News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

අතට ගත්ත දේ කටට දා ගන්න ලංකාවට බැරි වෙයි. ලංකාව ඉහළට ඔසවපු දනුෂ්කම ජයග්‍රහණය අතහරී.

2638 Views


අතට ගත්ත දේ කටට දා ගන්න ලංකාවට බැරි වෙයි. ලංකාව ඉහළට ඔසවපු දනුෂ්කම ජයග්‍රහණය අතහරී.

තියුණු තරඟයකින් පස්සේ දෙවෙනි T20 තරඟයත් පරාජය වෙන්න ලංකාවට සිද්ධ වුනා. එ් පිට පිටම පරාජය වුණ 15 වන සීමිත ඕවර (ODI & T20) තරඟය විදියට. කොහොම වුනත් ජයග්‍රහණය පෙනි පෙනී ලංකාව තරඟය අතහැර ගත්තා. එත් එක්කම T20 තරඟාවලියේ ජයග්‍රහණයත් වාර්තා කරන්න පාකිස්තානය සමත් වුනා.

මෙවරත් කාසියේ වාසිය දිනා ගත්තේ පාකිස්තාන නායකයා. ඔහු මුලින්ම ලකුණු රැස් කරන්න ලංකාවට අාරාධනා කරා. ලංකාවේ අාරමභක පිතිකරුවන් ස්ථාවර අාරම්භයක් ලබා දුන්නා. එ් වුනත් එ් ස්ථාවරත්වය තරඟයේ ජයග්‍රහණය දක්වා අරගෙන යන්න මැද පෙළ පිතිකරුවන්ට බැරි වුනා. ලංකාව මුළු ලකුණු 42 ක් වෙද්දී පලවෙනි කඩුල්ල විදියට මුණවීර දැවී ගියා. එ් ලකුණු 19 කට. දෙවෙනි කඩුල්ලට ශක්තිමත් ලකුණු 63 ක සබදතාවක් ගොඩ නගන්න දනුෂ්ක සහ සදීර සමත්වුනා. මංගල T20 අර්ධ ශතකය රැස් කල දනුෂ්ක ලකුණු 51 යි. එ් 4 පහර 4 ක් සහ එක 6 පහරක් සමඟ. සදීර ලකුණු 32 යි. ලංකාවේ ඉතිරි කඩුලු 6 ම ලකුණු 13 ක් තුලදී බිඳවැටුණා. ඔවුන් කාටවත් ලකුණු 5 සීමාවටවත් එන්න බැරිවුණා.

පාකිස්තාන T20 ඉතිහාසයේ පළවෙනි කඩුලු ත්‍රිත්වය ලබා ගන්න ෆහීම් අෂ්රෆ් සමත් වුනා. හසන් අලී කඩුලු 2 යි. ෂදාබ් එක කඩුල්ලයි. ලංකාවේ මුල් කඩුලු 4 න් 3 ක්ම දුවද්දී දැවී යාම් වීම විශේෂත්වයක්.

ලකුණු 124 ක පහසු ඉලක්කයක් හඹා යන්න පාකිස්තානය පිටියට අාවා. එ් වුනත් ලංකාවේ පන්දු යවන්නන් ලේසියෙන් එ් ඉලක්කය ලබා ගන්න ඉඩ දුන්නේ නෑ. අහමඩ් ෂෙසාඩ් ලකුණු 27 යි. නායක සර්ෆ්‍රාස් ලකුණු 28 යි. හෆීස් ලකුණු 14 යි. තරඟයේ අවසන් පන්දු වාරයේදී පාකිස්තානයට ලකුණු 12 ක් අවශ්‍ය වුනා. නමුත් අවසන් පන්දුවාරයේ පලවෙනි පන්දුවෙන්ම ෆහීම් දැවී ගියා. 3 වන පන්දුවේදී දනුෂ්කට ලබා දුන්න උඩ පන්දුව ඔහු අතහැරියා. එ්ත් එකක්ම තරඟයත් අතහරින්න ලංකාවට සිද්ධ වුනා. එක් පන්දුවක් විතරක් ඉතුරු වෙද්දී තරඟය ජය ගන්න පාකිස්තානයට පුළුවන් වුනා.

සුපිරි පන්දු යැවීමක නිරත වුන නායක තිසර කඩුලු 3 ක් දවා ගත්තා. විශ්ව, ඉසුරු සහ සචිත් එක කඩුල්ල බැගින් ලබා ගත්තා. තරඟයේ වීරයා ෂදාබ් ඛාන්. කොහොම වුනත් කලින් තරඟයට වඩා දක්ෂතා පෙන්නන් ශ්‍රී ලංකාවට පුළුවන් වුනා. ලංකාවේ ක්‍රීඩකයින් කලින් වැරදි හදාගෙන ඉස්සරහට අැවිත් තියෙනවා කියලයි ක්‍රීඩා විචාරකයින් කිව්වේ. කොහොම වුනත් ලංකාවට තව එක අවස්ථාවක් තියෙනවා. එ් ලාහෝර් නුවර පැවැත්වෙන අවසන් T20 තරඟය. අපි බලමු අවුරුදු 8 කට කලින් ලංකාවට කරපු දේ පළිය පිත්තෙන් අරගන්න ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට පුළුවන් වෙයිද කියලා.

 


News Articles
Latest Videos
Most Popular Post