News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

අද ලග්න තුනකට පපුව ආශ්‍රිත රෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1658 Views


අද ලග්න තුනකට පපුව ආශ්‍රිත රෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 27 සිකුරාදා

රාහු කාලය පෙ.ව 10.25 සිට 11.54

සුභ දිශාවඋතුර

මරු සිටින දිශාව ගිනිකොණ

 

 

මේෂ ලග්නය

වෘත්තිමය කටයුතු පිලිබදව තද උනන්දුවක් ඇති වෙනවා. ප්‍රේමනීය සබදතා ශක්තිමත් කරනවා. ආගමනුකුල කටයුතු සදහා දුරබැහැර ගමන් යෙදෙනවා. නිදාගන්න ස්ථානය යම් ආකාරයක වෙනසක් සිදු වෙන්න පුළුවන්. පපුව ආශ්‍රිත සියුම් රෝග තත්ව ඇතිවිය හැකියි. හවුල් ව්‍යාපාර කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. ආර්ථික ශක්තිය දියුණු වෙනවා. සමාජ ශක්තිය වර්ධනය වෙනවා.

ජය වර්ණය ලා කහපැහැය                        ජය අංකය 03

වෘෂභ ලග්නය

සහෝදර ඥාතීන් සමග අසල්වාසීන් සමග ඉතාමත්ම ජවසම්පන්න ලීලාවෙන් කටයුතු කරන්න ඔබ උත්සහවන්ත වෙනවා. ඒ වගේම අතගහන බොහෝ කටයුතු තමන්ගේ පෞරුෂය මුල්කර ගෙන කටයුතු සාර්ථකත්වයට පත්කර ගත හැකියි. ආගමනුකුල කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. සියුම් කොන්ද ආශ්‍රිත රෝග තත්ව ඇතිවිය හැකියි. ආමාශගත රෝග තත්ව වුනත් උදා විය හැකියි. කලාකාමී හැකියාවන් වර්ධනය වෙනවා. සමාජ සේවා කටයුතු වර්ධනය වෙනවා. අත ගහන බොහෝ කටයුතු සාර්ථක කරගත හැකියි. ජවසම්පන්නව සහ හැකියාවෙන් කැපවීමෙන් කටයුතු කරන්න.

ජය වර්ණය ලා දම්පැහැය                         ජය අංකය 02

 

මිථුන ලග්නය

වාග් ශක්තිය ඉහල මට්ටමක පැවතුණත් හදිසි කේන්ති සහගත තත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. කල්පනාකාරී වීම ඉවසිලිවන්ත වීම වඩා වැදගත්. කායික ශක්තිය ඉහල නැංවෙනවා. සමාජ ගෞරවය දිනා ගැනීමේ හැකියාව පවතිනවා. කේන්ති සහගත සිතුවිලි පාලනය කරගන්න එවිට අන් අයගේ ගෞරවය ඔබ වෙත හිමි වෙනවා. කොන්ද තුනටිය වගේම මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව ඇතිවිය හැකියි. විවාහ ජීවිතය ආශ්‍රිත ගැටළු තත්ව තිබුණානම් ක්‍රමානුකුලව ඒවා දුරු කරගන්න හැකියාව පවතිනවා.

ජය වර්ණය ලා කොළ පැහැය                  ජය අංකය 07

කටක ලග්නය

මානසික එකග්‍රතාවයට ගැටළු ඇති වෙනවා. සියුම් රෝගකාරී තත්ව ඇති වෙනවා. ගෘහාශ්‍රිත කටයුතු දියුණු කරගන්න පුළුවන්. පොත්පත් ආශ්‍රිත ශක්තිය වර්ධනය වෙනවා. අලුත් දැනුම සොයාගෙන යන අයට ඉතාමත්ම යහපත්. පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලට අනුකුලව ඔබ අද දවසේදී තීන්දු තීරණ ගන්න පෙළඹෙනවා. කායික ශක්තිය වර්ධනය වෙන දවසක්. අධ්‍යාපනික කටයුතු වලට තරමක මන්දගාමී ස්වභාවයක් විටෙක ඇති වෙන්නෙ ඔබ තුල තියෙන සෞඛ්‍ය පීඩාකාරී ස්වභාවය මුල් කරගෙන. ඒ නිසා මානසික සෞඛ්‍ය යහපත් මට්ටමක පවත්වාගෙන යාම වඩා වැදගත්. තරගකාරී කටයුතු වලට එතරම් යහපත් නොවේ.

