News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

අද ලග්න දෙකකට පදාශ්‍රිත රෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1539 Views


අද ලග්න දෙකකට පදාශ්‍රිත රෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

 

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 24 අගහරුවාදා

රාහු කාලය ප.ව 02.54 සිට 04.23

සුභ දිශාව නැගෙනහිර

මරු සිටින දිශාව බස්නාහිර

මේෂ ලග්නය

කලාකාමී කටයුතු වල මන්දගාමී තත්වයක් ඇති වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව වැඩි උනන්දුවක් දක්වනවා. විවාහ සම්බන්ධතා ශක්තිමත් කරගන්නත් උත්සහ කරනවා. විවාහයෙන් පසු ඥාතීන් පිලිබදවත් වැඩි උනන්දුවක් දක්වනවා. ඇගේ පතේ තෙහෙට්ටු ගති ලක්ෂණ වගේම සිතේ කලකිරීම් මතු කරගෙන පුංචි බාධා ඇතිවිය හැකියි. ඉදිරි දවස්වල කරන්න හිතන් ඉන්න කටයුතු සැලසුම් සහගත ක්‍රියාවලියන් පවා අත්හරින්න විටෙක ඔබට සිතන්න පුළුවන්. කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න.

ජය වර්ණය ලා කොළ පැහැය                    ජය අංකය 08

වෘෂභ ලග්නය

ක්‍රිඩාශීලි කටයුතු විනෝදකාමී කටයුතු වලට හිත වැඩිපුර ඇදිලා යනවා. මානව සම්පත් කළමනාකරණය ගිණුම්කරණය පරිපාලනමය ආදී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. තියුණු තීන්දු තීරණ ගන්න සිදුවන දිනයක්. සංසුන්ව කටයුතු කරන්නත් සෘජු තීන්දු තීරණ ගන්නත් සිදු වනවා. ඔබ අදින පළදින විදිය පවා අද දවසේදී අන් අයගේ කතාබහට ලක් වෙනවා. ඔබගේ ඇදුම් පැළදුම් වගේම චර්යා රටාවන් පිලිබදවත් අවධානය යොමු කරන්න. හවුල් ව්‍යාපාර කටයුතු වලින් ප්‍රේමනීය සබදතා වලින් පුංචි පුංචි බාධාකාරී තත්ව නම් ඇතිවිය හැකියි. වැඩිහිටි කාන්තා පාර්ශවීය ඥාතීන්ගේ සියුම් සතුරු කරදර ඇති විය හැකියි.

ජය වර්ණය ලා රතු පැහැය                        ජය අංකය 03

 

මිථුන ලග්නය

කලාකාමී කටයුතු වලට යෝග්‍යයි. අධ්‍යාපනික ශක්තිය ඉහල යනවා. ඉහල නිලධාරීන්ගේ ආකර්ෂණය හිමි වෙනවා. නිතරම සතුටින් සිනාසී කටයුතු කිරීමට උත්සහ දරනවා. ගණිත මිණිත හැකියාව යහපත් මට්ටමක පවතිනවා. සෘජු තීන්දු තීරණ ගැනීමේ හැකියාව නිසා අන් අයගේ ආකර්ෂණය දිනා ගත හැකියි. අලුත් වගකීම් පැවරෙන දිනයක්. කල්පනාකාරීව කටයුතු කරන්න. වචන භාවිතා කිරීමේදී ඉවසිලිවන්ත වෙන්න.

ජය වර්ණය ලා කහ පැහැය                      ජය අංකය 02

කටක ලග්නය

තමන්ගේ දු දරුවන්ගේ කටයුතු මුලික කරගෙන චිත්ත පිඩා ඇතිවිය හැකියි. තමන්ගේ අධ්‍යාපනික කටයුතු වලටත් සුළු හෝ බාධාකාරී තත්වයක් ඇතිවිය හැකියි. ගේදොර සම්බන්ධ කටයුතු වලට යම් දියුණුවක් අත්පත් කරගන්න පුළුවන්. අලුත් අලුත් භාණ්ඩ මිලදී ගන්න ලිපිලේඛන ආශ්‍රිත කටයුතු බහුල කරන්න ගෙවල්දොරවල් ආශ්‍රිත පරිසරයන් පිරිසිදු කරගන්න අලුත් කරගන්න හැකි වෙනවා. කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදෙනවා. එවැනි ගමන් බිමන් වලදී චිත්ත පිඩා ඇතිවිය හැකියි. ප්‍රේමනීය සබදතා වලට එතරම් යහපත් නොවේ.

