අද 2017 ඔක්තෝම්බර් මාසයේ 21 සෙනසුරාදා
රාහු කාලය පෙ.ව 08.55 සිට 10.25
සුභ දිශාවඋතුර
මරු සිටින දිශාව නැගෙනහිර

බාධාවකින් තොරව ඉදිරියට යාමේ හැකියාව සිතට සතුට නැගෙන දිනයක්. කල්ගිය මංගල යෝජනා ස්ථිර වීමක් හෝ ඔබ අවිවාහකයෙක් නම් මංගල කරුණු ස්ථිර වෙනවා. අලුත් අදහස් අලුත් ක්‍රියාත්මකවීම් තුලින් ඔබට යහපත් උදාවන අතර වරෙක ඔබ කරගෙන යන වැඩ කටයුත්තක් වෙනස් මගකට යොමු වෙනවා. දවසේ වැඩි හරියක් ඔබට එකිනෙකාගේ ප්‍රශ්න ගැටළු නිසා පසුතැවිලි වීමට ඉඩ තිබෙනවා. උදරාබාධ උෂ්ණ රෝග ඒ වගේම ගැස්රයිටිස් වැනි රෝග තත්ව ඇති අය ප්‍රවේසම් විය යුතුයි. ගන්නාවූ ආහාරපාන ගන්නාවූ ඖෂධ ගැන වඩාත් සැලකිලිමත් වන්න. ගෙදරදොරට අමුත්තන් පැමිණෙන අතර ඔවුන්ගෙන් ප්‍රශංසා ලැබීමට ඉඩ තිබෙනවා.
ජය වර්ණය දම් පැහැය ජය අංකය 02

උනන්දුව උත්සාහය ක්‍රියාත්මකවීම තුල ඔබට වඩාත් යහපත් දවසක් උදා වෙනවා. අලුත් අදහස් මත ක්‍රියාත්මකවන කරුණු කාරනා කීපයක් ඉටු කර ගන්නාවූ ඔබ දවසේ වැඩි හරියක් ඔබගේ අධ්‍යාපනය හෝ ඔබගේ කාර්යභාරයක් ඉටු කර ගැනීමට වෙහෙස වේවි. ගෙදරින් පිටත පිටස්තර ස්ථාන වල ගැවසීමට ඉඩ ඇති දිනයක්. අධ්‍යාපනය ලබන්නන්ට නව අධ්‍යාපන ක්‍රමයක් ඒවගේම යාන්ත්‍රික ඉංජිනේරු වැනි අංශ කෙරෙහි කැපවීමක් ප්‍රබෝධයක් ඇතිවන අතර රජයේ රැකියා කරන්නන්ට තරමක් දුරට ගැටළු සහගත බවක් ඇති වෙනවා. වරින්වර පවතින සතුරු කරදර නිසා ඔබට කලකිරීමක් මතු වේවි. ඉවසිලිවන්තව කටයුතු කරන්න. අන්‍යන්ගේ ප්‍රශ්ණ ඔබ තුලට පත්වන නිසා විටෙක කරන වැඩේ එපා වීමක් ඇති වෙනවා. සොර සතුරු කරදර හෝ අස්ථානගත වීම් තුලින්ද චිත්ත පිඩා ලැබේවි. ලගට එන අයගෙන් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය නිල්පැහැය ජය අංකය 04

යම් යම් අපහසුතා මද්‍යයේ වැඩක් ඇති ඵලදායක තත්වයක් ඇති කිරීමට වග බලා ගන්න. මිශ්‍ර ඵල දායක ගතියක් මතුවන අතර මෙතෙක් කලක් කරගෙන ආ වැඩ කටයුත්තක් වෙනස් ආරකට යොමු වීමක් හෝ වඩාත් උසස් අන්දමකට කර ගැනීමට හැකියාව ලැබෙනවා. දරුවෙකුගේ කටයුතු සාර්තකවන අතර ඔබ අධ්‍යාපනය ලබන්නේ නම් තරග විභාග ජය ලැබෙනවා. ගෙදරදොරට බඩු මුට්ටු අමතර ආදායම් ලැබීම තුලින් හිතට සහනයක්ද ලැබිය හැකියි. විශේෂයෙන් විවේකය අවශ්‍ය බවක් පෙන්වන අතර ඒ ගැන වඩාත් උනන්දු වන බවක් පෙන්වන අතර ඒ ගැන උනන්දු වෙනවා. යටිබඩ ආශ්‍රිත රෝග හෝ උෂ්නාබාධ ඇති අය අද දිනය තුලදී ප්‍රවේසම් විය යුතුයි. පිට කොන්ද ආශ්‍රිත රෝග ඇතිවීමටද ඉඩ තිබෙනවා.
ජය වර්ණය තද කොළ පැහැය ජය අංකය 05