ජය වර්ණය ලා කහ පැහැය                       ජය අංකය 03

 

සිංහ ලග්නය

දුරස්ථ ගමන් යන්න ඔබේ වැඩි කැමැත්තක් තියෙනවා. දුරබැහැර ගමන් වලින් අලුත් මිතුරන්ව හදුනා ගත හැකියි. කාලයක් ඔබව අතහැරලා දාල තිබුන යාළු හිතමිත්‍රාදීන් ඔබව සොයාගෙන පැමිණේවි. ඔවුන්ට උදව් උපකාර කිරීමෙන් යම් ආකාරයක සතුටක් ලබනවා. වාග් ශක්තිය තුල කල්පනාකාරී විය යුතු වෙනවා. වචන භාවිතා කිරීම් වලින් පොරොන්දු ගිවිසුම් වලට එළඹීම් වලින් බාධා කම්කටොළු ඇතිවීමේ ඉඩකඩක් ඇති වෙනවා. අධික වියදම් සහගත ස්වභාවයක් ඇති වෙනවා. විනෝදයෙන් සහ කෙළිදෙලෙන් කාලය ගත කරන්න ඔබ තුල කැමැත්තක් ඇති වෙනවා. පපුව ආශ්‍රිත රෝගී තත්ව වලිනුත් බාධා ඇතිවිය හැකියි. වෘත්තීය හෝ වාසස්ථාන වෙනස් වීමක් පිලිබදවත් ඉගි පල වෙලා පවතිනවා.

ජය වර්ණය ලා කොළ පැහැය                   ජය අංකය 07

 

කන්‍යා ලග්නය

සංචාරක කටයුතු කුඩා ව්‍යපාරික කටයුතු වලින් යහපතක් උදා කරගත හැකියි. කොමිස් මුදල් හිමිවන කටයුතු වලින් පවා ධන ශක්තිය වර්ධනය වෙනවා. සේවක සේවකදින්ගෙන් යහපත් ආකාරයෙන් කටයුතු සම්පාදනය කරගත හැකියි. පපුව ආශ්‍රිත රෝග තත්ව ඇති වෙනවා. සෙම් සහිත රෝග වලිනුත් පුංචි හෝ පිඩාවක් ගෙන දෙනවා. මව්පස ඥාතීන් සමග කරන ගණුදෙනු කිරීම් වලින් කල්පනාකාරී වෙන්න. අධ්‍යාපනික කටයුතු වලට නම් ඉතාමත්ම යෝග්‍යයි. තමන්ගේ දරුවන්ගේ කටයුතු වලට කාලය මිඩංගු කරන්න සිදු වෙනවා. එවැනි කටයුතු වලින් යම් සතුටක් උදා කරගත හැකියි.

ජය වර්ණය දීප්තිමත් කහ පැහැය               ජය අංකය 08

තුලා ලග්නය

රැකිරක්ෂා වෙළදාම් කටයුතු වල ජවසම්පන්න ස්වභාවයක් අත් විදීමේ හැකියාව පවතිනවා. අලුත් බලාපොරොත්තු සහගත සිතුවිලි වර්ධනය වෙනවා. වගකීම් භාර ගන්න ඔබට කැදවීම් ලැබෙනවා. දණහිස ආශ්‍රිත රෝග තත්ව තුලින් පුංචි හෝ බාධාකාරී තත්ව ඇතිවිය හැකියි. පරිපාලන කටයුතු වලට ගණිත මිණිත කටයුතු වලට සන්නිවේදන කටයුතු වලට රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා කටයුතු වලට තවමත් ඉතා යෝග්‍ය දවසක්. වගකීම් පැවරෙන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. තමන්ගේ ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වෙන්න.

