Facebook එකේ අලුත්ම Update එක තමයි Explore Feed කියන්නෙ. වෙනදට News Feed එකේ පෙන්නපු Page වල Post දැන් පෙන්නන්නෙ Explore Feed එකේ.
හැබැයි මාක් සකර්බර්ග් ලංකාව අැතුලු තවත් රටවල් 4 කට කරපු කෙනෙහිලි කමක් අාරංචි වුනා. එ් තමයි Facebook Explore Feed අලුත්ම යාවත්කාලීන කිරීම ලෝකයේ සෑම රටකටම සිදු වුනත් ලංකාව අැතුලු රටවල් 5 කට වෙනස් විදියට තමයි සිදු කරලා තියෙන්නෙ.
ශ්‍රී ලංකාව, සර්බියාව, බොලීවියාව, ගෝතමාලාව, කාම්බෝජියාව සහ ස්ලොවේකියාව යන රටවල Facebook Page වලින් දාන Post සියල්ලම Explore Feed එකේ විතරයි පෙන්නන්නෙ. හැබැයි අනිත් රටවල ඔවුන් Like කරපු Pages වල ජනප්‍රිය සහ ගුණාත්මක Post සාමාන්‍ය News Feed එකේ පෙන්නනවා. කොහොම වුනත් මේ Update එක තියෙන්නෙ තාමත් පරීක්ෂණ මට්ටමේ. එ් නිසා පහු වෙලා හරි සකර්බර්ග් අනිත් රටවලට බෙදන හැන්දෙන්ම ලංකාවටත් බෙදයිද කියලා බලමු.