වරින්වර දියුණුවක් බාධාවත් ඇති කරමින් ගමන් කරන දිනයක්. ගෙවල්දොරවල් සෑදීමක් හෝ යානවාහන මිලදී ගැනීමක් එවැනි චංචල නිශ්චල දේපල ලබා ගැනීමේ හැකියාවක්ද නීති ප්‍රශ්නයක් තුලින් ජය ලැබීමටද ඉඩ තිබෙනවා. සහෝදරයෙක් නිසා ගැටලුවකට මැදි වීමට ආසන්න නිසා කල්පනාකාරී විය යුතුයි. සහෝදරයින්ගේ ප්‍රශ්න ඔබ මතට පටවා ගැනීමෙන් වලකා ගත යුතුයි. ඔවුන් කල වැරදි ඔබ ලගා කරගෙන ඔබට විදීමට සිදුවන නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. අස්ථාන චෝදනා හෝ නින්දා අපහාස ඇතිවිය හැකි බැවින් ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. අස්ථාන චෝදනා හෝ නින්දා අපහාස ලැබීමට ඉඩ තිබෙන නිසා එවැනි දේවල් තුලින් වැළකිය යුතුයි. දරුවෙකුගේ අධ්‍යාපන සම්බන්ධතා වැඩි දියුණු කිරීමට ගන්නා උත්සහයක් ව්‍යර්ථ වී යන අතර ඒ ගැන චිත්ත පිඩා මතු වෙනවා.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 05

උත්සාහය උනන්දුව ක්‍රියාශීලිබව ඇතත් අද දිනයේදී කරගෙන යන කටයුතු තරමක් ආපස්සට යන ගතියක් ඇති වෙනවා. ඔබට විශේෂයෙන් ඇසුරු කරන්නෙක්ගෙන් අස්ථාන චෝදනාවක් හෝ චිත්ත පිඩාවක් මතු වේවි. පාඩු හානියක් හෝ තිබෙන මිල මුදලක් සොර සතුරු ග්‍රහණයට අසු වීම නිසා ඔබට කලකිරීම් මද්‍යයේ කටයුතු කිරීමට සිදු වේවි. වරින් වර ඔබට එල්ලවන බාධා තුලින් ඔබ තවත් බුද්ධිමත් වුනොත් යහපතක් උදා වෙන අතර එල්ල වන බාධා තුලින් ඔබ දිරිමත් වුනොත් යහපතක් උදා වෙනවා. එම බාධාවන් ගැන වඩාත් තීව්රව සිතන්න යාමෙන් වැළකිය යුතුයි. මනසට ප්‍රබෝධය නැති වේවි. විටෙක කලකිරීම් උදා වේ. අලුත් අලුත් අය මුණ ගැසේවි. ඉන් අනතුරුව ඔබගේ කාර්යභාරය යහපත් වේවි.
ජය වර්ණය දම්පැහැය ජය අංකය 05

ඔබට ගෙදර දොර වටපිටාව සම්බන්ධයෙන් වඩාත් වගකීමක් දැරීමට සිදු වේවි. අලුත් අය හෝ උසස් අය ගෙදරට පැමිණීමක් හෝ උත්සව අවස්ථාවකට සහභාගී වීමකට ඉඩ තිබෙන අතර නිතර කෙළිදෙලෙන් විනෝදයෙන් ගෙවීමට හැකියාවක් පවතිනවා. දීප ව්‍යාප්තව කරන වැඩ කටයුතු වලට සහයෝගය දැක්වීමට ඔබට හැකියාවක් පවතිනවා. තිබෙන්නාවූ කරදර බාධක මග හරවා ගෙන ඉදිරියට යාමේ හැකියාවක් පවතිනවා. වරින් වර චිත්ත පිඩා මතු වුවත් ඒවා ගණන් නොගෙන ඉදිරියට යනවා.
ජය වර්ණය තද කොළ පැහැය ජය අංකය 05

