පාකිස්ථානය එක්ක තියෙන T20 තරඟාවලියට ලංකාවේ ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ සහභාගී වෙන්නේ නෑ. එකට හේතුව ඔවුන් ලාහෝර් නුවර තියෙන තරඟයට යන්න අකමැති වුන එක. ඒ නිසා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු නවකයින් කණ්ඩායමක් තමයි T20 තරඟාවලියට යන්නෙ.
ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපිට දැනගන්න ලැබුනේ තාමත් ක්‍රිකට් ක්‍රීඩා කරන ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයින් දෙන්නෙක්ට ලහූර් යන්න එන්න කියලා ක්‍රිකට් පරිපාලයෙන් අරාධනා කරලා තියෙනවා. ඒ තරඟයට ක්‍රීඩා කරන්න නෙවෙයි තරඟය බලන්න. “මැච් එකට සෙල්ලම් නොකරට කමක් නෑ. ක්‍රීඩාංගණයට ඇවිත් පේන්න ඉන්න.” කියලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම බලධාරියෙක් ඒ ක්‍රීඩකයින්ට කියලා තියෙන්නේ. හැබැයි ඒ ක්‍රීඩකයින් ලාහෝර් තරඟයට යනවද නැද්ද කියලා නම් තාම කියලා නෑ.