ජය වර්ණය ලා දම් පැහැය                        ජය අංකය 02

 

සිංහ ලග්නය

කායික ශක්තිය වර්ධනය වෙනවා. මානසික ශක්තිය යම් ආකාරයකට කඩාගෙන වැටෙනවා. අන් අයගේ උදව් උපකාර තවදුරටත් හිමි වෙනවා. තමන්ගේ වාසස්ථාන සම්බන්ධව ගැටළුකාරී තත්ව ඇතිවිය හැකියි. ජලාශ්‍රිත පරිසරවල ජිවත් වෙනවානම් තමන්ගේ ආරක්ෂාව පිලිබදව වඩාත් සැලකිලිමත් වෙන්න. සෙම් සහිත රෝග වලින් පපුව ආශ්‍රිත රෝග වලින් පුංචි හෝ බාධාවක් ඇතිවිය හැකියි. වියදම් පාර්ශවය ඉහල යනවා. දකින දකින දේවල් මිලට ගන්න දරන උත්සාහයේදී බොහෝ ගැටළු ඇතිවිය හැකියි. පාද ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි.

ජය වර්ණය විසිතුරු පැහැය                        ජය අංකය 09

 

කන්‍යා ලග්නය

විටෙක තේජාන්විත ලීලාවෙන් කටයුතු කරන ඔබ තවත් විටෙක බොහෝ පරිනත ලීලාවෙන් තැන්පත් ගති ලක්ෂණ සහිතව ගත කරනවා. සියල්ල පිලිබදව ඔබ තරමක් කල්පනාකාරී වුනොත් ජයග්‍රහණ රැසක් ඔබ සතු කරගැනීමට හැකි වේවි. තාක්ෂණය හා මිශ්‍ර වුණු කටයුතු වලින් යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. අනාගත අභිවෘද්ධිය උදෙසා ආයෝජන කිරීම් කටයුතු වලත් යම් හෝ සහනශීලි තත්වයක් ඇති කරනවා. අධ්‍යාපනික කටයුතු වලට ඉතාමත්ම යහපත්. වියදම් පාර්ශවය සහ වචන භාවිතා කිරීම් වැනි කටයුතු වලට බාධා ඇතිවිය හැකියි. තමන්ගේ සහෝදරයන්ගේ සෞඛ්‍ය පිරිහීම හේතු කරගෙන බාධා ඇතිවිය හැකියි. සංචාරක කටයුතු වලින් සහනයක් හිමි වෙනවා.

ජය වර්ණය ලා කොළ පැහැය                     ජය අංකය 05

තුලා ලග්නය

බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා. තමන්ගේ සිහින සැබෑ කරගන්න වැඩි කැපකිරීමක් කරනවා. තරමක් විනෝදකාමී කටයුතු වලට නිරත වෙනවා. අධ්‍යාපනික ශක්තිය වර්ධනය වෙනවා. තමන්ගේ දැනුමට සාපේක්ෂව බොහෝ දේවල් දිනා ගැනීමේ හැකියාව පවතිනවා. කායික ශක්තිය ඉතාමත්ම උසස් තත්වයක පවතිනවා. නිරෝගී සුවය අපේක්ෂාවෙන් ඔබ සිටිය නම් එය යහපත් වෙනවා. වියදම් පාර්ශවය ඉහල යනවා. වචන භාවිතා කරද්දී තරමක් කල්පනාකාරී වෙන්න. රිය ධාවනය කිරීමේදීත් මව් පාර්ශවයේ ඥාතීන් සමග කරන කටයුතු වලදී කල්පනාකාරී වෙන්න.

ජය වර්ණය දීප්තිමත් කොළ පැහැය                       ජය අංකය 03

 

වෘශ්චික ලග්නය

 

ගත්ත ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකිතාවක් මුලික කරගෙන අපහසුතාවයකට ලක්වීමේ ඉඩකඩක් පවතිනවා. තමන්ගේ කටයුතු සදහා මුල්‍ය අර්බුධතා ඇතිවිය හැකියි. තාක්ෂණික මෙවලම් ආශ්‍රිතවත් ගැටලුකාරී තත්ව ඇති වෙනවා. උසස් අධ්‍යාපනික කටයුතු හීන යම් ප්‍රමාණයකට සැබෑ කරගත හැකියි. විදේශගත වීමේ බලාපොරොත්තු තිබුණානම් එවැනි කටයුතු පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. කල්පනාකාරීව කටයුතු කරන්න.

