News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

අද ලග්න දෙකකට ධන ලාභ. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1687 Views


අද ලග්න දෙකකට ධන ලාභ. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 29 ඉරිදා

රාහු කාලය පෙ.ව 04.21 සිට 05.51

සුභ දිශාව දකුණ

මරු සිටින දිශාව උතුර

 

 

මේෂ ලග්නය

අලුත් අදහස් අලුත් දේ නිර්මාණ කිරීමට ඒ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීමට ඔබට හැකියාවක් පවතින අතර මංගල ප්‍රශ්න වලට යොමු වීම එවැනි දේ සාර්ථක කර ගැනීම සියලු දෙනාගේම ආශිර්වාදය ලැබීම හෝ මංගල උත්සව ආදියට සම්බන්ධ වෙලා කටයුතු කිරීමටද සුභයි. අන් අයගේ තීරණ වලට ගරු කිරීමක් හෝ තමාගේ තීරණ වලට අවනත කර ගැනීමට ඔබට හැකියාවක් පවතිනවා. යහපත් දේ දැකීමට කිරීමට අවකාශ තිබීම නිසා ඔබට අද දිනය තුලදී සියලු දේ පහසුකම් සැලසෙනවා.

ජය වර්ණය කහ පැහැය                 ජය අංකය 02

වෘෂභ ලග්නය

උත්සාහය උනන්දුව ක්‍රියාශීලිබව ඇතිව වැඩ කරනවා. අන් අයගේ බාහිර කරදර ඔබ මතට පැටවීම නිසා චිත්ත පිඩා ඇති වෙනවා. විශේෂයෙන් තාක්ෂණ අධ්‍යාපනය හෝ අලුත් අධ්‍යාපනයක් පටන් ගැනීමට නියමිත අයට සුභවාදී වෙනවා. උසස් යැයි සම්මත අය ගෙදරට පැමිණෙන අතර ඔවුන්ගේ හැකියාවන් ඔබට ඇතිකර ගැනීමට උත්සහවන්ත වන්නාවූ දිනයක්. අලුත් යමක් මිලදී ගන්න අලුත් වැඩ කිරීමට සුභදායකයි. හවස් යාමයේ තරමක් සිත් තැවුල් කලකිරීම් මතුවිය හැකියි. ඊර්ෂියාකාරයින් නිසා වන්නාවූ යටි කුට්ටු උපක්‍රම වලින් හැකිතාක් ප්‍රවේසම් විය යුතුයි. මානසික ප්‍රශ්න පවා ඇති වෙනවා.

ජය වර්ණය සුදු පැහැය                  ජය අංකය 02

 

මිථුන ලග්නය

අලුත් අදහස් අලුත් දේ ක්‍රියාත්මක කිරීම් තුලින් නව නිර්මාණ වලට දායක වීම තුලින් ඔබට හැකියාව ඇතිකර ගැනීමට උත්සාහය වැඩි දියුණු කර ගැනීමට හැකියාවක් තියෙනවා. බොහෝ දෙනාගේ හිතවත් බවක් ඇතිවෙන අතර ඔබ මතට අනුන්ගේ ප්‍රශ්න මැඩ පැවැත්වීමට හෝ කරදරකාරී අන්දමින් පතිත විය හැකියි. එබැවින් කල්පනාකාරී විය යුතුයි. අන් අයගේ ප්‍රශ්න තමා වෙතට ගෙන නොඒමට වගබලා ගන්න. ඥාතීන්ගෙන් හෝ දරුවන්ගෙන් ගැටළු සහගත තත්වයක් ඇතිවන නිසා ඔවුන් හා වාදභේද කිරීමෙන් වැලකි සිටින්න.

ජය වර්ණය තද නිල් පැහැය                      ජය අංකය 05

කටක ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වෙනස් මගකට යොමු කිරීමක් හෝ අලුත් රැකියාවක් පටන් ගැනීමට අලුත් ව්‍යාපාරයක් පටන් ගැනීමට ඔබට සිත දෙනවා. ඔබ බුද්ධිමත් වුනොත් ඒවා ඉදිරියට කරගෙන යාමේ හැකියාව තිබෙන අතර සතුරු කරදර වැඩි දිනයක්. විශේෂයෙන් පාද ආශ්‍රිත රෝග උෂ්ණ රෝග දියවැඩියා රෝග වැනි රෝගාබාධ ඇති අය ප්‍රවේසම් වන්න. ඖෂධ මාත්‍රාවට ගැනීමට වගබලා ගන්න. ඒවා විසවිය හැකියි. ජල පිඩා ඇතිවිය හැකියි. මාර්ග බාධක ඇතිවිය හැකියි. දුරබැහැර ගමන් බිමන් යන්නන් විශේෂයෙන් කල්පනාකාරී විය යුතුයි. අනවශ්‍ය පැටලිලි වලට සිත යොමු වුනොත් ඔබගේ තත්වය බලයද දියාරු වෙමින් කලකිරීම් තුලින් දවස ගෙවීමට සිදු වේවි. බුද්ධිමත් වීම වඩා වැදගත්.