උනන්දුව උද්‍යෝගය තුලින් ඔබට ජයග්‍රහණ අත් කරගත හැකියි. විශේෂයෙන් ආගමික පරිසරයක් ආගමික වතාවත් කිරීම තුලින් ඔබට දැනෙන සහනය නිසා දිරිමත්ව කටයුතු කල හැකියි. ව්‍යාපාරික තත්වයක් ඇරඹීම හෝ ව්‍යාපාරයක් වැඩි දියුණු කිරීමක් සිදුවන අතර සිතට නැගෙන සිතුවිලි ප්‍රකාශ කිරීමටත් ඒවගේම සියලු දෙනාගේම සිත හදුනාගෙන කටයුතු කිරීමටත් හැකියාව තිබෙන නිසා ඔබගේ තත්වය බලය ඉදිරියට යාමට හැකියාවක් තියෙනවා. නමුත් රැකියා කටයුතු කරන්නෙක් නම් තරමක් දුරට ස්ථාන මාරු වීම් ගැටළු සහගත තත්වයක් ඇතිවන නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. අලුත් අලුත් අය ගෙදරට පැමිණීමක් හෝ හිතවතුන් තුලින් ඔබට හිතවත්කම් පෑමට ඇති හැකියාව නිසාම අවිවාහක අයට මංගල යෝජනාද ඉදිරිපත්වන අතර ඒ හා සම්බන්ධයෙන් ගන්නා වූ තීන්දු තීරණ සාර්ථකව ගැනීමටද හැකියාවක් පවතිනවා. රෝග පිඩා ඇති අයට සුවපත්භාවයක් ඇතිවන අතර බොහෝ විට නිරෝගීභාවයට හැකියාව තියෙනවා. ගෙදරදොර සාර්ථකත්වය ඇතිවන නිසා ඔබට චිත්ත සමාධිය ඇතිකර ගැනීමටද එම දිනයේදී හැකියාවක් ලැබෙනවා.
ජය වර්ණය ලා නිල් පැහැය ජය අංකය 07

කලකිරීම් බාධක මද්‍යයේ කටයුතු කිරීමට සිදුවන අතර හිතවතුන් හිතවතියන්ගෙන් චිත්ත පිඩා හෝ ඥාතීන්ගෙන් ප්‍රශ්න ගැටළු මතු වීමටද ඉඩ තිබෙනවා. ඒ වගේම ඔබ ගන්නාවූ තීන්දු තීරණ තරමක් ඉවසිලිවන්තව හා ප්‍රවෙසම්ව ගත යුතුයි. මන්ද ඔබට ක්ෂණික තීරණ ඉක්මන් තීරණ කෝපය ඇති වන දිනයක්. දරුවෙකු නිසා හෝ ඥාතීන් නිසා ඔබට කලකිරීම් මතුවන අතර හවස් යාමයේ නිවසින් බැහැරව හෝ ස්ථාන මාරුවකින් වෙනස් කරගත හැකියි. අලුත් අලුත් අය ගෙදරට පැමිණෙන අතර ඔවුන්ගෙන්ද තරමක් කාර්යභාරයක් ඉටු කර ගැනීමට ඔබට හැකියාවක් පවතිනවා. නව රැකියාවක් සොයන්නෙක් නම් ඔබට ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබට ලැබෙන රැකියාව ඔබට එපා වීම ඉක්මන් වීම තුලින් කලකිරීම් මතු වීමට ඉඩ තිබෙනවා. අනවශ්‍ය විය හියදම් තුලින් අද දිනයේදී ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය දම්පැහැය ජය අංකය 05