ජය වර්ණය ලා කොළ පැහැය                   ජය අංකය 02

 

වෘශ්චික ලග්නය

 

ක්‍රමානුකුල කටයුතු වලට අද දවසේදී වැඩි ඉඩකඩක් වෙන් වෙනවා. කෙටි ගමන් බිමන් බහුලයි. දුරබැහැර ගමන් යන්න සැලසුම් සකස් කරනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග වලින් යම් ප්‍රමාණයකින් අත් මිදෙනවා. ආමාශගත රෝග තත්ව වගේම සිතේ කලකිරීම නිසා හට ගන්න රෝග තත්ව ඇතිවිය හැකියි. පපුව ආශ්‍රිත රෝග තත්ව වලින් පුංචි පුංචි බාධා ඇතිවිය හැකියි. අලෙවිකරණ කටයුතු වලට පවා ඉතාමත්ම යහපත්.

ජය වර්ණය රන්වන්පැහැය                       ජය අංකය 08

ධනු ලග්නය

මානසික ශක්තිය ඉතාමත්ම උසස් මට්ටමක පවතිනවා. අතගහන කටයුතු වල යම් බාධාකාරී තත්ව ඇතිවිය හැකියි. වාග් එකගතා වලට එතරම් යහපත් දවසක් නොවේ. වචන භාවිතා කිරීම නිසාම හට ගන්න දෝෂ සහගත තත්ව අවම කර ගන්න කල්පනාකාරී විය යුතුයි. කායික ශක්තිය දුර්වල කරනවා. ජිවිතයේ අනිත්‍යභාවය පිලිබදව නිතර සිතන දවසක්. සිතේ කලකිරීම් අවම කරගන්න කල්පනාකාරීව කටයුතු කරන්න. පොත්පත් අලෙවි කිරීම් උපදේශනාත්මක වෘත්තීන් වැනි කටයුතු වලින් ධනය උපයා ගත හැකි වෙනවා.

ජය වර්ණය ලා කහ පැහැය                       ජය අංකය 03

 

මකර ලග්නය

මනස සතුටින් තබා ගන්න ඔබ උත්සහ කරනවා. හැබැයි ඔබගේ සතුට නිසි පරිදි ප්‍රකාශ කිරීමට නොහැකි වෙනවා. තමන්ගේ යාලු හිතමිත්‍රාදීන් තමන්ට වෙනස්කම් කිරීමේ තත්වයක් පෙන්නුම් කරලා පවතිනවා. සේවක ගැටළු පැන නැගීමේ අවධානමක් පවතිනවා. අතගහන කටයුතු වලදී කල්පනාකාරී වෙන්න. දුර බැහැර ගමන් යන්න ආරධනා ලැබෙනවා. තමන්ගේ සෞඛ්‍ය යම් ප්‍රමාණයකට පිරිහෙනවා. කලාකාමී කටයුතු සෞන්දර්යාත්මක කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි.

ජය වර්ණය දීප්තිමත් කොළ පැහැය                        ජය අංකය 05

කුම්භ ලග්නය

ජිවිතේ තිබුණු බොහෝ බාධක දුරුවන දවසක්. ආගමනුකුල කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. සමාජීය කටයුතු වලින් පවා ජයග්‍රහණ දියුණුව අත්පත් කරගත හැකියි. කලාකාමී කටයුතු දියුණු වෙනවා. සෞන්දර්යාත්මක කටයුතු ශක්තිමත් වෙනවා. ඉදිකිරීම් සම්බන්ධ කටයුතු වලට උනන්දුව ඇති කරනවා. කායික ශක්තිය යොදා කරන සෑම කටයුත්තකින්ම ජයග්‍රහණ පහසුවෙන් ලගා කරගත හැකියි.

ජය වර්ණය ලා නිල්පැහැය                       ජය අංකය 02

මීන ලග්නය

කලාකාමී කටයුතු දියරමය දේවල් අලෙවි කිරීම් සම්බන්ධ කටයුතු වැගිරෙන දේවල් වලට ආයෝජනය කිරීම් වලින් බොහෝ ධන ශක්තිය වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධ කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලදී නම් තරමක් කල්පනාකාරී විය යුතුයි. ජිවිතයට අරුත්බර දවසක්.

ජය වර්ණය ලා කහ පැහැය                        ජය අංකය 09

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය : 0766 765 353


News Articles
Latest Videos
Most Popular Post