News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

“උණ්ඩය වැදුනෙ මගේ පපුවට, ලේ වීසී වුනා. මං හිතුවේ මැරුණා තමයි කියලා” – අමිහිරි ලාහෝර් මතකය ගන තරංග කියයි.

2669 Views


“උණ්ඩය වැදුනෙ මගේ පපුවට, ලේ වීසී වුනා. මං හිතුවේ මැරුණා තමයි කියලා” – අමිහිරි ලාහෝර් මතකය ගන තරංග කියයි.

2009 කියන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම දවස. ඒ ඉතිහාසයේ පලවෙනි වතාවට ක්‍රිකට් කණ්ඩායමකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. පාකිස්තානයේ ලාහෝර් නුවර, ගඩාෆි ක්‍රීඩාංගනය අසලදී තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නෙ. ඒ වෙන කාටවත් නෙවෙයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට. ඒ ප්‍රහාරයෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට වෙඩි වැදුනා. තරංග පරණවිතාන කියන්නේ ඒ අතරින් එක ක්‍රීඩකයෙක්. අවුරුදු 8 කට පස්සේ ඔහු ඒ අමහිරි අත්දැකීම ගැන කරා.

තමන්ගේ මංගල ටෙස්ට් තරගාවලිය සඳහා තමයි තරංග 2009 වසරේ දී පාකිස්තානයට යන්නෙ. හැබැයි තරංග ආයේ ලංකාවට එන්න වුනේ වෙඩි වැදුණු ක්‍රීඩකයෙක් විදියට. ඒ මාර්තු 3 වැනිදා ශ්‍රී ලංකා පාකිස්තාන දෙවෙනි ටෙස්ට් තරගයේ තෙවෙනි දිනයට ලාහෝර් ක්‍රීඩාංගනයට යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා.

ඒ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරක්ෂාව ලබාදෙමින් ගමන් කරපු පොලිස් නිලධාරීන් 6 දෙනකු මිය ගියා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 6 දෙනෙකු තුවාල ලැබුවා. තිලාන් සමරවීරට හා තරංග පරණවිතානට 5තමයි බරපතළ තුවාල සිද්ධ වුනේ.
“බුලට් එකක් වැදුනා පපුවට. වැදුන ගමන් මම පිට අල්ලලා බැලුවා පිටවුනාද කියලා, පපුවේ හැමතැනම ලේ ගලනවා” තරංග පරණවිතාන තමන්ට එදා එල්ල වුන වෙඩි ප්‍රහාරය ගැන වසර 8කට පසු විස්තර කළේය එහෙමයි.

“හැමෝම හිතුවේ මම මැරෙයි කියලා, ලේ දැකල. වාසනාවකට උණ්ඩය පිටින් ගිහිල්ල තිබුණේ නැහැ. එතකොටම වාස් අඅයියයි, ඩිල්ෂාන් අයියයි කෑ ගැහුව බස් රියදුරුට. go, go (යන්න, යන්න ) කියලා. බස් එක ගියා. තව ටික වෙලාවක් හිටියනම් කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ. ඒක චිත්‍රපටයක් වගේ, අපේ දැක්කේ වටෙන්වෙඩි තියනවා, බෝම්බ පුපුරනවා, ටික වෙලාවක් ගිහිල්ල උණ්ඩ ඇතුළට එනකොට තමයි තේරුණේ මේක අපිට එල්ල කරන්නේ කියලා” තරංග පරණවිතාන තමන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණදුන් ත්‍රාසජනක අත්දැකීම හෙළි කළේ ඒ විදියට. මේ ප්‍රහාරය සහ එකේ කම්පනය තම ජිවිත කාලයටම අමතක වෙන්නේ නෑ කියලයි ඔහු කිව්වේ.

ලාහෝර් ප්‍රහාරයෙන් වසර 8කට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයට පය තබන්නේ ලබන 29 වෙනිදා. ඒ ශ්‍රී ලංකා පාකිස්තාන 3 වෙනි විස්සයි විස්ස තරගය සඳහා. හැබැයි ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඒ සංචාරය සඳහා සහභාගී වෙන්නේ නෑ. ඒ නිසා නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් තමයි පාකිස්තානයට යන්නේ. ප්‍රහාරයට ලක් වූ ක්‍රීඩකයක් විදියට ආයෙත් පාකිස්තානයට සංචාරය කරන්න සුදානම්ද කියලා ඇහුවා. එතකොට තරංග පරණවිතාන කිව්වේ “ඒකට එකපාරම මට උත්තරයක් දෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ ” කියලා. ශ්‍රී ලංකාවට උදව් කරපු රටක් විදියට ආරක්ෂාව ගැන සම්පුර්ණ සහතිකයක් ලැබුනොත් පාකිස්තානයේ ක්‍රීඩා කරන්න ඕන කියලා හැඟීමක් තියෙනවා කියලා ඔහු වැඩි දුරටත් කිව්වා.


News Articles
Latest Videos
Most Popular Post