News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

අනුෂ්කා නිසා කෝලි ලංකාව එක්ක ක්‍රීඩා කරන්න බෑ කියයි.

3194 Views


අනුෂ්කා නිසා කෝලි ලංකාව එක්ක ක්‍රීඩා කරන්න බෑ කියයි.

ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරත වෙනවා. එ් ටෙස්ට් තරඟ 3 ක්, එක්දින තරඟ 3 ක් හා විස්සයි විස්ස තරඟ 3 ක තරඟාවලියක් සදහා. මේ වෙද්දිත් ලංකාව එක්ක තියෙන ටෙස්ට් තරඟාවලියට සහභාගී වෙන ඉන්දියාවේ සංචිතය නම් කරලා තියෙන්නෙ. සුපුරුදු පරිදි ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හිමි වෙලා තියෙන්නෙ විරාත් කෝලිට.

හැබැයි ලංකාව එක්ක තියෙන එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියට සෙල්ලම් කරන්න බෑ කියලා කෝලි කියලා තියෙනවා. එ් ගැන දන්වලා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔහු ලිපියකුත් යවලා තියෙනවා. ඉන්දීය මාධ්‍යය වාර්තා කරන විදියට කෝලි ලංකාව එක්ක එක්දින තරඟාවලියට ක්‍රීඩා නොකරන්න හේතුව ඔහු දෙසැම්බර් වල විවාහ වෙන නිසාලු. කෝලි ඔහුගේ පෙම්වතිය වන අනුෂ්කා ශර්මා එක්ක තමයි විවාහ වෙන්න ඉන්නෙ.

කොහොම වුනත් විරාත් කෝලිගේ ප්‍රියතම ප්‍රතිවාදීයා ලංකාව. මොකද ඔහු වැඩියෙන්ම ශතක රැස් කරගෙන තියෙන්නෙ ලංකාවට එරෙහිව. එ් වුනත් විවාහය වෙනුවෙන් ඔහුගේ ශතක මල්ලට තවත් ශතක කිහිපයක් එකතු කර ගන්න තියෙන අවස්තාව ඔහු අතහැරලා තියෙනවා. එ්ක ලංකාවට නම් සුභ පණිවිඩයක් කිව්වට වරදක් නෑ. කොහොම වුනත් කෝලිටයි අනුශ්කටයි සියත 24 අපි සුභ පතනවා.


News Articles
Latest Videos
Most Popular Post