News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

පාකිස්තාන සුරූපිණියට whatsapp පණිවුඩ යවමින් රටේ නම කැත කළ මාධ්‍යවේදියා මෙන්න.

2877 Views


පාකිස්තාන සුරූපිණියට whatsapp පණිවුඩ යවමින් රටේ නම කැත කළ මාධ්‍යවේදියා මෙන්න.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සංචාරයේ යෙදුනු ක්‍රිකට් බලධාරියෙකු විසින් පාකිස්තාන් ජාතික මාධ්‍යවේදීනියකට යවපු වට්සැප් පණිවුඩ ගැන පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇතිවුනා. මේ සිදුවීම නිසා ජාත්‍යන්තරය ඉදිරියේ රටේ නමට කලු පැල්ලමක් ඇති වුනා. ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් මේ සිද්ධියට සම්බන්දයි කියලයි සමාජ ජලා වල පැතිරුනේ. කොහොම වුනත් ක්‍රිකට් ආයතනය කිව්වේ මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ක්‍රිකට් ආයතනය නියෝජනය කල පුද්ගලයෙකු නෙවෙයි කියලා. මේ වෙද්දී ඔහු ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩා වෙබ් අඩවියක මාධ්‍යවේදියෙක් කියලයි හෙළිවෙලා තියෙන්නෙ.

ඔහු වෙබ් අඩවියේ කැමරාකරුවෙක් විදියට කටයුතු කරනවා. ඒ වගේම ඔහු මේ සංචාරයට එකතු වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින්. රාත්‍රිය තමන් සමඟ ගත කිරීමට තමාගේ කාමරයට පැමිණෙන ලෙසටයි ඔහු විසින් පාකිස්තාන මාධ්‍යවේදිනියට යවපු පණිවුඩ වල සඳහන් වෙන්නෙ. රටේ නම ලෝකය ඉස්සරහා කතා කරන මේ වගේ පුද්ගලයින්ට එරෙහිව තදින්ම නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියලයි ජනතාව කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post