ජය වර්ණය සුදු පැහැය                 ජය අංකය 02

 

සිංහ ලග්නය

කරගෙන ආ වැඩ කටයුතු වෙනස් කිරීමක් හෝ වැඩි දියුණු කිරීමට ඔබට හැකියාවක් පවතිනවා. පවුලේ සමගිය තුලින් කරගෙන යාන්නාවූ ව්‍යාපාරික රැකියා කටයුතු සාර්ථක වීමත් තම දරුවන් භාර්යාව ස්වාමියා එකමුතු වී කරන වැඩ කටයුතු තුලින් ඔබට ශක්තියක් බලයක් ඇති කිරීමටත් ඔවුන්ගේ ආදරය කරුණාව වැඩියෙන් ලැබීමටත් අද දිනය තුලදී හැකි වෙනවා. සහයෝගයෙන් වැඩ කටයුතු කර ඉදිරියට යාම තුලින් ඔබගේ ආර්ථික තත්වයද ස්ථාවර විය හැකියි. ඒවා දෙස බලන ඇතැම් ඥාතීන් හිතවතුන්ගෙන් ගැටළු පැන නැගීමට ඉඩ තිබෙන නිසා ඒවා ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. රටින් පිට වීම් විදේශ සංචාරයකට සුභවාදී වන ගතියක් මතුවන අතර අලුත් අදහසකට ඔබගේ දවස ශක්තිමත් වේවි.

ජය වර්ණය රන්වන් කහ පැහැය                ජය අංකය 03

කන්‍යා ලග්නය

නීති ප්‍රශ්න ආදිය ඇත්නම් එයින් ජය ගැනීමට හැකියාවක් තියෙනවා. දරුවෙකුගේ ප්‍රශ්නයක් හෝ දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තකට වැඩියෙන් දායක වීමද දරුවෙක් නිසා පුංචි සිත් තැවුලක් ඇති වීමද වෙනවා. විශේෂයෙන් අලංකාරය සදහා යම් යම් දේ මිලදී ගන්න ගමන් බිමන් යන්න සුභවාදී ගතියක් ඇතිවන අතර ගේ දොර වාසස්ථාන පිළිබද සුළු සුළු ප්‍රශ්න ඇති වීමට ඉඩ තිබෙන දිනයක්. අන්‍යන්ගේ කටයුතු මනා කොට ඉටු කිරීමට ගොස් ඔබගේ කටයුතු අයහපත් අන්දමින් ඈතට දිව යාමට ඉඩ තිබෙන දිනයක්.

ජය වර්ණය තද කොළ පැහැය                   ජය අංකය 07

තුලා ලග්නය

උත්සාහය උනන්දුව ක්‍රියාශීලිබව ඇතත් යම් යම් දේ මතවාද ගොඩ නැගීමට ඉඩ තිබෙන නිසා ඔබ අන්‍යන් කෙරෙහි කැපවීම් දායකවීම් හෝ කතා කිරීමෙන් තරමක් දුරට කල්පනාකාරී විය යුතුයි. අන් සතු දේකට හිමිකම් කීමට හෝ පොළොවෙන් ලබන වස්තුන්ට සුභවාදී නිසා අමතර ප්‍රතිලාභ ලැබෙනවා. අසල්වැසියන් සමග හෝ තමන්ගේ ඥාතීන් සමග සුළු සුළු ප්‍රශ්න ගැටළු මතු වීමට ඉඩ තිබෙන නිසා කල්පනාකාරී වෙන්න. පුණ්‍යකාමී සිතුවිලි ඇති වේවි. උත්සාහයෙන් උනන්දුවෙන් ක්‍රියා කිරීම තුලින් ඔබට ජයග්‍රහණ කිහිපයක් ලබා ගත හැකියි. අධ්‍යාපනයේ නව නැම්මක් නව අධ්‍යාපන ස්ථාන සොයන්නන්ට අද යහපත්. අලුත් අදහස් මතු වෙනවා.

ජය වර්ණය රෝස පැහැය                         ජය අංකය 07

 

වෘශ්චික ලග්නය

 

උත්සාහය උනන්දුව ක්‍රියාශීලිබව ඇතත් තරමක් අන්‍යන්ගේ ප්‍රශ්න නිසා මන්දගාමී වන බවක්ද කරගෙන ආ වැඩ කටයුතු වෙනස් මගකට යොමු කිරීමක් අද දිනය තුලදී යොමු වෙනවා. තමන්ගේ යානවාහන ඒ වගේම ස්ථාන ලාභ සම්බන්ධයෙන් වැඩිපුර දායකත්වයක් ලැබීමට හෝ මිලදී ගැනීමට විකුණා ගැනීමට ඔබට සම්බන්ධ වීමට හැකිවන අතර එයින් අතමිට සරු වෙනවා. කරගෙන ආ දෛනික වැඩ කටයුතු වෙනස් කිරීමක් හෝ වෙනස් මගකට යොමු කිරීමක් තුලින් ඔබට තරමක් අලස ගති බාධා කිරීමක් ඇතිවන නිසා කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම දුර බැහැර ගමන් බිමන් රටින් පිට වීම් ආදී කටයුතු සැලකිල්ලකින් යුතුව කිරීමට සිදු වෙනවා.

