යාල වනෝද්‍යානය ලංකාවේ තියෙන ප්‍රධානම වනෝද්‍යාන අතරින් එකක්. එ් වගේම විශාල පරිසර විවිධත්වයක් යාල වනයේ තියෙනවා. කොහොම වුනත් පහුගිය සැප්තැම්බර් පළවෙනිදා ඉදන් යාල වනෝද්‍යානය සංචාරකයන්ට තහනම් කරලා තියෙන්නෙ. එ් විද්වත් කමිටුවක නිර්දේශ නිසා. නොවැම්බර් පළවෙනිදා දක්වා වනෝද්‍යානය වහල තියන්න තමයි ඔවුන් නිර්දේශ කරලා තිබ්බෙ.
හැබැයි සජිත් පේ්‍රමදාස අැමතිතුමාගේ ඉල්ලීම මත ඔක්තෝම්බර් 23 වෙනිදා ඉදන් අායෙත් යාල සංචාරකයන්ට විවෘත කරන්න තීරණය කරලා තියෙනවා. කොහොම වුනත් දැඩි නීති රීති මාලවක් පනවලා තමයි අායෙත් යාල සංචාරකයන්ට විවෘක කරලා තියෙන්නෙ. එක සංචාරක කාල සීමාවකදී පලටුපාන පිවිසුමෙන් වාහන 100 ක්, කටුගම පිවිසුමෙන් වාහන 50 ක්, විදියට දවසකට කාල සීමා තුනකට විතරයි වනෝද්‍යානයට අැතුල්වෙන්න පුළුවන්. එ් නිසා දවසට උපරිම වාහන 450 කට විතරයි අැතුල් වෙන්න පුළුවන්. උදේ 6.00 ඉදන් 10.00 ක්වා පළවෙනි කාල සීමාවත්, උදේ 10.00 ඉදන් හවස 2.00 වෙනකන් දෙවෙනි අවස්තාවත්, හවස 2.00 ඉදන් 6.00 වෙනකන් අන්තිම අවස්තාවත් විදියට තමයි වෙලාව දීලා තියෙන්නෙ.
මේ නීති කඩ කරන අයට දැඩි දඩුවම් කරන්නත් වන ජීවී අැමතිතුමා කියලා තියෙනවා. කොහොම වුනත් වනෝද්‍යානය බලන්න යන අය සතුන්ට කරදරයක් නොවෙන්න සුන්දරත්වය විදලා එන්න. එතකොට හැමදාම එ් සුන්දරත්වය විදින්න ඔබට පුළුවන් වේවි.