News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

ගඩාෆි පිටියේ තුරුම්පු අාසියා ලංකාවට. වසර 8 ක පළිය ලංකාව අද අර ගනිවීද?

2218 Views


ගඩාෆි පිටියේ තුරුම්පු අාසියා ලංකාවට. වසර 8 ක පළිය ලංකාව අද අර ගනිවීද?

වසර 8 කට පෙර අදුරු මතකයත් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පාකිස්තානයට අාවා. එ් පාකිස්තානය එක්ක තියෙන අන්තිම T20 තරඟයට. අවුරුදු 8 කට පස්සේ පාකිස්තානයේ සංචාරයකට එක්වෙන ප්‍රධානම ක්‍රිකට් කණ්ඩායම ලංකාව විදියට ඉතිහාසගත වෙනවා. කොහොම වුනත් අද තරඟයට ලංකාවේ පුහුණුකරු සහ භෞතචිකිත්සක සහභාගී වෙන්නෙ නෑ.

කොහොම වුනත් අද තරඟය රටවල් දෙකටම තීරණාත්මකයි. මොකද වසර 8 කට පස්සේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායමක් එක්ක පාකිස්තානයේ පවත්වන මේ තරඟය දිනන එක පාකිස්තානුවන්ට අනිවාර්ය දෙයක්. එ් අද තමයි පාකිස්තානයේ ක්‍රිකට් වල දෙවෙනි උප්පත්තිය සිද්ධ වෙන්නෙ. එ් වගේම අවුරුදු 8 කට කලින් එල්ල වුන ප්‍රහාරයට හොඳ ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න ලංකාවට ලැබුණ අවස්ථාවක් මේක.

තිසර පෙරේරා තමයි අද තරඟයේදී කණ්ඩායම මෙහෙය වන්නේ. අද තරඟයට නායකත්වය දෙන්න ඔහු තරම් සුදුස්සෙක් නෑ. මොකද ගඩාෆි ක්‍රීඩාංගණයේ T20 අත්දැකීම් බහුලම විදේශීය ක්‍රීඩකයා ඔහු. ගඩාෆි ක්‍රීඩාංගණයේදී මීට කලින් T20 තරඟ 5 ක් පවත්වලා තියෙනවා. හැබැයි ලංකාව නම් ගඩාෆි පිටියේදී T20 තරඟ වලට සහභාගී වෙලා නෑ. මීට කලින් පවත්වපු තරඟ 5 න් 3 ක්ම පාකිස්තානය ජයග්‍රහණය කරා.

පිතිකරුවන්ට වාසිදායක තණතිල්ලක් තමයි ගඩාෆි පිටියේ තියෙන්නේ. හොඳ තරඟයක් දෙන්න නම් අඩුම තරමේ ලකුණු 150 ක් වත් ලබා ගන්න ඕන. එ් වගේම දෙවෙනියට ලකුණු හඹාගෙන යන කණ්ඩායමට වැඩි වාසියක් ගඩාෆි ක්‍රීඩාංගණයේදී තියෙනවා. හැබැයි ගඩාෆි පිටියේ තුරුම්පු අාසියෙ ඉන්නේ ලංකාවේ. එ් තිසර පෙරේරා. පාකිස්තාන ක්‍රීඩකයෙක්වත් ගඩාෆි ක්‍රීඩාංගණයේදී තිසර තරම් තුන්ඉරියව් දසකම් පෙන්නලා නෑ. එ් නිසා ලංකාවට අද තරඟය දිනන්න හොඳ අවස්ථාවක් තියෙනවා. තිසර තමාගේ අත්දැකීම් අනුව කණ්ඩායම මෙහෙය වනවා නම් ජයග්‍රහණය වැඩි අෑතක නෑ.

කොහොම වුනත් අද තරඟය නම් ගොඩක් උණුසුම් තරඟයක් වෙනවට කිසිම සැකයක් නෑ. ලංකාව පළවෙනි තරඟ 2 පැරදුනාට හොද වර්ධනයක් අත් කරගෙන තියෙනවා. එ් නිසා පාකිස්තානයටත් ලේසි වෙන එකක් නෑ.


News Articles
Latest Videos
Most Popular Post