අන්‍යන් උදෙසා කැපවීම තුලින් ඔබට යහපතක් උදා කරගත හැකියි. ඒ වගේම ඇසුරු කරන්නන්ගෙන් හෝ ගෙදර දොර අයගෙන් ප්‍රවේසම් විය යුතුයි. විශේෂයෙන් අඹුසැමියන් අතර සුළු සුළු චිත්ත පිඩා කලකිරීම් මතු වේවි. ගෙදරින් බැහැරව හෝ රටින් පිට යාමේ තීරණ ඇතිවන අතර විශේෂයෙන් ඔබට එවැනි දෙකින් යහපතක් උදා කර ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් ඒ අතරම හදිසි ධන ලාභ ලැබීමද ඇති වන නිසා අතමිට මුදල් ගැවසෙනවා. කෙනෙක්ගෙන් ගත්තා වූ මුදලක් නැවත දීමක්ද ඒ වගේම ණය මුදලක් ලබා ගැනීමටද හැකියාවක් තිබෙන නිසාම මිල මුදල් ගණුදෙනු වලදී තරමක් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය රන්වන්කහ පැහැය ජය අංකය 06

රැකියා සම්බන්ධ කටයුතු කරන්නන්ට යහපත් වන අතර නව රැකියා සොයන්නන්ට එවැනි දෙකින් සුභවාදී ප්‍රථිපල ලැබෙනවා. ව්‍යාපාරිකයින්ටද යහපත් වන අතර නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අරමුණක් වේ නම් ඔබට එයින් සහනදායක තත්වයක් ඇති වේවි. ඒවගේම සමාජ සේවා කටයුතු හෝ අන්‍යන් ගැන සිතා කරන කටයුතු තුලින් ඔබට ඔබගේ තත්වය බලය ගෞරවය වැඩෙන අන්දමේ කටයුතු කීපයක් කර ගැනීමට හැකියාව ලැබෙනවා. එතෙක් කලක් තිබුණා වූ මංගල ප්‍රශ්ණයක් වෙනස් වීමකට හෝ පෙම් සම්බන්ධතාවක් බිද දැමීමට ඉඩ තිබෙන නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. ණය වීමෙන් වැළකීමට සිතා ගන්න. බැංකුගත කිරීම් ගැනීම් ආදී කටයුතු ප්‍රවේසම් සහිතව කල යුතුයි.
ජය වර්ණය තද නිල් පැහැය ජය අංකය 09

උත්සාහය උනන්දුව තුලින් හා දුරදිග සිතා බැලීම තුලින් ඔබට යහපත උදා වේවි. පුණ්‍යකාමී සිතුවිලි උපදින අතර සමාජ සේවා කටයුතු වලින් ගරු බුහුමන් ලැබීම හෝ නොයෙක් දෙනා එකමුතුව කරන කටයුතු වලින් සාර්ථකත්වය ලබා ගැනීමට හැකියාවක් තිබෙන අතර වන්දනා ගමන් පිනට දහමට සිතුවිලි උපදිම් දුර බැහැර ගමන් වැඩිපුර යෙදෙනවා. ඒ වගේම අධ්‍යාපනික මට්ටමේ සිටින අයට යහපත උදා කරන අතර නව අධ්‍යාපන ක්‍රම යටතේ ඔබට විදේශගත වීමකට ඉඩ තිබෙනවා.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 09

මංගල කටයුතු වලට අසුභයි. අස්ථාන චෝදනා හෝ නින්දා අපහාස ලැබීම් ඉඩ තිබෙන නිසා කරන කියන කටයුතු ඉවසිලිවන්තව කටයුතු කල යුතුයි. කලක් තිබුනාවූ මංගල ප්‍රශ්ණ අඹුසැමියන් අතර අපනපකම් ඇති වීමට ඉඩ තිබෙන නිසා ඔබට කලකිරීමක් මතුවිය හැකියි. දරුවන්ගේ කටයුතුද උත්සාහයේ තරමට ප්‍රථිපල නොලැබීම තුලින් ඔබට කරදර බාධක මතු වෙනවා. ලැබුනාවූ මුදල් ඉක්මනින් වියදම් වීමටද කරදර බාධක මතුවීමට ඉඩ තිබෙනවා. පුණ්‍යකාමී සිතුවිලි ඇති නිසා සියලු තත්වයන් යහපත් වෙනවා.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 02
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ
දුරකථන අංකය : 0112 509 386