News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

කමාන්ඩෝ සෙබළු, ගුවන් හමුදාවේ අාරක්ෂාව එක්ක හෙට තරඟයට ලංකාවේ ක්‍රිකට් කණ්ඩාමට දෙන අාරක්ෂාව මෙන්න.

3115 Views


කමාන්ඩෝ සෙබළු, ගුවන් හමුදාවේ අාරක්ෂාව එක්ක හෙට තරඟයට ලංකාවේ ක්‍රිකට් කණ්ඩාමට දෙන අාරක්ෂාව මෙන්න.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම සිදුවීම තමයි 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වුන ත්‍රස්ත ප්‍රහාරය. පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනය අසලදී තමයි ලංකාවට මේ ප්‍රහාරය එල්ල වුනේ. එදා ලංකාවේ කණ්ඩායම ගමන් ගත්ත බස් රථයේ රියදුරු නිසා කිසිම ජීවිත හානියක් නොවී ලංකාවේ කණ්ඩායම දිවි ගලවා ගත්තා. එ් වුනත් අපේ ක්‍රීඩකයින් 6 දෙනෙන්ට වෙඩි වැදිලා තුවාල වුනා.

එ් සිද්දිය වෙලා වසර 8 කට පස්සේ ලංකාව අායෙත් පාකිස්තානයේ සංචාරයකට එක් වෙනවා. එ් විස්සයි විස්ස තරඟයක් සදහා. ලංකාවට ත්‍රස්ත ප්‍රහාැය එල්ල වුන ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේම තමයි මේ තරඟය පවත්වන්නේත්. හැබැයි මේ තරඟයට සහභාගී වෙන්න බෑ කියලා ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයින් රැසක්ම කිව්වා. එ් නිසා නවක ක්‍රීඩකයින්ගේ කණ්ඩායමක් තමයි ලාහෝර් කරඟයට යන්නේ.

කොහොම වුනත් මේ තරඟයට සුවිශේෂි අාරක්ෂාවක් ලබා දීලා තියෙනවා කියලා ලාහෝර් වලින් අපිට අාරංචි වුනා. තරඟයට කලින් ලාහොර් වල අාරක්ෂාව හොදයි කියලා ICC යෙන් වාර්තාවක් ලබා දුන්නා. එ් වගේම ලංකාවේ ක්‍රිකට් සභාපතිවරයාත් වෙනමම වාර්තාවක් ලබා ගත්තා. ලංකාවේ යුධ විශේෂඥයින් යවලා ක්‍රීඩා අැමතිතුමත් අාරක්ෂාව ගැන හොයලා බලලා තිබ්බා. පාකිස්තාන රජයත් මේ තරඟය වෙනුවෙන් අති විශාල අාරක්ෂාවක් ලබා දීලා තියෙනවා. මේ වෙද්දිත් ගඩාෆි ක්‍රීඩාංගනය අවට සෝදීසි මුර සංචාර ක්‍රියාත්මක කරනවා. ලංකාවේ අාරක්ෂාවට පාකිස්තාන කමාන්ඩෝ සෙබළුන් යොදවා තියෙනවා. පකිස්තානයේ SSG කොමාන්ඩෝ සෙබළුන් හදුන්වන්නේ ලෝකයේ ප්‍රබලම හමුදා කණ්ඩායමක් විදියට. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩාංගනයට රැගෙන එද්දී පාකිස්තාන ගුවන් හමුදාවෙන් විශේෂ අාරක්ෂාවක් ගුවනින් ලබා දෙනවා.

පාකිස්තානය වෙන කිසිම අවස්ථාවක නොකරපු අාරක්ෂක සැලැස්මක් මේ තරඟය වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා. මොකද එකම වැරැද්ද දෙපාරක්ම පාකිස්තානය අතින් වුනොත් පාකිස්තානයේ ක්‍රිකට් වල අනාගතයේ අවසානයම එ්ක වෙනවා. එ් වගේ පාකිස්තානය ලෝකය ඉදිරියේ වැරදිකරුවෙක් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post