News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

ඉතිහාසයේ පළවෙනි වතාවට ගුවන් හමුදාව, ගුවන් යානා නිශ්පාදනය කරයි.

6510 Views


ඉතිහාසයේ පළවෙනි වතාවට ගුවන් හමුදාව, ගුවන් යානා නිශ්පාදනය කරයි.

ගුවන් යානා නිශ්පාදනය කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවෙයි. එ්කට විශේෂ තාක්ෂණයක්, දැනුමක් වගේම පලපුරුද්දක් ඕන. එ් නිසා තමයි ලෝකයේ රටවල් කිහිපයක් විතරක් ගුවන් යානා හදන්නෙ. හැබැයි එ් බැරෑරුම් අභියෝගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අත ගන්නයි හදන්නෙ.

ගුවන් හමුදා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ වගේ වැඩක් කරන්නෙ. මේච්චර කාලයක් ගුවන් හමුදාව කරේ ගුවන් යානා අලුත්වැඩියා කරන එක විතරයි. හැබැයි ලබන අවුරුද්දේ ඉචන් ගුවන් යානා හදන්නත් පටන් ගන්නවා. ගුවන් හමුදාපතිතුමා කියන්නෙ එ් සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම වගේම මානව සම්පත් අතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශක්තිමත් කියලයි.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන්ගෙන් ලංකාවේ ගුවන අාරක්ෂා කරපු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මේ අභියෝගය ජය ගන්න එක කජු කනවා වගේ වැඩක්. එ් වගේම ශ්‍රි ලංකාවේ ගුවන් යානා ලෝකය පුරාම පියාසර කරන දවස වැඩි අෑතක නම් නෙවෙයි කියලයි පේන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post