ජය වර්ණය ලා රතුපැහැය                        ජය අංකය 03

ධනු ලග්නය

අතගහන බොහෝ කටයුතු සාර්ථක වෙනවා. ව්‍යාපාරික කටයුතු දියුණු කරගන්න පුළුවන්. ආර්ථික ශක්තිය ඉහල නැංවෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. සන්නිවේදන කටයුතු වලින් පවා බොහෝ ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන්. වැඩිහිටි ඥාතියෙකුගේ අසනීප තත්වයක් මුලික කරගෙන චිත්ත පිඩා වගේම වියදම් අධික වීමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. හවස් යාමයේ තරමක් කාර්යබහුල විය හැකියි.

ජය වර්ණය ලා කහ පැහැය                       ජය අංකය 03

 

මකර ලග්නය

අතගහන බොහෝ කටයුතු සාර්ථක වෙනවා. අන් අයගේ උදව් උපකාර හිමි වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව පුංචි පුංචි ගැටළුකාරී තත්ව ඇති වුනත් අවශ්‍ය කටයුතු කොහොම හෝ කරගන්නවා. නිල් පැහැති මල් ටිකක් ඔබේ ශාස්තෘවරයන්ට පුජා කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. ජයග්‍රහණ ඔබ සතු කර ගැනීමේ හැකියාව පවතිනවා.

ජය වර්ණය ලා නිල්පැහැය                        ජය අංකය 03

 

කුම්භ ලග්නය

කලාකාමී කටයුතු වගේම පෙරපිනෙන් කරන්නාවූ කටයුතු සාර්ථක වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍ර ආදී කටයුතු වල මන්දගාමී ස්වභාවයක් ඇති වෙනවා. තමන්ගේ යානවාහන වෙනදට වඩා කැඩීම් බිදීම් වලට ලක්විය හැකියි. දුර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. තමන්ගේ කටයුතු වලට යම් ආකාරයක කාලයක් මිඩංගු කර ගැනීමට නොහැකි තත්වයට පත් වෙන්න පුළුවන්. සියුම් සතුරු කරදර යටපත් කරගන්න පුළුවන්. වාචිකව ගොඩ නැගෙන සතුරු සම්බන්ධතා පිලිබදව තරමක් කල්පනාකාරීව පසුවිය යුතුයි. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලට තරමක් යෝග්‍ය දවසක්. මවට හෝ මව්පස ඥාතීන්ට සෞඛ්‍ය පිඩා ඇතිවිය හැකියි. විරුද්ධවාදීන් සමග කරන ගණුදෙනු කිරීම් වලින් තරමක් කල්පනාකාරී විය යුතුයි.

ජය වර්ණය ලා කොළ පැහැය                    ජය අංකය 05

මීන ලග්නය

වෙනදට වඩා කුසල් ශක්තින් වර්ධනය කරගන්න ඔබ උත්සහ දරනවා. ඒ නිසා සිතේ සුළු කලකිරීම් තත්ව ඇතිවිය හැකියි. ඉදිකිරීම් සම්බන්ධ මානව කළමනාකරණය සම්බන්ධ කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. කෙටි ගමන් බිමන් රාශීයක්ම යෙදෙනවා. ජලාශ්‍රිත පරිසර වල වැඩි වශයෙන් කාලය ගත කිරීමට සිදු වෙනවා. තරගකාරි කටයුතු වලින් යහපතක් උදා කරගත හැකියි. ප්‍රේමනීය සබදතා වලින් වගේම අන් අයත් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු වලින් බාධාකාරී තත්ව ඇති වෙනවා. කල්පනාකාරී වෙනවා වගේම යන එන ගමන බිමනේදී තමන්ගේ ආරක්ෂාව පිලිබදවත් සැලකිලිමත් විය යුතුයි.

ජය වර්ණය ලා කහපැහැය                        ජය අංකය 09

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය : 0766 765 353


News Articles
Latest Videos
Most Popular Post