නවක ක්‍රීඩකයන් ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ අඩි පාරෙමද කියලා ඊයේ තරඟය බලපු හැමෝටම හිතෙන්න ඇති. ඒ පාකිස්ථානය එක්ක පැවැත්වුන පළවෙනි තරගයෙන් දැවැන්ත පරාජයක් ලබපු නිසා. නායකයෙක් සහ අලුත් කණ්ඩායමක් එක්ක තමයි ලංකාව ඊයේ තරඟයට සහභාගී වුනේ. කාසියේ වාසිය දිනා ගත්ත පාකිස්තාන නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න ලංකාවට අාරාධනා කරා.
ලංකාවේ පළවෙනි කඩුල්ල විදියට ඩිල්ෂාන් මුණවීර ලකුණු නොලබා දැවී ගියා. වේගයෙන් ලකුණු රැස් කරන්න හදපු දනුෂ්ක ගුණතිලක ලකුණු 18 කට දැවී ගියා. ඔහුගේ ඉනිමට 4 පහර 3 ක් අැතුලත් වුනා. සදීර ලකුණු 23 යි. දැවැන්ත 6 පහර 2 ක් සමඟ සීක්කුගේ ප්‍රසන්න ලකුණු 23 ක් ලබා ගත්තා. අශාන් ප්‍රියන්ජන් ලකුණු 12 යි. ලංකාවේ වෙන කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට වත් එන්න බැරි වුණා.
හසන් අලී කඩුලු 3 ක් දවා ගත්තා. උස්මාන් ඛාන් සහ හෆීස් කඩුලු 2 බැගින් ලබා ගත්තා. ඕවර් 18 යි පන්දු 3 කදී ලංකාවේ ඉනිම අවසන් කරන්න පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුනා. එ් ලංකාව ලකුණු 102 කට සීමා කරලා.
ලකුණු 103 ක ඉතා පහසු ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය ඕවර් 17 යි පන්දු 2 කදී ජයග්‍රහණය වාර්තා කලා. ෆාකර් සමාන් ලකුණු 6 කට දැවී ගියා. බාබර් අසාම් එක ලකුණකට දැවී ගියා. අහමඩ් ෂෙසාඩ් ලකුණු 22 යි. සුපිරි පිතිහරඹයක නිරත වුණ ෂොයිබ් මලික් නොදැවී ලකුණු 44 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් අැතුලත් වුනා. හතරේ පහර 3 ක් සමඟින් මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 25 යි. විකුම් සංජය පාකිස්තානයේ කඩුලු 2 ක් බිද හෙලුවා. සචිත් පතිරණ එක කඩුල්ලයි.
උස්මාන් ඛාන් තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා. තරඟාවලියේ තවත් තරඟ 2 ක් ඉතිරි වෙලා තියෙනවා. ජේෂ්ඨ ක්‍රීඩකයන්ට රැක ගන්න බැරිවුණ ලංකාවේ ගෞරවය නවක ක්‍රීඩකයින්ට අාරක්ෂා කර ගන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු.