රහණ අත්කර ගත හැකියි. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. අත්සන් තැබීම වැනි කටයුතු වලට ඔබට වැඩි වශයෙන් සහභාගී වෙන්න සිදු වෙනවා. මිතුරන්ගේ කටයුතු වලට මැදිහත් වෙලා පුංචි චිත්ත පිඩා ඇති වේවි. ප්‍රේමනීය සබදතා වලින් චිත්ත පිඩා ඇතිවිය හැකියි.
ජය වර්ණය: ලා නිල්පැහැය ජය අංකය: 08

දුරදිග හිතන්නේ බලන්නේ නැතුව ප්‍රේමනීය සබදතා ශක්තිමත් කර ගන්න උත්සහ කරනවා. තරඟකාරී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. අධ්‍යාපනික කටයුතු වලට නම් තරමක අසුභයි. ඉදිකිරීම් ආදී කටයුතු වලට යෝග්‍යයි. මව්පියන් සමග පුංචි අඩදබර ඇති වෙනවා. උගත් උසස් පුද්ගලයන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වෙන්න.
ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය ජය අංකය: 03
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය: 076 67 65 353