ජය වර්ණය කහ පැහැය                 ජය අංකය 05

ධනු ලග්නය

උත්සාහයෙන් කරන කටයුත්තකින් ලැබීම හා යහපත ඇති කර ගන්නවා. ඒ වගේම අන්‍යන් පිලිබදව ගැටළු සහගත බවක් උසුලන නිසා වරින් වර චිත්ත පිඩා කලකිරීම් ඇති වෙනවා. වියදම් පාර්ශවය පිලිබදව සැලකිලිමත් වන්න. බාහිර කරදර ඔබ මත පැටවීමට ඉඩ ඇති නිසා අන්‍යන් හා කරන කටයුතු වලදී සැලකිලිමත් වන්න. කරන්නට යන නිර්මාණයක් හෝ ප්‍රදර්ශනාත්මක දේ සම්බන්ධයෙන් වැඩිපුර අවධානයක් යොමු කරනවා. දේශපාලනික සම්බන්ධ අයට අද දිනය මහජනතාව හිතවතුන් හිතවතියන් මුණ ගැසීමට යහපත් දිනයක්. ඔබ ඔවුන් හා සහයෝගයෙන් කරන කටයුතු සාර්ථක වෙනවා.

ජය වර්ණය රන්වන්පැහැය                       ජය අංකය 05

 

මකර ලග්නය

බාහිර බලපෑම් මත කරන කටයුතු වලදී සුළු සුළු වශයෙන් බාධාවීම් නිසා ප්‍රශ්න ගැටළු මතු වේවි. අලුත් අදහස් ඇති වේවි. කරගෙන යන්නාවූ වැඩ කටයුතු ඉදිරියට යාමක් හෝ ගත්තා වූ ණය තුරුස් වලින් නිදහස් වීමක් හෝ ධනලාභ මිල මුදල් වැඩිපුර කටයුතු කිරීමක් සිත දෙන්නාවූ දිනයක්. දරුවෙකු වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමක් හෝ දරුවෙකුගේ කටයුතු සාර්ථක වීමක් ඇති වෙනවා. නව අදහස් මතු වෙන අතර නවතාවයකින් යුතුව සියලු දේ පටන් ගැනීමට හැකියාවක් තියෙනවා.

ජය වර්ණය නිල්පැහැය                ජය අංකය 05

කුම්භ ලග්නය

අලුත් අදහස් මත කරගෙන යන්නාවූ කටයුතු ඉදියට යනවා. අනවශ්‍ය පටලීම් අනවශ්‍ය කෙනෙක් ඔබගේ ලගට පැමිණීම නිසා චිත්ත පිඩා අවනම්බුවක් කලකිරීම් ඇති වීමට හේතු සාධක ඇති වෙමින් කටයුතු කිරීමෙන් ප්‍රවේසම් වෙන්න. විරුද්ධ ලිංගිකයන් ගෙන් ප්‍රවේසම් විය යුතුයි. අනවශ්‍ය පැටලිලි වලින් තරමක් දුරට කල්පනාකාරී වෙන්න. නින්දා අපහාස චිත්ත පිඩා මතු වේවි. දරුවෙක් වෙනුවෙන් වැඩිපුර කාලය ශ්‍රමය වැය කිරීමට සිදුවෙන නිසා ඔවුන්ගේ කටයුතු සාර්ථක වෙනවා.

ජය වර්ණයසුදුපැහැය                  ජය අංකය 02

මීන ලග්නය

මෙතෙක් කරගෙන ආ කටයුතු වල දියුණුවක් ඇති කර ගැනීමටද හැකියාවක් පවතින අතර ඥාතීන් හිතවතුන් ගෙදරට පැමිණීමක් හෝ සියලු දෙනා එකමුතුව කරන කටයුතු කර ගැනීමට සාර්ථක වෙනවා. නව අදහස් මත ක්‍රියාත්මක වන කරුණු කාරනා කීපයක් ඉටු කර ගැනීමට ඔබ හැකියාවක් තිබෙන නිසා අලුත් අදහස් මතු වේවි. අධ්‍යාපනය ලබන ස්ථාන වෙනස් කිරීමක් හෝ වැඩි දියුණු කිරීමට ඉඩ තියෙනවා.

ජය වර්ණයරන්වන් කහපැහැය                 ජය අංකය 02

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය : 0766 765 353


News Articles
Latest Videos
Most Popular Post