පාකිස්තානය එ්ක්ක තියෙන T20 තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයට ප්‍රශ්න රැසක් අැති කරා. මුලින්ම ක්‍රීඩකයින් ලාහොර් යන්න බෑ කියල ලියුමක් දුන්නා. එ් ක්‍රීඩකයන් අතරෙ තරංගත් හිටිය නිසා නායකත්වය ගැන ප්‍රශ්නයක් අැති වුණා. තරංග වෙනුවට කුසල් ජනිත්ව පත් කරන්න හිටියත් ඔහුත් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුණා. එ් නිසා තිසර පෙරේරාට නායකත්වය ලබා දුන්නා.
එ්ත් දැන් තවත් අර්බුදයකට ක්‍රිකට් අායතනය පත් වෙලා. එ් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පෝතස් සහ භෞත චිකිත්සක නිර්මලන් ධනබාලසිංහම් ලාහෝර් තරඟයට යන්න බෑ කියලා. හැබැයි ලාහෝර් යන්න බැරිනම් තරඟාවලියට ගන්නෙ නෑ කියලා ක්‍රීඩකයන්නට කියපු ක්‍රිකට් බලධාරීන් ඔවුන් දෙන්නාට නම් ලාහෝර් නොගියට කමක් නෑ කියලා. ක්‍රීඩා අැමතිතුමාත් එ්කට එකඟ වෙලා තියෙනවා. කොහොම වුනත් ඔවුන් දෙන්නා පලවෙනි විස්සයි විස්ස තරඟයට සහභාගී වෙනවා. ලාහෝර් තරඟයට යන්නෙ නැත්තේ අැයි කියලා අැහුවම නික් පෝතස් කිව්වේ පවුල ගැන හිතලා එ් තීරණය ගත්තා කියලා. “හැම දේකටම වඩා පවුලයි වැදගත්. ඕනෑම කෙනෙක්ට පෞද්ගලිකව තීරණ ගැනීමට අවස්තාවක් තියෙනවා.” පෝතාස් කිව්වෙ එහෙමයි.
කොහොම වුනත් ක්‍රිකට් අායතනය ක්‍රීඩකයින්ට නම් මේ වගේ. ලිහිල් ප්‍රතිපත්තියක් දැක්වුවේ නෑ. ක්‍රීඩකයින්ට එක හැන්දකිනුත් කාර්ය මණ්ඩලයට තව හැන්දකිනුත් බෙදන එකයට නම් ගොඩාක් අය ඉන්නෙ අකමැත්තෙන්.