ලෙඩක් නැතුව කුකුළු මස් ආහාරයට ගන්නේ මෙහෙමයි.
1577 Views
කුකුළු මස් කියන්නේ ගොඩක් අයගේ ආහාර වේලේ වරදින්නේ නැති දෙයක්. කඩෙන් ගෙනාපු කුකුළු මස් සෞඛ්‍යාරක්ෂිතව ගබඩා කරන්නෙ කොහොමද කියලා වගේම ආහාර සඳහා සකසා ගන්නේ කොහොමද කියලා කියලා දෙන්න අපි හිතුවා. බලන්නකෝ ඔබත් මේ විදියටද කියලා කුකුළු මස් ආහාරයට ගන්නේ.
- අමුවෙන් කුකුළු මස් මිලදී ගන්නවා නම් අතින් අල්ලා බලන්න. ශීත කල කුකුළු මස් අතින් ඇල්ලුවම සීතලක් දැනෙනවා. එහෙම නොදනුනොත් ඒ කුකුළු මස් ගබඩා කිරිමී දෝෂයක් තියෙනවා.
- පැකට් කරපු කුකුළු මස් මිලදී ගනිද්දී අනිවාර්යෙන්ම කල් ඉකුත්වීමේ දිනය බලන්න.ඒ වගේම ප්‍රමිතියෙන් යුතු බෑග් එකක අසුරලා තියෙනවද කියලත් බලන්න.
- නිවසේදී කුකුළු මස් ශීතකරණයේ තියනවා නම් 4C’ යටතේ තියන්න ඕන.සාමාන්‍ය ශීතකරණයේ දවස් 3 ක් විතර කල් තියා ගන්න පුළුවන්.
- අධි ශීතකරණයේ කුකුළු මස් ගබඩා කරනවා නම් -18C’ යටතේ තියන්න ඕන. අධි ශීතකරණයේ අවුරුද්දක් වුනත් කල් තියා ගන්න පුළුවන්.
- රොස්ට් කරපු කුකුළු මස් සාමාන්‍ය ශීතකරණයක දවස් තුනකුත් අධි ශීතකරණයක මාස 4 වගේ කාලයකුත් කල් තියා ගන්න පුළුවන්.
- කුකුළු මස් උයන්න කලින් ශිතකරණයෙන් එළියට අරන් අයිස් දිය වෙනකන් තියන්න ඕන.
- මයික්‍රොවේව් උදුනක තියලා වුනත් කුකුළු මස් වල අයිස් දිය කර ගන්න පුළුවන්. එකට විනාඩි 15 – 20 ක් විතර කුකුළු මස් මයික්‍රොවේව් උදුනේ තියලා තියන්න ඕන.
- කුකුළු මස් සාමාන්‍ය ශීතකරණයේ තියෙද්දී ඒවගෙන් දියර බේරෙන්න ගන්නවා. ඒ දියර අනිත් ආහාර එක්ක මිශ්‍ර වුනොත් ඒ අහාර නරක වෙන්න පුළුවන්.
- කුකුළු මස් උයද්දී හොදින් පිස ගන්න ඕන. කුකුළු මස් 400g විනාඩි 25 ක් විතර පිසින්න ඕන.
- සාමාන්‍යයෙන් ගොඩක් ය පුරුදු වෙලා ඉන්නෙ කුකුළු මස් උයන්න කලින් කුළුබඩු එකතු කරන්න. හැබැයි හරි විදිය තමයි තම්බා ගත්ත කුකුළු මස් වලට කුළුබඩු වලට එකතු කරන එක.