News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

ගහන්න කලින් අපි ගහනවා – උතුරු කොරියාව කියයි…

730 Views


ගහන්න කලින් අපි ගහනවා – උතුරු කොරියාව කියයි…

ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර මේ දවස්වල සීතල යුද්දයක් තියෙනවානේ. කොයි වෙලේ මේ අළු යට ගිනි ඇවිලෙයිද කියලා තමයි මුළු ලෝකෙම බලන් ඉන්නෙ. ඊයේ ට්‍රම්ප් කියලා තිබ්බා ” හෙට රෑට වුණත් පහර දෙන්න අපි සූදානම් ” කියලා. ඒකට උතුරු කොරියාව ප්‍රතිචාර දක්වලා තිබුණා.
උතුරු කොරියානු රජය නිවේදනයක් නිකුත් කරමින් කිව්වෙ ඇමෙරිකාවේ ගුවාම් දුපතට මේ මාසෙ මැද වෙද්දි දිගු දුර රොකට් මිසයිල ප්‍රහාර 4 ක් එල්ල කරන්න සැලසුම් කරනව කියලා. තමන්ගේ රටට සම්බාධක පැනවීමට මුල් වීම හේතුවෙන් ඇමෙරිකාවට වන්දි ගෙවන්න වෙනවා කියලත් ඔවුන් තර්ජනය කරනවා.
ඒ වුනාට ඇමෙරිකාව නම් කියන්නෙ රටට සහ රටේ ජනතාවට විනාශය ලගා වෙන වැඩ කරන්න එපා කියලයි. ඇමෙරිකාව එක්ක සහ මිත්‍ර රටවල් එක්ක හැප්පෙන්න තරම් ශක්තියක් උතුරු කොරියාවට නෑ කියලා ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් කියනවා.
හැබැයි ඇමෙරිකාව මොන සද්දේ දැම්මත් තමන් න්‍යෂ්ටික අවි අත්හදා බලන එක නවත්තන්නෙ නෑ කියලයි උතුරු කොරියාව කියන්නේ.
දැන් කාලෙක ඉදන් මේ දෙගොල්ලො තර්ජනය කර ගත්තට මේ වෙනකන් වෙච්ච දෙයක් නම් නෑ. හැබැයි ඉතිං ට්‍රම්ප් සහ කිම් ජෝන්-උන් දෙන්නම කුකුළ් කේන්තිකාරයෝ නිසා කොයි වෙලේක හරි 3 වන ලෝක යුද්දෙ පටන් ගන්න බැරි කමකුත් නෑ.

මේ අද උදෑසන ඩොනල් ට්‍රම්ප්ගේ ප්‍රකාශ ගැන අප ගෙන ආ වාර්තාව…

http://24.siyathafm.lk/war-usa-donald-trump/


News Articles
Latest Videos
Most Popular Post